(ක‍්‍රිස්ටෝපර් සීපියන්)
සිවුවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවෙක්, දිනක් පියා සම`ගින් නගරයට ගියේය. කුඹුරක සිටිනා පඹයකු දුටු ඔහු ”අප්පච්චි ආන්න පඹයෙක්” යැයි පවසා ”අප්පච්චි පඹයාට ඉංග‍්‍රීසියෙන් කියන්නේ මොකක්දැයි” විමසීය. පියා නිරුත්තර විය. පියා ඉගෙනගත් පාසලේ ඉංග‍්‍රීසි ඉගැන්නුවත් ඉංග‍්‍රීසි භාෂාවට ඔහුගේ ආශාවක් නොතිබූ නිසා ඔහු කළේ මිතුරන් සම`ග ඉංග‍්‍රීසි පංතිය මග හැරීමය. එනිසා ඔහුට ඉංග‍්‍රීසි ඉගෙනීමට නොහැකි විය. පුතා නැවතත් පැනය විමසීය. ”පඹයට කියන නම මතක නැහැ පුතේ පස්සේ කියන්නම්” පියා පැවසීය. නගරයට ගොස් ආපසු එන විටදී පඹයා දුටු පුතා, ”අප්පච්චි නම මතක් වුණාදැයි” විමසූවිට ”තවම මතක් වුණේ නැහැ පුතේ” හෙතෙම පැවසීය. නිවෙසට පැමිණි පියා තමා හඳුනන සිංහල උගන්වන ගුරුවරයෙක් හමුවී, ”සර් පඹයාට ඉංග‍්‍රීසියෙන් කියන්නේ මොකක්දැයි” විමසීය. ”ඒකනම් මට හරියට මතක නැහැ. සිංහල ඉංග‍්‍රීසි ඩික්ෂනරිය යාළුවෙක් ගෙනියලා” ඔහු පැවසීය. තවත් ගුරුවරයකුට දුරකථනයෙන් ඇමතූ විට ඔහු පැවසුවේ ”ඔය වගේ පොඩි වචන මතක් වෙන්නේ නැහැ.” යනුවෙනි. අවසානයේදී පාරේ ගමන් කළ ළමයකු දුටු පියා ”පුතා කීවෙනි පන්තියේදැයි” ඇසීය. ”මාමේ මම හත්වැනි පංතියේ” ළමයා පැවසීය. ”ස්කෝලේ ඉංග‍්‍රීසි උගන්වනවාදැයි” විමසූ විට ”ඔව් මාමේ” සිසුවා කීය. ”හොඳයි එහෙනම් කියන්න, පඹයට ඉංග‍්‍රීසියෙන් කියන්නේ මොකක්ද කියලා” යනුවෙන් ඇසූවිට, ”පඹයට කියන්නේ ස්කෙයාර් ක්‍රෝ කියලයි” සිසුවා පැවසීය. නිවෙසට පැමිණි පියා, පුතේ ”පඹයට කියන්නේ ස්කෙයාර් ක්‍රෝ” කියලයි. පවසා ජාම බේරාගත්තේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පඹයාට ඉංග්‍රීසියෙන් effigy කියලත් කියනවා. ඉංග්‍රීසි භාෂාවේ වචන දැන ගන්න ඩික්සනරි මෙන්ම ත්‍රෙසරස් නමැති පොතුත් තිබෙනවා. ඉංග්‍රීසි ඉගෙන ගන්න අයට ත්‍රෙසරිස් පොතකුත් පරිශීලනය කළහොත් එයාලගේ වාග් ශක්තිය බොහෝ දුරට වැඩි වෙනවා (නදී)
මෙය සිනහවකට ලක්විය යුතු කාරණයක් නොවේ.තමාගේ මවුබස නොදන්නවා නම් තමයි ගැටලුව. (නි)
රුචිර, ඔයා හරියට හරි. දරුවට ඕන දෙය කොහොම හරි ලබාදුන් තාත්තෙක් (නදී)
තිවංක, ඔබේ අදහස මසුරන් වටිනවා. (නි)
ඒ පියාට ස්තුතියි, මම දැනගත්තෙත් දැන්නේ. (නි)
පඹයාට එක නමක් නෙමෙයි, නම් ගොඩක් තිබෙනවා ඉංග්‍රීසියෙන් කියන (නි)
බොහොම ස්තුතියි 7 වැනි පන්තියේ ළමයාට. (නි)
සුමනා , හරි මමත් දැනගත්තේ මේ ලිපියෙන් තමා (නදී)
මමත් මේ වචනය අහලා නැහැ. (නි)
කවුරු කවුරුත් නොදන්නා දේවල් ඕනෑතරම් තියනවා එ්ත් කවුද පෙන්නන්න කැමති ළමයි වගේ.(නදී)
