මස් කඩ හිමියකු රුපියල් හැට දහසකට ඉල්ලූ ගවයා විකිණීම පියා ප‍්‍රතික්‍ෂේප කිරීමෙන් පසු පුතා එම ගවයා රුපියල් තිස්දහසකට විකිණීමේ සිද්ධියක් මිනුවන්ගොඩ ප‍්‍රදේශයේ ගම්මානයකින් වාර්තාවේ.
පියා ගම්මානයේ සිටින දක්‍ෂ ගොවියෙකි. එමෙන්ම හරකුන් ඇති කරන්නේ දැඩි ඇල්මකිනි. ඔවුනට සලකන්නේද දරුවන්ට මෙන්ය. මේ ගොවියාගේ ගව පට්ටියේ වයෝවෘද්ධ ගවයකු සිටියේය.
මස් කඩහිමියකු පැමිණ ගවයා රුපියල් හැට දහසකට ඉල්ලීය. කුඩා කළ පටන් තමන්ගේ ගොවිතැනට උදව් කළ ගවයා මසට විකිණීමට මේ ගොවිරාල කැමති වූයේ නැත. තමන්ගේ අභිප‍්‍රාය ඉටු නොවූයෙන් මස්කඩ හිමියා ගියේ කිසියම් යටි අරමුණක් ඇතිවය.
දින දෙකතුනක් ගතවිය. සැන්දෑවේ බලනවිට කුඹුරේ බැඳ සිටි ගවයා අතුරුදන්ය. පියා ගවයා සොයන්නට වූයේය. එදින උදේ තම පුතු තවත් අයකු හා එක්ව ගවයා ලොරියකට පැටවූ බවට තොරතුරු දැනගන්නට ලැබිණි.
රුපියල් හැටදහසකුත් අතට ගත් පියා මස් කඩයෙන් කඩයට ගියේ පුතා විකුණා ඇති බව කියන ගවයා නිදහස් කර ගන්නටය. එහෙත් ඔහු ප‍්‍රමාද වූවා වැඩිය.
ඔහුට ලැබුණේ තම ගවයාගේ හම පමණි. මස් ටික විකුණා අවසන්ය. තම පුතු ගවයා විකිණුවේ රුපියල් 30,000ට බවද පියාට එහිදී දැනගන්නට ලැබුණි.
හැඩූ කඳුළින් යුතුව පියා නිවෙසට ආවේ කරකියා ගත හැකි දෙයක් නැතිවය. පියා සියල්ල දැනගත් නිසා පුතාද මේ වනවිට නිවෙසින් පිටව වෙසෙන අතර මේ හොරකම ගැන පුතාට විරුද්ධව පොලීසියට පැමිණිලි කළත් වැඩක් නැති නිසා පියා තවමත් කම්පාවෙන් සිටිනවාලූ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට මේ තාත්තා තුළින් මගේ අප්පච්චි මැවිලා පෙනුනා.අපිටත් ඒ කාලේ හරක් පට්ටියක් හිටියා.කවදාවත් අපි උන්ව මසට දුන්නේ නැහැ.මොනවා කරන්නද ගාමිණී,අප්පා පුතා කියලා මේ සසරේ එකට ඉපදුනාට අනෙකාගේ කර්මය වෙනස් කරන්න බැහැ. (නි)
කව්ද ගවයා (නදී)
පව් කාර පුතෙක් (නදී)
පාපතර පුත්තු (දී)
අජාසත්තල තවමත් ඉන්නවා (දී)
අදහස් දැමු ඔබ සැමට නිර්මාංශ වීමේ ධෛර්යය ලැබේවා! (නි)
ඔය වගේ පුතෙක් ලොවට දායාද කරන්න තාත්තා මොනතරම් අවාසනාවන්තද? (නි)
පුතා ගෙදර ආ දවසට එදා වගේම තණකොළ ටිකක් ගෙනත් දීලා එයාටත් කන්න දාන්නයි තියෙන්නේ.. (නි)
