සාමාන්‍ය ව්‍යාපාරිකයකු වූ ඔහු දිවයිනේ ප‍්‍රකට ආයතනයක නිෂ්පාදන බෙදා හැරීමේ නියෝජිත තනතුරක් ලබා ගත්තේ අමාරුවෙනි. තම දියණිය ද මේ සඳහා සම්බන්ධ කරගත් ඔහු ප‍්‍රචාරක නිලධාරීන් රැසක්ද බඳවා ගත්තේය.
ආරම්භයේදී මේ සියලූදෙනා කැඳවූ ව්‍යාපාරිකයා කීවේ හැමදෙනාම පැහැදිලි ඉලක්කයක් හදාගෙන වැඩ කළයුතු බවය. ඒ ඉලක්කයට හරියට යන අයට විශේෂ අනුග‍්‍රහ දක්වන බව ද ඔහු කීය.
වැඩ කරගෙන යන අතරතුර එක් ප‍්‍රචාරක නිලධාරියකු තම දියණිය කෙරේ විශේෂ අවධානයක් ඇති බව ඔහුට පෙණුනත් ව්‍යාපාරික කාර්ය භාරය වැඩි නිසා ඒ ගැන සෙව්වේ නැත.
එහෙත් පසුගියදා දෙදෙනාම අතුරුදන්ව තිබුණත් මේ ගැන දුවගේ දුරකථන ඇමතුමට කතා කළ විට ”තාත්තේ අපි අපේ ඉලක්කයට ගියා” ඇය කීවෙන් ව්‍යාපාරිකයාට තරු පෙනුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වහාම සාංගික දානයක් දී, පින් පමුණු වන්න. (ස)
හොද දුවෙක් පැනල ගිය නිසා දායාදය ඉතුරු උනා .(නදී)
අන්න දියණියෝ.... (ස)
ව්‍යාපාරික ඉලක්ක සැපිරූ නියම කොල්ලෙක්.තාත්තා හිතන්න ඇති කෙල්ලව පෙන්වා නිකන් වැඩ ගන්න.පව් කොල්ලා.. (ස)
සුජාත, දිරිය, අභීත දියණියක්. (ස)
නුවණක්කාර දුවක්, අද කාලේ මගුලක් ගන්න කියක් ඕනද? දෑවැද්ද, මේ සියල්ල ඉතිරි කරලා, පියාගේ අවවාදය ඉස් මුදුනින් පිළිගෙන ඔවුන් ඔවුන්ගේ ''ඉලක්කය '' කරා ගිය, සේවකයන් දෙදෙනෙක්.., එච්චරයි ..!! (ස)
නගරයේ කර්මාන්ත ශාලාවක වැඩ කරන දියණිය බැලීමට ඇය සේවය කරන සේවා ස්ථානය වෙත ගිය තාත්තාට ආයතනයෙන් පැවසුවේ අසනීප නිසා ඇය අද දින සේවයට නොපැමිණි බවයි.ඉන්පසු ඔහු කෙලින්ම ගියේ ඇය නැවති සිටින බෝඩිම වෙතයි.ඔහු බෝඩිමට ඇතුලුවන විටම කඩවසම් තරුණයෙක් බෝඩිම තුල සිට පිටව ගියේය.නොසිතු ලෙස තම පියා දැකීමෙන් දියණිය කලබලයට පත් විය.තාත්තේ මට හොඳටම උණ මේ දැන් තමයි බැහැල ගියේ .ඔව් ඔව් මට දොර ලගදී හම්බුනා. (ස)
දුව දැන් ඉලක්කය සපුරා ඇත ....(නදී)
තම දෙමවිපියන්ගේ අරමුණු බලාපොරොත්තු විනාශ කරලා දාලා මේ දුව ලබන සැනසීම මොකක්ද ? ඇත්තටම තරුණ වයසේදී බරක් පතලක් නොහිතා කරන මේ වගේ වැඩවලින් අසරණ දෙමව්පියෝ දුක්විඳිනවා. අනික තමයි වරදේ ඇති වැරැද්ද තේරෙන්නේ දෙතුන් දෙනෙක් අතින් කටින් එල්ලගෙන දුක් විඳින්න ගත්තහම තමා. අනේ කලේ වනේ වාසේ කිව්වලු.(නදි)
තම ආදර එකම දුව වෙනුවන් ඉතිරි කළ මිල මුදල් සහ රන් අභරණ වලින් බොහෝ කොටසක්ද ගෙන, තමන් කිසිදා කැමති නොවන ගමේ තරුණයකු සමඟ පෑල දොරින් රහසින්ම නික්ම ගිය දියණිය වෙනුවෙන් පියාගේ සිත තුල වුයේ කිසිදා නිම නොවන තරහකි. ඒ නිසාම ඇය මිය ගියායි පවසා බිරිඳ සමඟ පන්සලට ගොස් දානයක් දී නැවත ගෙදර පැමිණි, පියාට බත් කටක් කටට දා ගන්නට මත්තෙන් සිහි වුයේ කුඩා කල සිටන්ම තමන්ගේ බත් පතේ පළමු කට තම එකම දියණිය වෙනුවෙන් වෙන් කල අයුරුයි..'හාමිනේ මෙන්න මේ බත් කට දුවගේ චුටි පිගානට........' යනුවෙන් පවසමින් බිරිඳ දෙසට හැරුණු ඔහු දුටුවේ.......පුංචි කාලේ පටන් කල පුරුද්දට දියණියගේ පුංචි පිගාන අතින් ගෙන අසරණ ලෙස බලා සිටින බිරිඳගේ ශෝකබරිත මුහුණයි..... (ස)
ලබා රත්තරන් දිළිසෙන පාලු විදියේ .. ගෑනු ළමයි පියාඹාලා ඉස්සරත් ගියේ .. උන්ට සෙයිලමේ මගතොට පාර වැරදුනේ ... අන්න ඒ නිසයි මට දුක රත්තරන් දුවේ ..(.සුනිල් එදිරිසිංහ ,රත්න ශ්‍රී විජේසිංහ ) (නි)