එන්ගලන්තේ ස්කේය ක්‍රෝ කියල හදපු නමක් දාගෙන තියෙන්නේ කපුටන් බය කරන අර්ථයෙන්. අපේ කුඹුරු වල මොන කපුටෝද? මෙහෙ කියන්න වෙන්නේ ස්කෙයාර් රැබිට් වගේ එකක්. (නදී)
ඇත්තටම නොදන්නා දෙයක් ඉගෙන ගැනීම ඉතා වැදගත්. අපි කෙතරම් වයස ගියත් ඉගෙනීමට ඇති දේ බොහෝමය. තාත්තා කෙසේ හෝ තමා නොදත් දෙය පුතාට ඉගැන්නුවා. එය අප අගය කල යුත්තක්.තමා නොදත් දෙය දන්නා කෙනෙකුගෙන් ඉගෙනීම මහත්මා ගතියක් .පබයාට ඉංග්‍රීසියෙන් භාෂාවෙන් (hay-man) (පිදුරු මිනිසා ) කියාත් භාවිතා කරනවා. (අ)
අපි භාවිතා නොකරන වචන අපට අමතක වෙනවා. ඒක සාමාන්‍ය දෙයක් ඉතින්. කොහොමත් හොඳ තාත්තා කෙනෙක්. (නි)
මේගොල්ලෝ මෙතන මේ බන කියනවා මම දන්න ඉස්කෝලේ මහත්තයෙක් කොළොඹ ලොකු පාසලක ඉංග්‍රීසි උගන්වන්නේ, ළමයෙක් අහලා නල දතට කියන වචනේ. අන්තිමට වචනේ හොයල දෙන්න වුනේ මට, (අ)
නොදන්නා දේ කාගෙන්හරි අහලා දරුවාට උත්තරය ලබාදුන් එක කෙතරම් අපුරුද? දරුවාට උත්තරය නොදුන්නා නම් ඒ දරුවා කොතරම් අපහසුවට ලක්වේද? (නි)
යසරත්න මහත්තයෝ ඔබ හරි. නොදන්නා දේ කාගෙන් හරි අහලා දරුවාට උත්තරය ලබාදුන් එක හොඳයි. අපිත් ඒක කරනවා නමුත් මෙතන මම කියන්න උත්සාහ කලේ පොදුවේ අපේ ඉංග්‍රීසි දැනුම ටිකක් අඩුයි කියන එක විතරයි. (නදී)
දරුවන්ට නොදන්නා බව පවසන්න හොඳ නැහැ.එතකොට හීනමානය ඇතිවෙනවා. උපක්‍රමශීලිව මේ වගේ කටයුතු කරලා ඉක්මනින් එය සොයාගෙන කියන්න වෙනවා. එහෙම නොවුණොත් මොකුත් නොදන්නා බොරුකාරයෙක් කියන හැඟීම ඇතිවෙනවා. (නි)
දෙවන බස විතරක් නෙමෙයි, අපි හැමෝම පළමු බසෙත් පරතෙරට ගිහිල්ලා නැහැනේ. මේ වගේ දේවල් වෙන්න පුළුවන් (නි)
නියම කතාවක්! (නි)
ශාන් මහත්තයෝ අපි ඉස්කෝලේ යන කාලේ අපේ නැටුම් ගුරුවරයා ළමයින්ට නටන්න ගැහුව බෙර පදයත්, කෘන්තක රදනක කෘන්තක රදනක රදනක රදනක අනුකාරයෙන්. අන්තිමේදී නැටුමේ අඩව්ව ඇල්ලුවේ චාර්වක පුරඃ චාර්වක කියල කස්තිරමක් අල්ලලා. (නදී)
මා දන්නා තරමින් පම්බයට කියන ඉංග්‍රීසි වචනය scare crow කියල. (නදී)
චන්ද්‍රාමිස්, හීනමානය ඇතිවවෙන්නේ කාටද, සිසුවා හිතනවා ගුරුතුමා සියල්ල දන්නවා කියලා ගුරුතුමා හිතනවා සිසුවා මොනවත්ම දන්නේ නැහැ කියලා. ඉතින් කොහොමද අධ්‍යාපන කටයුතු කරගෙන යන්නේ, මෙය ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ ඇති දුර්වතාවයක්. අපි කැමතියි දැනුම අධ්‍යාපනය උගත්කම උපක්‍රමශීලි බව ආදිය කව්රුහරි වෙන වෙනම ටිකක් විස්තර ඇතිව පැහැදිලි කරනවානම්. (ර)