මස් මරණ තැන ගවයන් බේරන හැටිත් පුදුමයි . ගවයන් නිදහස් කරන අය පැමිණ නිදහස් කරන ගවයාට ගෙවන මිල කිවුවාම එම මුදලට සරිලන සතුන් වෙනම වෙන්කර තබනවා. බොහෝවිට මිල අඩු පැටව්. මරණ සතුන් ගණන අඩුවෙන්නේ නැහැ. පැටවුන් ,ගැබ්බර සතුන් මරන්න තහනම් වුණාට නිදහස් කරන්න පැටව් ඉන්නේ ඒ නිසයි . හරියට කුරුල්ලන් (ගිරවුන්) කූඩුකරගෙන නිදහස් කරනවා වගෙයි (නි)
කළගුණ දන්නා මිනිසුන් අද බොහොම අඩුයි නේද? (නි)
ගවයෙකුට තරම්වත් මොළයක් නැති පුතා. (නි)
පින් මඳ පුතුන් සියයක් ලැබුවත් නිසරු... ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු... මේ පුතාටත් කවදාහරි ඔහුගේ පුතා කරන්නේ මීට සමාන දෙයක්. (නි)
පුතා ලංකාවෙ ඇමතිකමකට අවශ්‍ය සුදුසුකම් සපුරාගෙන තිබෙනවා (නි)
ගාමිණී - සිරිවර්දන, නියම සංසන්දනයක් (නි)
මීට වසර කීපයකට අපේ අයියා විසින් ආදරයෙන් ඇතිකළ මී ගවයෙක් සිටියා. ඉතා හීලෑ වූ මෙම සතා දිනක හොරු අරගෙන ගියා. අයියා පොලිසියට ගියත් සාධාරණයක් ඉටුවුණේ නැහැ. අයියා දුක කියාගන්න බැරුව මහත් වේදනාවෙන් ගෙදර පැමිණ ගවයා කෙරෙහි අනුකම්පාවෙන් හඩා, සිත හදාගන්න දානයක් දී අසරණ සතාට පින් අනුමෝදන් කළාලු. මේ කතාව මා ගමේ ගිය දිනක කියමින් අයියා හැඩුවා. (නි)
ඒ පුතාට නම් සහගහනවා... රුපියල් 30000 කට අපායේ ඉඩමක් අරගෙන. (නි)
පියා කොපමණ සිල්වත් වුණත් සංසාරේ පතාගෙන ආ මෙවන් පුතුන් ඉන්නවා ඕනෑතරම්. (නි)
ආහාරපාන වෙලාවට දීලා දරුවන් වගේ ආදරයෙන් සතුන් රැක බලා ගත්ත මාමාට තම දරුවා හරියට හදාගන්න බැරිවීම තවත් දුකක්. හැබැයි පුතා කරලා තියෙන්නේ ඇමති පුතෙක්වත් නොකරන වැඩක් (නදී)
ගවයෙකුට තරම් වත් මොලයක්, හදවතක් නැති මිනිස් ගවයින්ගේ ක්‍රියාකාරකම් ඔහොම තමයි. මුදල් ලැබෙනවා නම්, කිසිම හිරිකිතයකින් තොරව තමන්ගේ බිරිඳවත් විකුණයි. හැබැයි මේවගේ අය ගවයන්ටත් වඩා හොඳට උම්බෑ කියල කෑ ගහන්න නම් හොඳට දන්නවා. (නදී)
ටිකක් හිතල බලනු ඌ පිරිසිදු තණකොළ කන්නේ. නමුත් මිනිසත් බව ලැබූ ඔබ ඇයි මළකුණු කන්නේ? (නදී)
කළගුණදත් ගොවිමහතෙක් හා තණ්හාවෙන් මත්වුණ පුතෙක්.මේ පුතාටත් දයාව,කරුණාව ටිකක් හෝ තිබුනා නම් අසරණ සතා තවම ජීවත්වෙනවා. (නි)