ඕක තමයි නියම ක්‍රමවේදය. දෑවැදි දෙන්න ඕන නෑ. දැන් කාලේ දෙමාපියෝ හුඟ දෙනෙක් කරන්නේ ඕක තමයි. බලන්න කඩේක කැෂියර් එකේ ඉන්නේ කවුද කියල දුවනේ.බිස්නසුත් හොඳයි, දුව දීග දෙන්නත් පුළුවන්. (ස)
පෙම් කරනා කල මම දුටුවේ පෙම්වතියම පමණයි 'දුව'නි..... ඇසිල්ල ලද හැම මොහොතක් පාසා ඇය දැක ගන්නම සිතුනි..... නුඹ පෙම් කළ බව දැනගත් මොහොතේ සිත බියකින් ඉරි තැලුනි..... රහසින් අප හැර ගිය දිනයේ මගේ ලොව මා පය ළඟ බිඳ වැටුණි... (නි)
ඔන්න එක දරුවෙක් කාර්යබහුල තාත්තාගෙන් අහනවලු තාත්තේ, ඔයාට මාසයකට කොච්චර සල්ලි හම්බ වෙනවද කියලා.තාත්ත උත්තර දුන්නලු ඩොලර් 1000 ක් කියලා. අයියෝ ඇත්තද කියලා ඇහුවලු දවසකට කීයක් හම්බවෙනවද කියලා.තාත්ත උත්තර දුන්නලු ඩොලර් 30ක් විතර කියලා.ආයිත් අහනවලු පැයකට කීයක් හම්බවෙනවද කියලා.තාත්ත කිව්වලු ඩොලර් 4ක් විතර.පොඩි එකා කැටය කඩලා කාසි ටික එකතුකරලා යන්තමින් ඩොලර් හතරක් හොයාගෙන තාත්තට කිව්වලු තාත්තේ, අද ඔයා මේක අරගෙන පැයක් කලින් ගෙදර එන්න. මට ඔයත් එක්ක සෙල්ලම් කරන්න කියලා. (නි)
සහන් බණ්ඩාර, ඔබගේ කතාව ඇසට කඳුළු බිදුවක් එක් කිරිමට සමත්විය. (ස)
මිනිස්සු සල්ලි හම්බකරන්න ඕනවට වැඩිය කාලය වියදම් කරනකොට ගෙදර වෙන දේවල් ළමයින්ට වෙන දේවල් අමතක වෙනවා. එයාල හිතන්නේ සල්ලි වලින් ඕනම දෙයක් කරන්න පුළුවන් කියලා. එක්තරා මට්ටමකට සල්ලි හොයාගෙන ඉවර වෙනකොට වෙන්න ඕන හැම දෙයක්ම වෙලා ඉවරයි. ළමයි අධ්‍යාපනය කරන අවදියේදී සල්ලි වියදම් කරලා ටියුෂන් දුන්නහම කිසිම ප්‍රශ්නයක් නැතිව ඉගෙනගන්නවා කියල තමයි හිතන්නේ. අන්තිමට උජාරුවට කියන්නෙත් අපි ළමයාගේ අධ්‍යාපනයට ඇති තරම් වියදම් කලා. නමුත් වැඩක් උනේ නැහැ කියලා. නමුත් කිසිම දවසක ළමය ඉගෙනගන්නේ මොනවද කියලවත් හොයන්නේ නැහැ. සල්ලි පස්සේ දුවන හැම කෙනෙකුටම වෙන්නේ ඔය දේ තමයි. (නදී)
පහන්, සහන් බණ්ඩාර, පත්මේ, අද්විතීය සටහන් කීපයක්. මගේ ප්‍රණාමය. (ස)
"අනේ අපේ දුවරු අවුරුදු 12 පස්සේ වයසට යන්නේ නැත්නම්"..... මගේ මිතුරෙකුගේ මුවින් පිටවූ සත්‍ය වදනක්. (ස) .
පද්මේ, ඔබේ කතාව අහපුවහම මට මගේ පුතා නිතරම ස්කයිප් එකෙන් කියන දෙයක් මතක් උනා. (මේක එයාට එයාගේ අම්මා උගන්නල තියෙන්නේ කියලයි මට හිතෙන්නේ ) අයි ඩෝන්ට් වෝන්ට් යුව ප්‍රසන්ට් -මට ඔබේ තෑගි එපා. අයි වෝන්ට් ටු ෆීල් යුව ප්‍රසන්ට් මට ඔබගේ පැමිණීමයි, ඔබ මෙහි සිටීමයි අවශ්‍ය. (ස)
පහන් ඕක මම කියවපු මේල් එකක තිබුනේ.හෝප් යු විල් හැව් ගුඩ් ටයිම් වෙරි සූන්. (ස)
ඇත්තටම හොඳ බුද්ධිමත් පිරිසක් මේක කියවනවා.සහන් බණ්ඩාර, ඔබේ කතාව, හරිම සංවේදී.පද්මේ, ඔබේ සටහනත් කලාත්මකයි... (ස)
පහන් මල්ලි මම ඔයාගෙන් අහල තුබුනා ..ඊ යේ ..ඔයා දකින්න නැතිව ඇති ..?නිවාඩු වෙලාවක ඔයාට ලියන්නම් කියල පරිස්සම් කරගත්තු කොලේ අස්ථාන ගතවෙලා ..? ඔයාගේ ඊ මේල් එක එන්ටර් කර ගන්න බැරිඋනා ..සර්ච් කළා හැමතැනම ..ඔයා ලියා තිබුන දෙයියෝ සාක්කිය හොයාගන්න බැරිඋනා ..මට කියන්න කොහෙද ඔයා ලියල තිබුනේ කියලා ..? (ස)
නුගේගොඩ, දැනුත් මා කියන්නේ අනේ මගේ ළමයි ලොකු නොවී සිටියා නම් කොච්චර හොඳයිද කියලා. අදටත් මා මොන්ටි සොරියක් ළඟින් යන කොට පපුව සිර කරනවා. මගේ ළමයිගේ පොඩි කාලේ මතක් වෙලා. (ස)
කට්ටියගේ මෝනින් කෝල්, රින්ස්, මෙමෝ, නාහෙන් අඩන ඒවාට වෙනුවට පහන්, සහන් බණ්ඩාර, පත්මේ, නුගේගොඩ වැනි අයගේ අද්විතීය සටහන් කීපයක් අද උඩින්ම දාලා මගේත් ප්‍රණාමය. (ස).
