දිනය ඉකුත් සෙනසුරාදාය. ස්ථානය මැද රටේ ප‍්‍රසිද්ධ පූජනීය ස්ථානයකි. පසුදා පැවැත්වෙන පස්වැන්නේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දූ පුතුන් සමග මවුවරු මෙන්ම පියවරුද පුදපූජා පැවැත්වීම සඳහා එහි පැමිණ සිටියහ. ඔවුන් ගත කළේ දැඩි අවිවේකී කාලයකි. පස්වරු තුන හමාරට පමණ පියෙක් තම පුතු සමග එහි ආවේය. විශාල ප‍්‍රමාණයෙන් සැකසූ පූජා වට්ටියක් ඔහු අත තිබිණි. එහි විශේෂිත වර්ගයේ පලතුරු ආදිය ද දක්නට ලැබිණි. ඒ සඳහා රුපියල් තුන් හාරදහසක් පමණ වැය කරන්නට ඇති බව පෙනී ගියේය. මේ පූජා වට්ටිය මේසයක් මත තැබූ පියා පුතුට ඒ අසලින් ඉන්නටැයි කියා වෙනතක ගියේ හඳුන්කූරු පැකට්ටුවක් ගෙන ඒම අමතක වූ නිසාය. අවට සිටි මවුපියවරුන් අතරින් කෙනෙකු අන්න ලස්සන පූජා වට්ටියක් තියනවා කීයේ මහ හඬ නගමිනි. පිරිස ඒ වටා රොක් වූහ. එක් එක් කෙනා එහි පලතුරු එකින් එක අතට ගනිමින් රස බලන්නට වූයේ සතුටු සිතිනි. මේ වැඬේ ගැන තේරුමක් නැති පුංචි පුතා මේ දෙස සතුටු සිතින් බලමින් ඔහු ද ඇපල් ගෙඩියක රස බලන්නට වූයේය. හඳුන්කූරු ගෙනෙන්නට ගිය පියා එහි එන විට පලතුරු වට්ටියේ තිබුණේ යටට ඇතිරූ බුලත් කොළ ටික පමණි ”අයියෝ මගේ දරුවාගේ පූජා වට්ටිය” කියූ පියා දෑතින් පපුවට ගසා ගනිද්දී එහි රස බැලූ පිරිසට සිදුවූ අකරතැබ්බය පිළිබඳව හැඟී ගියත් කරන්නට දෙයක් නොවීය. පූජා වට්ටියක් සකසන්නට තරමේ අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගන්නට තැනක් ද ඒ අසලක නොවූයෙන් පුතු සමග පුද බිම පුරා සැරි සරමින් තම දුක කියූ පියා ආපසු ගියේ කඳුළු වගුරවමිනි. එහෙත් පුංචි පුතු සිටියේ සතුටින් බව පෙනුනි. ඔහු පසුදා එම සතුටු සිතින්ම විභාගයට පෙනී සිටින්නට ඇතත් පියා සිටියේ මහත් කනස්සල්ලෙනි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔවු ඔවු. ඔය අම්මණ්ඩිලා දුන්න දානයම ඇති පුතාට විභාගය සමත් වෙන්න. (නි)
කොහොමද ඉරිසියාව
ඒ පූජා වට්ටිය විතරමයි දෙවියන් භාර ගත්තේ. පොඩි එකා විභාගයෙන් සමත් වෙනවාමයි. (නි)
මේ පෙරේත තටු දානයේ ආනිසංසයෙන් ඒ පොඩි පුතුට ඉහළ සාමාර්ථයක් ලැබේවා කියා පතමි. (නි)
දෙවියන් උදහස් වුවහොත්, පූජාවට්ටියේ පලතුරු කාපු අයට වමාරන්න වෙයි. (ත)
ලැජ්ජයි
අයියෝ සල්ලි
මවාපෑම හුගක් වැඩියි. (නි)
හලෝ, ගෑණු කියලම කියන්න ඇයි? ලිපියෙ තියෙන්නේ මවුපියවරුන් කියලා. එතකොට පාර්ශව දෙකම අයිතිය. ඒකවත් තේරිලා නැතිව ඔහේ කියෝනවා. (නි)
අනුන්ගේ දේවල්ම කාලා පුරුදු ගැහැණු ටිකක් වෙන්න ඇති. (නි)