වීරසිංහ" මහත්තයෝ මොන ක්‍රමයකින් හරි ඔබේ නැටුම් ගුරුවරයා ළමයින්ට නටන්න ඉගැන්වුවානම් ඔහු සාර්ථක උපක්‍රමශීලි ගුරුවරයෙකි. අද දියුණු අධ්‍යාපන ක්‍රමයක් තියෙන්නේ, සාමාන්‍ය පිළිගත් මතය වෙන්නේ ගුරුවරයා කියාදෙන දේ සිසුවාට තේරෙන්නේ නැතිනම් ගුරුවරයා විසින් සිසුවාට තේරෙන සරල ක්‍රමයක් සොයාගැනීම. මාතෘකාව පඹයාගේ වුනත් මම කැමතියි ටිකක් මේක ඇදගෙන යනවනම් මොකද කාගේ කාගේත් හොඳ වැඩදායි අදහස් ටිකක් එලියට එනවා අනිවාර්යි. (ර)
අගය කළ යුත්තේ පොඩි දරුවගෙන් හරි අහාල නොදන්න වචනය දැන ගත්ත එක.(හේ)
ම්ම්ම්... මේ දවස්වල නිතරම රූපවාහිනියේ දකිනවා (නි)
ලෝකයේ අපි හැමදෙයක්ම දන්නේ නැහැනේ (නි)
ලෝකයේ අපි හැම දෙයක්ම දන්නේ නැහැනේ. අපේ භාෂාව සිංහල කියල අමතක කරන්න එපා (බ)
ඇත්තටම මමත් දැනගෙන හිටියෙ නැහැ . එකවරම සිතුනේ මපට් කියලා (නි)
දැක්කද ගමේ ගොඩේ දරුවන් පසුගිය කාලයේ ආ දුර? (නි)
මම පාසැල් යන කාලයේ ගෙදර වැඩට දුන් ගණිත ගැටලුවක් විසඳීමට පියාගේ උපකාර ඉල්ලූවිට එය මාගේ පියා නොදන්නා බව පැවසූමුත් ඉන් ලැජ්ජාවට පත්වූ බවක් මම නුදුටුවෙමි. ඉතින් මේ ඉංග්‍රිසි වචනය බැරි වුණාම මොකද ලැජ්ජාවට පත්වන්නේ. ඒ වාගේම තවමත් මට සහ මගේ පියාට හරියට සිංහල ව්‍යාකාරණ බැහැ. නමුත් අපි ඉන්නේ උජාරුවෙන් (නි)
දුමින්දලා වගේ අය ඉන්නකන් ගමේ ළමයි අනාථයි තමයි ඉතින් (නි)
මෙය ලැජ්ජාවට කාරණයක් නොවේ. ඔන්න පොඩිඑකාට 'අප්පච්චි' වෙනුවට 'ඩැඩී' කියන්න පුරුදු කරලා තිබුණා නම් තමයි ලැජ්ජාව. (නි)
මේ වගේ දේවල් සාමන්‍ය දේවල්නේ.(හේ)
ඉංග්‍රිසි නොදන්න එකේ ප්‍රශ්නය ඕක තමයි.(හේ)
මාත් දැනගත්තේ මේ දැන්. (නි)
බොහෝ විට ඩමී යන වචනය පාවිච්චි වෙනවා නේද? (හේ)
ලැජ්ජාවට කාරණය ඉංග්‍රීසි නොදැන සිටීම නොවේ සිංහල නොදැන සිටීමයි. එහෙම බලනකොට රටේ ලොකු තැන්වල ඉන්න කී දෙනෙක් ලජ්ජා විය යුතුද ? (බ)
මෙවැනි සාමාන්‍ය සිංහල වචන වල, නොදන්නා ඉංග්‍රීසි වචන කොතරම් තිබේද? වංගෙඩිය සහ මෝල්ගහට කියන්නේ මොකද්ද? මෝටාර් සහ පෙසල් (නි)
නියම විදිහට ඉංග්‍රීසියෙන් උච්චාරණය කරන්නේ,"ස්කේක්ර්උ"කියලයි. (scarecrow) අතුල, අර මහින්ද රාජපක්ෂ මහත්තය ඡන්දෙ පාවිච්චි කරන්න යද්දී යොදා ගත්තේ " ඩමියෙක්" ඒ කියන්නේත් පඹයෙක් තමයි ඔබ නිවැරදියි. (නදී)
අතුල, ඩමී යන වචනය පාවිච්චි වෙන්නේ අර කඩ සාප්පු වල ඇඳුම් ඇන්දවූ රෑප වලට (නදී)
ඕකට ඩික්ෂනරි බලන්න ඕන නැහැ. පාඨක සභාවට ඇවිත් පිවිතුරු යහපාල දිහා බැලුව නම් අදාළ ඉංග්‍රීසි වචනය ඉබේම මතක් වෙනවා.(නදී)
දැනගෙන හිටියත් ඕන වෙලාවට ඔවා මතක නැති වෙනවා. (නදී)
ක‍්‍රිස්ටෝපර් සීපියන් සිවුවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවෙක්.(නදී)
මට සිංහල බැහැ මම හරි ප්‍රවුඩ් (නදී)
හොඳ තාත්තා කෙනෙක්. නොදන්නා වචනය මොන විදිහට හරි දරුවාට කියලා දුන්නා.(හේ)