අමිල පුතේ කටුනායක, ඔයා ආ එක ගොඩක් හොඳයි (නි)
කටා මාමත් එන්න අපේ ගෙදර. (නි)
රූප අක්කා, මට මතක හැටියට අර මේසන් බාස් කෙනෙක් වැටුණු සල්ලි අහුලලා සුවදින් හොරා අහු වුණේ, අන්න ඒ දවස් වල තිබුණු කතා අතරේ බලන්න.තිබුනේ නැත්නම් මම නැවත ලියන්නම් . (නි)
ගෝත්‍රික නායකයෙකුගේ එකම දියණිය රැහේ සිරිත් බිද පවුලේ නම්බුව නොසළකා මුහුණේ දැලි ගා වෙනත් ගෝත්‍රයක තරුණයෙක් සමග පලා ගිය වේදනාවට නැවත වැද්දා නොගන්න තීරණයට එහා ගිය දඩුවමක් වශයෙන් සත් කඩකට කපා කිඹුලන්ට කන්න දමන්න තරම් දරුණු අණක් පනවාලුයේය. කාලයාගේ ඇවෑමෙන් පලාගිය දියණිය දරුවන් කීප දෙනෙක් ද ලදහ. මවක් වූ ඇය සිය පියා දරුවන් කෙරෙහි වූ සෙනහස කෙතරම්ද යන්න අත්වින්දාය. පියා සිහිපත් වී දකින්නට අවැසි බව දන්නවා ලිපියක් යැව්වේය,පිළිතුරු නැත ලැබුනේ හැම ලිපියකටම. දරුවන් තම සීයා දකින්නට ඇති ආශාව නිතර මතක් කරන හෙයින් සිය පියාට ඒ බව පවසා ලිපියක් ලීවේය, මහලු වයසේ අන්තිම කාලය ගෙවමින් ඉන්න ගෝත්‍රික නායකයා මුණුබුරු මිණිබිරියන්ගේ මුහුණින් තම දරුවන්ගේ මුහුණ සිතේ මැවී කලින් තදට සිටි ගල් සිත මොළොක් වී නියෝග අණපනත් ලිහිල්කොට අහෝසි කළ අපුරු කතාවක් කලකට ඉස්සර විද්වතෙක් කිවුවා මතකයි (නි)
කටා මාමේ, වනතරයක් ලස්සන වෙන්නේ එකේ එක එක ගස් වර්ග තිබුනොත් විතරයි. ඒ වගේම මෙම තීරුව කියවන්න එක එක්කෙනාගේ අදහස් ඉවහල් වෙනවා. ඒ නිසා ඔය ප්‍රබුද්ධ කියලා හිතාගෙන ඉන්න ඔටුන්න බිම තියලා සෙරෙප්පු නැතුව හරි පාරේ ඇවිදින්න පුළුවන් සරල ජීවිතයකට හුරුවෙන්න .එවිට මිය යන මොහොතට හිත සැහැල්ලුවෙන් හුස්ම ටික පිට වෙනවා.ඔබ ඇතුලු ටික දෙනෙකුට මම සෑහෙන කාලයක හිට කිවයුතු කරුණක් ඕක (නි)
තව ටික දවසකින් ගෙදර ඇවිල්ලා මාමායි බෑණයි එකතු වෙලා බිස්නස් එක හොදට කරගෙන යන්න. එතකොට ඉක්මනින් දියුණු වෙන්න පුළුවන්. හැබැයි මුදල් ගනු දෙනු වලට නම් බෑනව ගාවගන්න එපා. එහොම වුණොත් නම් ඉවරයි. මාමට ඉතුරු වෙන්නේ පැනලා ගිය දුවයි ඉන්න මහා ගෙදරයි විතරයි. (නි)
අනේ හැබෑටම? ඉලක්කයට ගිය දුව ගියාවේ. (නි)
ආදරයෙන් හදපු එකී... ගෙදර හිටපු හොඳම එකී... ඒකයි මට කණගාටු (නි)
දරුවන් හිතුමතේට ගන්නා තීරණ නිසා දෙමාපියන් අසරණ වෙනවා වගේම, දෙමාපියන් ගන්නා දැඩි තීරණ වලින් දරුවන් අසරණ වෙන අවස්ථා බොහෝ ඇත. මුදල් පසුපසම දුවන්නේ නැතුව දෙමාපියන් දරුවන් වෙනුවෙන් කළයුතු යුතුකම් පහර නොහැර කල වෙලාවට ඉටු කළ යුතුයි.(හිතුමතේට දීග ගිය දුවේ,නුඹේ දුවත් හිතුමතේට දිග ගිය දිනේ... පියාණනුත් ,මාත් මෙදා විදින දුක දැනේ ...!) (නි)
මේ කියන දුව ගෙදර මතක් වෙන්න මොනවත් අරගෙන ගිහින් නැද්ද? (අර සහන්ගේ කතාවෙ වගේ)... (නි)
දරුවන් සහ දෙමව්පියන් අතර බැඳීම දුරස් වෙනකොට දරුවන්ට දෙමාපියන්ගේ හැඟීම් නොතේරී යනවා. එතකොට හරි කියලා හිතෙන්නේ පිට අය කියන ඒවා තමයි. ඒත් කරදරේ වැටුණාම බොහෝ දෙමව්පියෝ අහක නම් බලන්නේ නැහැ (නි)
ඉන්දු - ලන්ඩන්, මම ඔයාට නැන්දම්මා කියන්නද?මාමා සනිපෙන්ද? පෙත්තා නැවත ගෙදර එන්නද? (නි)
මේ පෙත්තා අයියේ, මම තාම පුංචි එකී. ආවා මෙතන මට නැන්දා කියන්න... (නි)
පහන්ලා දෙන්නම නියමයි. ස්තුතියි. (නි)
දෙමාපියෝ තමන්ගේ දරුවෝ ගැහැනු දරුවද/පිරිමි දරුවද කියලා වෙන්කරලා හිතන්නේ නැහැ.ඕනෑම දෙමාපියෙක්ගේ හැගීම් කොයි දරුවාටත් පොදුයි,කොයි දරුවත් උස්මහත් වුණහම ලස්සනට පිළිවෙළට ගෙදරින් එළියට යවන්න හීන දකිනවා.නමුත් සමහර දරුවෝ හැගීම් වලට වහල් වෙලා හැමෝගෙම හිත්වලට ගිනිදීලා ජිවිත වරද්දාගෙන දෙමාපියන් ගාවට අාවත් දෙමාපියන් දරුවෝ අහක දාන්නේ නැහැ.ඒත් මේ ටික දරුවෝ තේරුම් ගන්නේ එයාලත් දෙමාපියන් වුණ දවසට.ඒත් එතකොට ප්‍රමාද වැඩියි.දෙමව්පියෝ මේ ලෝකේ නැතිවන්නත් පුළුවන්.ජිවත් වෙලා හිටියත් මුලු ජිවිතයම ඒ අසරණ මිනිස්සු දරුවෝ දිහා බලලා හුල්ලනවා, (නි)
පැංචි නැන්දේ, "කරදරේ වැටුණාම බොහෝ දෙමව්පියෝ අහක නම් බලන්නේ නැහැ" කියලා ඔයාම නේ කිව්වේ.හරි නපුරු පුංචි කුඩම්මා? (නි)
ගේ වැඩ පල නොදත් එකී... ගත්ත මිනිහ අමාරුවේ.. ඒකයි මට කණගාටු ... (නි)
රත්තරන් දුවේ...මගේ ..රත්තරන් දුවේ ...නුඹයි දිවිය ප්‍රාණවත් කළේ ... ඉගිලිලා ගිහින් සැදුව කුඩුවත් අරන් හනික එන්න පියඹලා දුවේ.. (නි)
ඕවා ඔක්කොම බෞද්ධ පවුල් වල තමයි වෙන්නේ. ඒකනේ අපි ගැහැණු ළමයි වහලා ආරක්ෂා කරන්නේ (නි)
හැගීම් වලට වහල් වන මින්නිසු ජාතිබේද ගැන හිතන්නේ නැ,නිකන් පිස්සක් වගේ කතාකරන්නෙපා.