ගර්භණී මවුවරුන් ටිකක් වෙන්න ඇති. (නි)
පුතුගේ විභාගය ඉහලින්ම සමත් වේවා! (නි)
දෙවියන්ට පුලුවන්ද ළමයින්ව විභාගේ පාස් කරවන්න? (නි)
ඒක තමයි ගෑණු කියන්නේ. (නි)
පුජා වට්ටි අරන් විභාග සමත් වෙන්න දඟලන මෝඩයන්ට යස පාඩම. පුතා තමයි හරි. හැමෝම එක්ක බෙදාගෙන කාලා සතුටු වුණා. බුද්ධිමත් දරුවෙක්. (නි)
අන්ධ විශ්වාසයන්. (නි)
මේ පෙරේත තටු දානයේ ආනිසංසයෙන් ඒ පොඩි පුතුට ඉහළ සාමාර්ථයක් ලැබේවා! පියාටත් ගොඩක් පින් ලැබේවා! (නි)
කිසි දෙයකට බය වෙන්න එපා. තාත්තා පුතා අනිවාර්යයෙන්ම සමත් වෙනවා. දෙවියන් ළඟට යන්න කලින් ඔබේ පූජාව කලින් සිදු වුණ ස්තූති කරලා පුතා පාස් කියලා ස්ථීරවම හිතන්න. (ස)
හදවෙත් භක්තියෙන් පූජා කරන්නට ගෙනා පළතුරු වට්ටියට කළ දේ නම් බොහොම නරකයි . සියලු දෙවි පිහිටෙන් පුතුගේ විභාගය ඉහලින්ම සමත් වේවා (ස)
මේ ගෑනු කට්ටියට තිබ්බ දොලදුක නිවුණු නිසා දෙවියන්ට පූජා කරාට වඩා ආනිසන්ස ලැබේවි..(ස)
ඔච්චර සිහි කල්පනාව නැති වෙන්න ගුලි කාලද ඉඳලා තියෙන්නේ මේ ගැහැණු ටික..(ස)
ගෑනු අම්මන්ඩිලා ඔහොමමයි ,ඕප දූප කතාකරකර පලතුරු වට්ටියම දෙසාබාන්න ඇති ..(ස)
මෙවැනි පුද පූජා පවත්වන දේවස්ථානයකදී ඔය අම්මලාට ටිකක් හිතන්න බැරිද? පූජාවට්ටිය දිහා බැලුවාම ඕනම කෙනෙකුට තේරෙනවා මේක පූජාවකට තියෙන්න කියලා.. වැඩේ කැතයි..!!(නු)
මේවා පත්තරේ දාන්න ඕන නැහැනේ. රටේ කොයි තරම් ප්‍රශ්න තියෙනවාද?
අපෝ මෙහෙමත් අම්මාවරු ?කෙසේ වෙතත් පුතා විභාගය සමත්වෙන්න කියලා මම පතමි.(ස)
මෙයාලට අම්මලා කියලා කියන්නත් වටින්නේ නෑනේ...(ස)
කකුල් දෙකේ සත්තු , චික් විතරක් ..බඩ ජහරි කම (ස)
සමහරු සමහර ස්ථාන වලදී පූජා කරපු වට්ටිය කන්නේ සත්තු රැලක් වගේ.. .... කොහොම වෙතත් නොදන්නා නොපෙනෙන දෙවියන්ට ඉහලම පලතුරු පූජා කරන සමහර ඇත්තෝ අහිංසක හිගන්නෙකුට හරි තවත් මනුස්සයෙකුට හරි බත් මිටක් දෙන්නේ නැහැ... දෙයියෝ ඔය හැම තැනම ඉන්නවා.. පුළුවන් නම් දෙවියන්ව තමන්ගේ හිත් වල වැඩ හිඳුවා ගන්න... කොන්ක්‍රීට් බිල්ඩින් වල ගල් පිළිමවල නැතුව.. (ස)
දානයක් දුන්නා කියලා හිතා ගන්න...(ස)
අද කාලේ මිනිස්සු හැසිරෙන්නේ සත්තු වගේ .මේක මහ පෙරේත වැඩක්...(ස)
කෑමක් ගැන ඔච්චර හිතන්න ඕන නෑ..දරුවා විභාගේ සමත් වේවි හොඳට ලිව්වනම්..(ස)
අම්මාවරුනේ.....අම්මාවරුනේ.....(ස)
ඔච්චර දෙයක් පුතාට නොතේරුණ එකත් පුදුමයක්..අනේ මන්දා..(ස)
නැහැදිච්ච ගෑනු ටිකක් .අනුන්ගේ ඒවා කන්නමයි බලන්නේ..(ස)