පාසල් සිසුවියකගේ අභ්‍යාස පොතක් ඇතුළේ රුපියල් පන්දහසේ නෝට්ටුවක් තිබීම නිසා මහත් ආන්දෝලනයක් ඇතිවීමේ පුවතක් අසන්නට ලැබුණේ කළුතර ප‍්‍රදේශයේ ග‍්‍රාමීය පාසලකිනි. දහය වසරේ සිටි මේ ශිෂ්‍යාව ගණිත විෂය පිළිබඳව ගුරුවරයා දුන් අභ්‍යාසය නිමකොට අනෙක් සිසුවන්ගේ පොත් සමග තම පොත ද ගුරුවරයාගේ මේසය මත තැබුවාය. පොත් පෙරැළමින් අභ්‍යාසය බැලූ ගුරුවරයා මෙම පොත පෙරළන විට එහි තිබී මේසය මතට වැටුණේ රුපියල් පන්දහසේ නෝට්ටුවකි. ගුරුවරයා ඒ පිළිබඳව ඇගෙන් විමසූ විට ඇය කීවේ තමා කිසිවක් නොදන්නා බවකි. මේ ආරංචිය පන්තිය හරහා විදුහල්පතිගේ කනටද ගියේය. ශිෂ්‍යාව කිසියම් සොරකමකට සම්බන්ධ දැයි පරීක්‍ෂණයක් කිරීමට සූදානම් වන විටම කාර්යාලයට දුවගෙන ආවේ මැදිවියේ පුද්ගලයෙකි. ”මම දීපු රුපියල් පන්දහසක ණයක් ආපසු හම්බවෙලා ගෙදර මනුස්සයට හොරෙන් පොතක් අස්සෙ හැංගුවා. ගෙදර හැම තැනම බලල මේ දුවගෙන ආවෙ දුවගෙ පොතකවත් දාලද බලන්න.’’ ඔහු කීමෙන් විදුහල්පති සැනසුම් සුසුමක් හෙළුවාලූ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයා කොහොමද එකපාරටම දුවගෙන ආවේ? (නි)
මම දකින විදියට ඉතාමත් අනර්ගයි (ස)
පුදුම වෙන්න දෙයක් නෑ ...ලංකාවේ ඒකපුත්ගල ආධායම ඩොලර් 2800 බව අමතක වුණාද ?? (ස)
අනේ මන්දා මෙහෙමත් වැඩ (ස)
අපි පොතක් පෙරලුවෙමු. ආශ්චර්යයකි. (නි)
කතාවනම් තුට්ටු දෙකක් වටින්නෑ (ස)
අන්න මාරු
දෙයියෝ සාක්කි කියන්න වටින්නේ නෑ(ස)
ඔයා ගණන් ගුරුවරයානම් මොකද කරන්න (ස)
5000 කොළයක් දැකපු දවසක් මතක නැහැ. මොකද මම ඉන්නේ ලංකාවෙනේ. (නි)
චන්ද්‍රසිරි, බොරු කියන්න එපා. ඔයා ඉස්කෝලෙ යන කාලේ කොහේද 5000 කොළ තිබුණේ? (නි)
ඔතන වැඩේ ගෙදර මනුෂ්‍යයාට හොරෙන් හංගපු එකනේ. ගෙදර මනුෂ්‍යයාට කියලා හැංගුවා නම් හරිනේ. (නි)
මෙහෙමත් තාත්තල (දී)
අයි මේ වගේ පහත වැඩ කරන්නේ? (දී)
අද ඉදලා මමත් මගේ පොත් පෙරළලා බලනවා සල්ලි තියෙනවද කියලා. (නි)
ඇති ඔයින් බේරුනා (ස)
නසාර්, ඕකම කිය කියා මනුස්සයෙක් වරකාපොල බස් ස්ටෑන්ඩ් එකේ ස්විප් ටිකට් විකුණුවා. දැන් එයා එතනම හිඟමන් ඉල්ලනවා. (නි)
ජීවිතේම මල්....සල්ලි තියෙනකම් (ස)
චන්ද්‍රසිරි හොඳ වැඩේ ඔයාට (ස)
හොද වෙලාවට තාත්ත ඉස්කෝලෙට අවේ. නැත්නම් දුව හොරෙක් වෙනවා (දී)
නොකළ වැරදි වලට මමත් ගුරුවරුන්ගෙන් ගුටිකාලා තියෙනවා. (නි)
හොඳ සිද්ධියක් . මේ වගේ දේවල් හදිස්සියට සිද්ධවෙනවා (ස)
මෙවන් කතා වලට ප්‍රතිචාර දැක්වීමට මට නොසිතේ. (නි)
පන්දාහේ නෝට්ටුව අතුරුදහන් වුණානම් දෙයියෝ සාක්කිම තමයි (ස)
අනේ අනේ තාත්තගේ මොලේ (ස)
හදිස්සිය නිසා කාට කාටත් ඔය වගේ දේවල් වෙනවා (ස)
තව ටිකෙන් ළමයට දෙයියෝ සාක්කි තමයි...... (නි)
මේ වගේ එවුවා දෙයියෝ සාක්කි එකට වටින්නේ නෑ නේද? (අ)
බලන්න කොච්චර මෝඩද කියලා?මේ ළමයා මේ ලැජ්ජාවට මොනවාහරි කරගත්තා නම්? (නි)
යමක් කමක් දන්න දෙමව්පියෝ ටිකක් කල්පනාවෙන් වැඩකරනවානම් නේද හොඳ. තව ටිකෙන් අර දරුවා ලැජ්ජාවට පත් වෙනවා (ස)