සහන් බණ්ඩාරගේ කතාව මගේ හිතේ මට ගොඩක් දුක හිතුනු කතාවක් ගොඩක් ස්තුති ලස්සන අදහස් කීපයක්ම තියෙනවා (ස)
සමදරා අක්කේ, ඔයා විවාහකයි නේද...? ඇයි ඉතින් මහත්තයා ගැන නොලියා,මස්සිනායි ,තාත්තයි කියන දේවල් විතරක් ලියන්නේ. නැහැ මං නිකමට ඇහුවේ. (නි)
මොහොමඩ්, සිංහල අපිට කොලොප්පම් කරනවද..? (නි)
සහන්, ඔයාගේ කතාවේ එන දෙමවුපියන් දෙදෙනා මොන තරම් හිත රිදවා ගන්න ඇද්ද., මං හිතන්නේ එය ඇත්තම කතාවක් කියලා (ස)
ඒකනේ අපි ගැහැණු ළමයි වහලා ආරක්ෂා කරන්නේ - (ස)
ඉලක්කය කරා ගිය ඒ දියණි දෙමාපියන් හට දුක් දුන් දියණි ජීවිතය ජය අරගන් මගේ දියණි (ස)
ආදර්ශමත් දෙටු දියණිය පතිකුලයට යනදා සතුටු කඳුළු සිනාසී බෙදා ගන්නට බලා සිටි අම්මාට තාත්තාට දුන් වේදනාවට දඬුවම් නොකර ආ වඩන්නේ බාල දියණියත් නොමග යවන්නටද? අනික් අක්කලා අයියලගේ සෙනෙහසට එල්ලකළ අතුල් පහර කොතරම් ආත්මාර්ථකාමිද?පරම්පරාගත කුල සිරිත් ආසාවට බිලිකළ මෙවැනි සොයුරියක් උප නුපන් මතු අත් බවයේවත් නොපතමි. (නි)
අනේ මේ පෙත්තා කොහිල වලේ පැටලිලාද මන්දා කියන්නේම විකාර. මට පැංචි කියනවා ඒ සැරේ. මම කිවුවේ දෙමව්පියෝ හිතන හැටි. ඒක තේරුම් ගන්න දෙමව්පියෝ වෙන්නම ඕනෑ නැහැ, දරුවන්ටත් පුළුවන්.. (නි)
සැමියා මියගිය බිරිදක් තම එකම දියණිය සමඟ ජීවත් වුණා. මේ අම්මා බොහෝ දුක් විඳලා දුවට ඉගැන්වුවා. විශ්ව විද්‍යාලයටත් යැව්වා. ගමෙන් නගරයට ගිය දුව නගරයේ දිලිසෙන සංස්කෘතියෙන් අන්ධ වුණා. නගරයේ මත්ද්‍රව්‍ය විකුණන කොල්ලෙක් වැදගත් ව්‍යාපාරිකයෙක් වගේ රඟපාලා මේ කෙල්ලව රවට්ටා ගත්තා. කොල්ලා සල්ලි වියදම් කරන නිසා අම්මා කුලී වැඩ කරලා හොයලා දෙන සුළු මුදල ගන්නවත් අම්මා බලන්නවත් ගියේ නැහැ.අන්තිමේදී බොරුකාරයෙකුට අහුවෙලා ඉගෙනීමත් අතරමග නැවතිලා මහපාරට වැටුනා. අන්තිමට යන එන මං නැති වුනාම අම්මා හොයාගෙන ගමට ගියා. අම්මා පිස්සු හැදිලා කොහේදෝ ගිහින් කියලා අහළ පහළ අයගෙන් දැනගත්තා. ගරා වැටුණු ගෙයි අම්මාගේ සාරියක් අරන් කෙල්ල එල්ලිලා මැරුණා. මේක සත්‍ය කතාවක්. (නි)
වන්නි තිලක්, ඔයාගේ කතාවට ගොඩක් දුකයි. ඇත්තටම ගොඩාක් වෙලාවට දෙපිරිසම බුද්ධිමත්ව වැඩ කළ යුතුයි.ජීවිතේ හරි පාර සොයාගන්න (නි)
පහන් මල්ලි ස්තූතියි.මම සොයා ගත්තා (නි)
මට පැංචි කියනවා ඒ සැරේ,හරි හරි වැරදීමක් වුණානේ මගේ පැන්චියේ කියලා කියමුකෝ. (නි)
පසුගිය ටිකේ මේ තීරුව එක එක්කෙනාගේ පිට කහගන්නා නැත්නම් එක එක්කෙනා ආවඩා ගන්නා කල්ලියක් කැලැ නීතියක් සියුම්ව පවත්වාගෙන ආවා. අහිංසක විදියටත් රළු විදියටත් සංවේදීකමට මුවා වෙමින්.හොදටම නෑව්වා අපිවත්. වෙලාවකට පිටාර ගලන මඩ ගොහොරුවක් කළා. යමක් නිවැරදිව තේරුම් ගන්න රස විදින්න අවැසි සරල චින්තනය වනයට තල්ලු කරමින්. "ගේ දොර වැඩ නොදත් එකී ගත්ත මිනිහා අමාරුවේ.. ඒකයි මට කණගාටු..අනේ ඉතින් අපි දෙන්නට , ජබුක් , ජබුක්, මේ තුන් සරණේ සරණයි.. (නදී)
දිට්ට ධම්ම වේදනීය කර්මය පල දීලා නේද වන්නි මාමේ?හොරකමත් හොරකමට අනුබල දීමත් දඬුවම් ලැබිය යුතු වරදකි.අසරණ දෙමව්පියන් සතු වස්තුවක් කොල්ල කෑ පිරිමියාටත් මුහුදු කොල්ලකරුවන්ට දෙන දඬුවම් දිය යුතු වේ. (නි)
පුංචි දවස්වල නින්දට යද්දී වැන්ද දෙපා යුග අදත් වදින්නම්, මංගල ගමනට යන්න අවසරයි පියාණෙනි.... සිංදුව මතක් වුණා. (නි)
රුප නංගි මේ ළමය පොඩි කාලේ මගේ බිරිඳගේ ශිෂ්‍යාවක් ඒ කාලේ අපි පොත් පත් ඇඳුම් එහෙමත් අරන් දුන්න. (නදී)
අපේ පෙරේරාටත් රු.3000ක් දඩගහලා, කෙහෙල් කැන් හොරෙන් කැපුවට (නි)
