(හාලිඇල ලලිත් දිසානායක)
අවුරුදු සාජ්ජයක් අවසානයේ පිය-පුතු ගැටුමකින් මිතුරෙකුගේ කකුලෙන් මස් කෑල්ලක් අහිමිවීමේ සිද්ධියක් බදුල්ල නගරයට ආසන්න ගමකින් වාර්තාවේ.
අලූත් අවුරුදු සැමරුමට එකතු වූ මිතුරන් පිරිසකි. මේ අතරට එක මිතුරෙකුගේ පියෙකු ද එකතු විය. ඔහු මද වශයෙන් ඔල්මාද ගති ඇත්තෙකි.
සාජ්ජය මධු විතින් ඉතිරී ගොස් සැවොම පදම් වී සිටියහ. අල්ලාප සල්ලාපයේ මෙන්ම ගීත මිහිරෙන් ද මත් වූ පිරිස අතර එකවරම පියා සහ පුතු අතර ගැටුමක් ඇතිවිය. පුතා පියාට දිගට හරහට පහර දේනනට විය. මෙය බලා සිටි මිතුරෝ කෝපයට පත්ව පුතාට පහර දෙන්නට වූහ. දැන් මිතුරන් අතරේ ගැටුමකි.
එක්වරම පුතා අනෙකුත් යහළුවන්ගේ පහරින් බේරා ගැනීම සඳහා මිතුරකු ඔහුගේ ඉඟවටා දෑත් යවා තරයේ අල්ලා ගත්තේය. මෙයින් බේරීමට පොර බැලූ ඔහු දෙකට නැමී තමා අල්ලාගත් මිතුරාගේ කකුල සපා කෑවේය. වේදනාවෙන් කෑ ගැසූ මිතුරාඔහු අත හැරියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා මේවත් දෙයියෝ සාක්කිද.....? අපරාදේ මේක කියවන්න උදේ පාන්දරම ආවේ... (ස)
හොඳටම වෙරි උන මිනිසෙක් බාර් එකේදී මහා හඩින් තව මිනිසෙකුට කියනවා "මට තමුසෙලගෙ අම්ම එක්ක සම්බන්ධයක් තියනවා'' බාර් එකේ මිනිස්සු අනිත් මිනිසාගේ ප්‍රතිචාරය දෙස බලාසිටියා.... ''තාත්තේ ඔයාට දැන් හොදටම වැඩියි ගෙදර යන්න ''. (ස)
මත නිසා උන විපත. (ස)
අද කාලේ අහන්න වෙන දේවල්! (නි)
මිනීමස් කන කෙනෙක් වෙන්න ඇති (නි)
මට නම් පෙන්නේ මස් කෑල්ල පල ගත්තු පුතාගේ බීමත්කම හින්ද ඔහුගේ වනචාරී මාංශ භක්ෂක ප්‍රාථමික සිතුම් මතුවුණා කියල. (ස)
ඕක තමා කියන්නෙ බල්ලොත් එක්ක බැහැ කියලා (නි)
මෙහෙමයි, මේ වාගේ දෙයක් අපේ ගමේ (කැකනදුර)ත් සිද්ධවුණා. හැබැයි වෙනස එතන පා කාගත්තේ බල්ලෝ දෙන්නෙක් (නි)