අනේ මන්දා, මේ දුවට බැරි උනාද දෙමව්පියන්ට කියල අවසර අරගෙන මේක පිළිවෙලකට කර ගන්න , සමහර විට මේ පිරිමි ළමය ඒ තාත්තගේ හිත දිනාගෙන කැප වීමෙන් වැඩ කලා නම් තාත්ත එයාව ව්‍යාපාරයට සම්බන්ධ කරගන්න පවා තිබුනා.(නදී)
චන්දි කීප දෙනෙකුට පණ වගේ පෙම් කලා. ඒ ගොල්ල ඇවිල්ලා තියෙන්නේ රොන් අරං යන්න විතරයි. ලස්සණට ඇදිලා එනවා අපේ දුප්පත්කම දැක්කම ලොකු වගකීම බාර ගන්නේ නැහැ. මම තරහ නැහැ. මම පිරිමි එක්ක තරහ නැහැ. (නදී)
ඕගොල්ලන්ගේ කෙනෙකුට මාව පිටරට යවන්න බැරිද? සෞදි උනත් කමක් නැහැ. ඉතාලි නම් ගොඩාක් හොඳයි. ටිකට් එකට සල්ලි තියෙනවා (නදී)
යන්තම් ඇති දෑවැද්දක් නැතුව ගෙදරින් පිටකර ගත්තා.(නදී)
සමදරා නැන්දේ..මම ළගදි කුමාරසිංහ මුනිදාස මහත්තයාගේ හත් පන පොත කියෙව්වා. පණ වගේ කිව්වට නැන්දේ...? රොන් කොහෙද මම නිකන්ම අන්දුන් කුන්දුන් කැරකිලා බිම වැටුනා..තාම අනද මන්ද දුපතේ වගේ...(නදී)
පුතේ පැන්චි, ගැහැනියෙක් හැටියට මම ඉල්ලන්නේ ලබන ආත්මේ ලස්සන වෙලා උපදින්න එපා කියලා (නි)
මේ මඩුවේ ඉන්න උගතා - පහන්, කරුනාවන්තයා - ආරියසේන, විප්ලවකරයා - රූපා, සමගි කරන්නා - චන්දි, උපදේශක - වන්නි තිලක් , ජිල්මාල් කාරයා - දිසා, කතා බාස් - මං, වැදගතා - ඉන්දු ලන්ඩන් (නදී)
සමදර කෙලී ගෙදරටම නාකි වුණා. මේ පාර ඇවිල්ලා මමවත් හොයලා බලනවා (නි)
වන්නි තිලක්ගේ කතාවට මේ සින්දුව හරියටම ගැලපෙනවා නේද? විදුලිය එළිය දැක ගිනි හුල දියේ හෙලා.... මග වැරදිලා දිව්වේ මං මුලා වෙලා....... පැන ගිය මුවන් ළග හැලුනයි නෙලූ පලා..... දොර ඇරපන් අම්මේ මට සමාවෙලා.......!!!! මෝල් ගහත් ඇවිළුණි කරුම ගින්නට..... උණුසුම මදි වුණා ඔය පැලෙ ඉන්නට...... ආගිය මාවතක් ඉම නෑ පෙනෙන්නට...... අම්මේ දොර අරින් මේ පොඩි හිගන්නිට.......(නි)
සංස්කෘතියට සහ සංවේදීකමට මුවා වී කළා යැයි කියන අවැදගත් අදහස් කුමක් දැයි නොදනිමි.සංවේදී මනසක් වූ කලි ඕනෑම අදහසක් බලා රසවිදීමේ හැකියාවද,මැදහත් සිතින් ඉවසීමේ හැකියාවද පිළිබිඹු කරන්නකි.එය තුල සරල චින්තනය මඩගොහොරු තුලින් සුදු නෙලුම් මලක් වැඩෙන ආකාරයට ක්‍රමයෙන් ඉහළට වැඩෙයි. සිත මෙල්ල කිරීම වනාහි උගත්කමම නොවේ.උගතා යම් විෂයක් සම්බන්ධව දක්ෂයකු වුවත් මෝහය නමැති මඩගොහොරුව තුළ අන්ධයෙකු ලෙස හැසිරීම නිසා අපකීර්තියට පත් වේ.මෝහය මැඩපැවැත්විය හැක්කේ ධර්මය තුලින් පමණි (නි)
අනෙක් අයගේ නම් නොදැම්මාට අමනාප වෙන්න එපා. අනෙක් සැරේ මුළු ක්‍රිකට් ටීම් එකම හදලා එවන්නම් (නි)
වන්නි තිලක්, ඔය කතාව වුණේ ලංකාවේ කොයි පළාතේද? (නි)
කටා, මම ඔය ගොඩාක් දුක් විදි කෙනෙක්. ඔය ගිනි කාෂ්ටක අවුවේ කොහොම සිමෙන්ති කලවම් කරනවද මගේ මාමේ? (නි)
සමදරා නැන්දේ, කීප දෙනෙකුට පණ වගේ පෙම් කරන හැටි කියල දෙනවද? ඒ මාමාල දැන ගෙන හිටියද ඔයා පෙම් කොරනවා කියාලා..අනේ ඇත්තෙන්, අත්තෙන් අත්තෙන් පැන්න කිරිල්ලියේ..දැන් හීතලේ ..නේ.. (ස)
අනේ සමදරා උපාසක අම්මේ,"කොහොම සිමෙන්ති කලවම් කරනවද" අවුලක් නැහැ. පදම දන්නා මාමා ඕනෑ දෙයක් අනාවී.ගුලි කරලා කවාවී. ඔන්න නැන්දේ ඔය පිට උගුරේ යවා ගන්නයි හදන්නේ (නි)
අපේ ගමේ හොඳට ඉගෙන ගන්න කෙල්ලෙක් හිටියා. ඒ කාලේ ගමේ, වැදගත් යයි කියන පැලැන්තියක අය.ගියේ නගරයේ හොඳ බාලිකවකට. හැම විෂයකටම හොඳ දක්ෂතාවයක් තිබ්බේ. ඩොක්ටර් කෙනෙක් වෙන්න තමා කෙල්ලගේ උවමනාව තිබ්බේ. ඔහොම ඉන්න කොට මේ කෙල්ල කොල්ලෙක් එක්ක යාලු උනා. ඊට පස්සේ ඒ කොල්ලත් එක්ක පැනල ගියා.බලන කොට කොල්ල වඩු බාස් කෙනෙක් ළඟ වැඩ කරන කෙනෙක්. අම්මලට හරිම අපකීර්තියක් තමයි ලැබුනේ. කොහොම හරි මේ දෙන්නට ළමයි තුන් දෙනෙක් ලැබුන කාලක් යන කොට. දැන් අර වඩු වැඩ කරපු කොල්ල තනියම වැඩ බාරගෙන කරන තරමට දියුණු වුනා .හොඳට ගෙවල් හදල ඒ අයගේ ළමයි පවා හොඳ පාසල් වලට දාලා ඉගැන්නුවා. පස්සේ මෙයා ලොකු කොන්ත්‍රාත් අරන් වැඩ කලා. අඩු වයසින් බැඳපු නිසා කොල්ල වගේ තමා හිටියේ. ඔහොම ඉන්න කොට මේ වඩු වැඩ කරපු කෙනා වෙන කෙල්ලෙක් එක්ක යාලු වෙලා වෙනම ජිවත් උනා. අර අම්මයි දරුවෝ තුන් දෙනයි අතරමං කළා. හැබැයි අදටත් මෙයාලගේ අම්මල දුවව ගෙදරට ගන්නේ නැහැ. මේ සත්‍ය කතාවක්. (ස)
කටා මාමේ, ඔය කතාව අර විද්‍යවතා කියනවා අහගෙන ඉන්න ආසයි. හරියට ඇහුවොත් කදුලක් එනවා නොඅනුමානයි. (ස)
අක්කේ නංගියේ සීනි බෝල චෙකලට් පැණි වැහෙන රස වචන මේවා ඔක්කොම ඔයාගේ අම්ම තාත්ත අයියා මල්ලිලා ගෙනල්ල බෙදා ගෙන කෑවා. එකට බඩ ගින්නේ හිටියා..ඒ උනාට හැගීම් අවුස්සන පෙම්වතාට පොල් සමබල් හදා ගෙන සිහින මවන්න ගියේ අපි එපා කියාලා නේ..මුළා උනේ මේ අත් බවේ විතරක් නෙවේ නගෝ..ඒ නිසා මතු අත් බවයෙකවත් යලි කවදාවත් එක අම්මගේ කුසයේ නො ඉපදෙමු. (ස)
පැන්චි, කවදාවත් මම දෙදෙනෙකුට එකවර පෙම් නොකලෙමි. (ස)
පෙත්තට ජම්බු තියෙනවා. බොරුවට අඬන්නේ නැතිව ඉන්න. (ස)
කටාර් මාමේ ඔයා කටාර් රටේ ලොකු ගොඩනැගිල්ලක් හදන ප්‍රොජෙක්ට් එකක නේද වැඩ? ග්ලොව්ස් දාන්නේ නැතුව සිමෙන්ති අල්ලන්න එපා. (ස)
ඔන්න සමදරා ඇන්ටිගේ රතු කටුව ළඟටම ඇවිල්ලා වගෙයි. මම ඔබ පිලි ගතිමි." කවදාවත් මම දෙදෙනෙකුට එකවර පෙම් නොකලෙමි." සැබෑව..සැබෑව..විටින් විට හොරෙන් හොරෙන් ..ගණන් නොකෙලෙමි..නැවත ප්‍රචාරය කෙළෙමි... (ස)
සමදරා නංගියේ පෙත්තට තාම බැරිවුනා නේ. පිනි ජම්බු ගැටේ ඇටෙන් හොටේ බේරා ගන්ට... (ස)
සමදරා අක්කේ, ඔයා බොරු කියනවා නේද....? ඒක ඔයාගේ විනෝදාංශයද....? (ස)
වන්නි තිලක්ගේ කතාවට ගොඩක් දුක හිතුනා. ඔය වගේ දේවල් අද සමාජයේ සිදුවෙනවා. ආදරය අන්ධයි. (ස)
ඔන්න ප්‍රේම පරීක්ෂක කාකි..කාකි..කාකි..පැන්නා.. (ස)
මං ආදරේ කරන්න ආසයි. හැබැයි හැමදාම වැරදුනා. (ස)
දෙමව්පියෝ දරුවන්ට ආදරේ කරන තරම් කොච්චරක්ද කියල යම් කෙනෙක් තේරුම් ගන්නේ එයාලත් මව්පියෝ වෙච්චි දාටම තමා. මටත් එහෙමයි. (ස)
බලපුවම මෙතන ඉන්න සේරම දෙමව්පියන්ගේ ආශීර්වාද ඇතුවම මංගල පෝරුවෙන් බැහැල ගිය වගේ කතාව. ආලය අන්ධයි. යොවුන් වියේ ආදරය සුන්දර වරදක්.මමත් බැන්ඳෙ හොරෙන්. එයට හේතුව මගේ පෙම්වතා ගමේ දුප්පත් පවුලක ඉපදුනු එක. නමුත් අපි උපාධි ලබා ගත්තා. බැන්ඳා. අද දෙමව්පියෝ වෙලා. මගේ දරුවෝ කවදාවත් නීති වලින් බැඳල හදල නැහැ. (ස)
මොහොමඩ්, එහෙනම් මොකද බෞද්ධ රටේ ඉන්නේ? (ස)
පද්මි අක්කේ, ඔය ඔය කතා කරන්නේ ඔයාගේ සාර්ථක උන ජීවිතය ගැන. නමුත් ඔයාගේ කාලේ වගේ නෙවි අද කාලේ ළමයි ආදරේ කියල හොයන්නේ වෙන දේවල්.ඔයා හරි හැටි හිතල ඔයාගේ ආදරේ හොයා ගත්තට අද කාලේ 50% ක් ම ගෑණු ළමයි වංචාකාරයන්ට හොරුන්ට අහු වෙනවා, සහ පිරීමියටත් වරදිනවා.එනිසා මම හිතන්නේ වයසින් පරිනත වුන දෙමාපියන්ටත් ළමයි ඇහුම් කන් දෙන්න ඕන එතකොට මේ දේවල් හැම දෙයක්ම හරි විදිහට විසඳෙනවා...!! (ස)
විවාහ වෙන්න බැරි වෙලා ගෙදරට නාකි වෙච්ච ගැනුන්ගේ දුක දන්නේ ඒ ගෑණු විතරයි. මිනිස්සුන්ටත් එහෙමයි. කාටවත් එහෙම වෙන්න එපා දෙවියනේ (ස)
මොහොමඩ්, සම්පත කරුණාකරලා හැමදේටම ආගම ගාවගන්න එපා.හැම ජන කොටසකම හොඳ සහ නරක මිනිස්සු ඉන්නවා.අපි සියලු දෙනාම මිනිස්සු කියල හිතන්න පුරුදු වෙන්න.වෙබ් කමෙන්ට් දාන කොට බොරු නම් දාන්න පුළුවන්.නමුත් අපි මිනිස්සුන්ගේ ප්‍රශ්නයකදී උදව් කරන්නයි බලන්න ඕන. නැතිව එක එකා විවේචනය කරන එක නෙවෙයි. (ස)
සමදරා අක්කේ ඔය තව ටිකක් වයස අඩු උනා නම් මට ඔයා ගැන ටිකක් හිතන්නවත් තිබුනා. නමුත් මගේ පුරුවේ වාසනාවකට ඔයා මට වඩා වයසයිනේ, ඒ කොහොම උනත් මම ඔයාට මගේ සහෝදරෙකුට වගේ ආදරෙයි. (ස)
මෙන්න අපේ සමදරා නැන්දට හොඳ මල්ලියෙක් හම්බවෙලා. සන්තෝෂයි. කොහොමද පොඩ්ඩා මාමේ ඉතින් වාස දේස එහෙම??? (නි)
එහෙනම් කම්මලේ යකඩත් තැලේවි නේද ඉන්දු? (නි)
මයිනහම අදින්න පෙරේරාට යන්න වෙයි (නි)
ඒක තමා කරන්නේ.වම දකුණ බලා ගන්න අර මාලිමා යන්ත්‍රය ඇල්ලුවා නම්? (නි)
එතකොට ඔයා සාරි ගත්තම ඉස්සෙල්ලම පෙන්නුවේ ඔයාගේ මහත්තයට නේද? ඇයි මේ බොරු කියන්නේ සමදරා...!!! කොල්ලනේ, අහුවෙන්න එපා ඕවට (නි)
මොකද්ද චන්දි අක්කේ ඒ සාරි කතාව??? (නි)
ඒ සාරියේ කතාව වැඩිහිටියන්ට පමණලු. (නි)
ඉන්දු නගෝ, දෙයියෝ සාක්කි තීරුවේ පරණ දෙයියෝ සාක්කි වලට යන්න. 5 වැනි අංකය අරන් බලන්න (අගෝස්තු 19) සරුංගලේ වලිගය සරසන්න මවගේ අලුත් සාරිය අරන්,(අන්තිම අදහස් ටික බලන්න )ඔයාට දැනගන්න පුළුවන් වේවි සාරි කතාව (නි)
මම නම් හොදින් ඉන්දු අක්කට කොහොමද? මේ වරද්ද ගන්නෙපා හොදද මම තවම පොඩ්ඩි කොල්ලෙක් හොදේ,(නදී)
ඒකද? ඒක රහසක්. (නි)
මටත් එසේ සිතුනා මගේ මඟුල් දිනේ... නොදෙවෙනි වුනේ මට නම් නුඹ උපන් දිනේ.... පියා ලෙසින් මගේ යුතුකම් විය යුතුනේ.. දුවේ ඉලක්කය හරිදැයි බලනු මැනේ.. (නි)
අද මෙම ප්‍රවෘත්තියට ඉතා වැදගත් මෙන්ම පිය සෙනෙහස මුසු සංවේදී අදහස් දක්වලා තිබුනා. හැමට තුති. මමත් දුවක් ඉන්න පියෙක්. මගේ ප්‍රාර්ථනය, මේ දරුවන් අකීකරුකමක් කරලා අවසන් නිසා යහපත් ජීවිතයකට ආශීර්වාද කිරීමයි. නමුත් මෙහෙම ගිය අයගෙන් වැඩි පිරිසක් ඉතා ඉක්මනින් අකුලාගෙන ගෙදර එනවා. මම ඒක දකින්නේ ඒගොල්ලන් තම දයාබර දෙමවුපියන්ට දුක් ගින්දර දීමේ ප්‍රතිපලයක් හැටියටයි. (නි)
පහන්, සහන්, ඔයාලගේ අහදස් ගොඩක් දරුවන්ට ආදරය කරන දෙමාපියවරුන්ගේ හදවතේ රැව් දෙන දෙයක් කියලයි මට හිතෙන්නේ. මාත් ඒ ගොඩේ නිසා. තරුණ කාලේ අපිත් එක එක දේවල් කළා. නමුත් ගින්දරත් එක්ක සෙල්ලම් කළේ නැති නිසා ඒ වගේ දේවල් දැන් දකිනකොට අහනකොට සාධාරණ තිගැස්මක් ඇතිවෙනවා. දරුවන්ගේ තෝරා ගැනීම සෝඩා බෝතලේ ඇරියා වගේ වංචාවක් නොවේ නම් ගෙදරට හොරෙන් ගියත් පසුතැවිල්ලක් නැතුව ඉන්න පුළුවන්. (නි)
කොහොම උනත් මේ දෙදෙනාට සාර්ථක ජිවිතයක් ලැබෙන්න කියා පතනවා .., (ස)
චන්දි, මව් මරා උපන් කුමරා අඳුනනවා නේ... දෙමව්පියන් කෙසෙල් ගස් නොවෙයි නේ. දෙමාපියන්ට දුන්නු වේදනාවට මම පොල් ගහනවා. ඊළඟ පරපුර වෙනුවෙන්. (ස)
එපා පෙත්තෝ, මොනවා වුනත් දරුවොනේ, දරුවන්ගේ දරුවෝ දකින විට ,හැමදෙයක්ම ඉවරයි . එදාට සතුටු කදුළු දෙනෙතට එනවා ෂුවර්...!! (නදී)
චන්දි , සාරි කතාව ඇත්ත. මට පෙමවත්තු හිටියා. දෙන්නෙක්ව මම සැලකුවේ මගේම ස්වාමි පුරුෂයා හැටියට. අපි ලිවින් ටුගේඩර් හිටියේ - කොළඹ. අද ගොඩක් අය ලිවින් ටුගේඩර් ඉන්නවා කොළඹ. එකේ වරදක් පෙන්නේ නැහැ. ආම්මලට කියන්න එපා ඕවා ඕගොල්ල අවොත්. අද මම තනි වෙලා (දී)
සමදරා, ඔයාට උත්තර දෙන්න මට තේරෙන්නේ නැහැ. මට ඔයාගේ චරිතය හිතා ගන්නවත් බැහැ.කොහොම උනත් ඔයා බොරුවෙන් ජිවත් වෙන කෙනෙක්. මන්දා අනේ....., (ස)
සමදරා අක්කේ, ඇත්තටම ඔයාට ලැජ්ජාව කියල දෙයක් නැද්ද ?එහෙම නැත්නම්, ඔයා පිරිමියෙක් වත්ද ..?අයියෝ පිස්සු හැදෙනවනේ අප්පා.(නදී)
මම නම් කොච්චර වුණත් දෙමව්පියන්ගේ ආශීර්වාදේ නැතුව කරන දේ අනුමත කරන්නේ නැහැ. ළමයෙක් හදන්න දෙමව්පියන් කොච්චර දුක් විඳිනවද? ඊට පස්සේ දුක් දෙන එක පවක්. ළමයින්ගේ කැමැත්ත තමයි. එහෙත් දෙමව්පියන් විරුද්ධ වෙන්නේ ළමයාගේ නරකකට නෙමෙයි. ඒක තමුන්ට තේරෙන්නේ කවදා හරි ළමයෙක් ලැබුන දාට, එතකොට ප්‍රමාද වැඩියි. කොහොමහරි දෙමව්පියන්ගේ කැමැත්ත අරගෙන කරනවා නම් හොඳයි, අනික අන්තිම වෙනකල් ඉන්න හොඳ නැහැ දෙමවුපියන්ට දන්වන්න. මුලදීම දැන්වුවහම වෙන් වෙන්න වුණත් ලේසියි. එහෙම කරනවා නම් ඒ ළමයා හොඳ ළමයෙක්, හොඳට හැදිලා තියෙන කෙනෙක් (නි)
ලැජ්ජාව කියන්නේ බොහොම බර දෙයක්...පුටුවක් උඩින් වත් තියන්නකෝ..බැරිම නම්..ඉතින්..දාපිය බිමටවත්.. (ස)
ගෑණු ලස්සන වෙලා උපදින්න එපා කියලා පතන්න. ලස්සන උනාම මිනිස්සු පන්නන්නේ අර බල්ලෝ බල්ලියෝ පස්සේ පන්නන විදියට. අපි හරි අසරණ වෙනවා. වැඩියත්ම දුප්පත්කම. (ස)
පෙත්තා මට බනින්න එපා. මාව තේරුම් ගන්න. (නි)
මගේ කතාව අද හුඟක් කෙල්ලන්ගේ කතාවයි. (ස)
අපි හරි අසරණ වෙනවා. දුප්පත්කම නිසා.ගමේ දුප්පත් අම්මා කෙනෙක් වෙන පිට කෙනෙක් එක්ක උකුළු මුකුළු කළොත් එයාට කතා හදනවා. දුප්පත්කමත් වලිගය නැති ගොනා වැනි...නේ. (නි)
ලස්සන කියන දෙය නහයට වත් කනට - නොදැනෙන්නේ මොකද තෝරා දෙන කලට - ඉවසාගෙන ඉන්න අම්මේ බැරිය මට..... (නි)
අප්පොච්චියෝ, අක්කිගේ කතාවෙන්ම තේරෙනවා හොද වන්නම් නටලා තියෙන විත්තිය ..... (නි)
හොද වන්නම් නම් කමක් නැහැ අනේ.. බෙරේ පලුවකුත් නැහැ,නටපු වන්නමකුත් නැහැ. (නි)
මේ මොනවද දොඩවන්නේ ...? (නි)
දුවනේ ගියේ නෝනා නෙමෙයි නේ , ඕක සාමාන්‍ය දෙයක් නේ. (දී)
කවුද මේ ''එම්'' සාදරයෙන් පිළිගනිමු ''එසැන තීරුවට" (දී)
සමදරගේ කතාවෙන් හිතන්න බැහැ එයා හොද හැදිච්ච කෙනෙක් කියල කාන්තාවක් හැටියට මීට වඩා වැදගත් විදිහට කට පාවිචි කල යුතුයි .මෙයා නිසා මෙතන දෙගොල්ලෝ දෙපැත්තකට බෙදිලා .(දී)
පෙරේරා නහින දෙහින කාලෙට පෙම් කරන්න තටමනවා වගේ .(දී)
ආදරය කියන්නේ වයස් බේදයක් තාරා තිරමක් නැති දෙයක් (දී)
අයියෝ සල්ලි (දී)
සමාජයේ ඕනා තරම් අහන්න ලැබෙනවා මෙවන් සිද්දි (දී)
තාත්තාට තරු පෙනිලා ඇති (දී)
දැන් කාලේ හැදෙන ළමයිගේ හැටි (දී)
අයියෝ ගණන් එපා (දී)
ඔයාලාට හිනා.මේ ඇහුනද? අන්න ලොකු එකී පැනලා ගිහිල්ලලු (නි)
සමදරා අක්කේ, ලස්සන කියන දේ සාපේක්ෂයිනේ. එය එකිනෙකාගේ දෘෂ්ටි කෝණය අනුව වෙනස් වෙනවා. එතකොට, සාපේක්ෂව ලස්සන අඩු ගැහැණු, පිරිමි අය වරදේ බැඳෙන්නේ නැද්ද? ඒ නිසා ලස්සන හේතුවක් නොවන බවයි මගේ හැඟීමයි. දුප්පත්කම සාධකයක් විය හැක. (නි)
මම නරක කෙනෙක් කියල හිතනවා නම් මේ සභාවෙන් අයින් වෙන්නම්. (ස)
කොහොමද නයෝමි ගණන් ගන්ඩ එපා කියන්නේ. (ස)
හෙහ් ..බොහොම පරණ පළාත් සබා රැස්වීමක් වත්ද? දැන් එහෙම බෑ..දත් සාප්පු..මසාජ් සෙන්ටෙර්ස්..පාලි උච්ඡාරන..නැති පළාත් සැබෑවක් නෑ නේ . (අ)
ලය නොහදුනන දියණියනේ... සැමට දකින ලැම පමණකි ඉලක්කයට තිබුනේ.... සිව්පාවත් වලිගෙ වනන සුන්දර ගෙයි තිබුනේ.... ඒක බින්ද ශාපෙ නිසයි නෙත කඳුලැලි රැඳුනේ... (නි)
සමදරා, ලිවින් ටුගෙදර් සාමාන්‍ය දෙයක් ලෙස මෙවැනි තැනක ලිවිම නොහොබිනා වැඩකි. එය සාමාන්‍ය දෙයක් නොවේ. එය සාමාන්‍යකරණය කරන්න ඕනෑ අය ඉන්න බව අපි දනිමු. කොළඹ ඕනෑ තරම් කෙල්ලෝ ඉන්නවා නියම ලෙස ජිවත් වන. නමුත් සමහර ගම් වල වන වදුලු වල රහසේ එක්වන අයත් ඉන්නවා. ඕවට ගමද නගරේද කියා වෙනසක් නැත. හැබැයි ටවුමේ බෝඩිම් වලට එන නංගිලාව නොමග යවන අක්කලා ඉන්නවා. (නි)
හිස් ගිනි පෙට්ටි තොග ඇත. ගිනිකුරු අල්ලපු කඩේ ඇති.(නදී)
කොහොමද දරැවො හදන්නේ? තාත්තා කෙනෙක් ද අනේ ඔයා (අ)
කෝ බන් මගේ සුරුට්ටුව ? (නදී)
හදලා දාපු කතාවක්. (අ)
අල්ලපු ගෙදර බාස් උන්නැහේ අරන් ගිහින්,මාමේ.. (නි)
දෙය්යෝ සාක්කි (දිල්)