තම පුතාගේ ජංගම දුරකථනය සොරකම් කර ලේලියගේ මවට විකුණා තිබූ සැකකරු සහ එම ජංගම දුරකථනය මිලදී ගත් බව කියන පුතාගේ බිරිඳගේ මවද (ලේලියගේ මව) කටුගස්තොට පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබූහ.
කටුගස්තොට ප‍්‍රදේශයේ නිවසක තිබූ රුපියල් 3,11,00ක් පමණ වටිනා රන් භාණ්ඩ මුදල් හා ජංගම දුරකථනයක් සොරකම් කර ඇති බවට පොලිසියට ලැබුණු පැමිණිල්ලක් පරීක්ෂා කළ පොලිසිය මෙම තොරතුරු අනාවරණය කරගෙන තිබේ.
සොරකම් කළ බව කියන ජංගම දුරකථනයේ සිම්කාඞ්පත උපයෝගි කරගෙන කරන ලද තාක්ෂණික පරීක්ෂණයක් අනුව එම දුරකථනය පැමිණිලිකරුගේ බිරිඳගේ මව ළඟ තිබී පොලිසියට හමුවී තිබේ.
ඒ පිළිබඳව වැඩි දුර පරීක්ෂණ කිරිමේදී එම දුරකථනය පැමිණිලිකරුගේ පියා විසින් බිරිඳගේ මවට රුපියල් 1000කට විකුණා තිබූ බව අනාවරණය වී තිබේ.
කෙසේ නමුත් ජංගම දුරකථනයක් සොරකම් කිරීම හා ළඟ තබා ගැනීමේ චෝදනා මත පැමිණිලිකරුගේ පියා හා බිරිඳගේ මව අධිකරණයට ඉදිරිපත් කළ බවත් පැමිණිල්ලේ එකඟත්වය මත අනෙකුත් භාණ්ඩ පිළිබඳව තීරණයක් ගන්නා බවත් පොලිසිය කියයි.
කටුගස්තොට පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක දේශපි‍්‍රය ජයතිලක මහතාගේ මෙහෙයවීම මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ශාන්ත බණ්ඩාර, උප පොලිස් පරීක්ෂක මහින්ද රාජපක්ෂ, සැරයන් ජයරත්න යන මහත්වරු සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පැවැත්වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිසානායක මල්ලි මම දන්නවා ඔයා හිතේ අමාරුවෙන් ඉන්නේ කියලා ...ජීවන බරත් එක්ක අර කාගේ දෝ කොලු පැටියෙක් හැමදාම ඉස්කෝලෙට ඇදගෙන යනවා. ඒ මදිවට, ඔයාගේ නෝනා කෙට්ටු මහතා වැඩී කියලා, කෙට්ටු වෙන්න බොන බේත්, මගේ ෆර්මසියෙන් ඔයා ණයට ගත්තු බෙහෙත් වල බිල මම එකතු කරලා දිනෙත් එක්ක කැලැන්ඩරේ ලියලා අවේ මීට අවරුදු 12 කට පෙර.ඒක දැන් පටවු ගහනවා.පොලිය පිට පොලිය ...මගේ මනුස්සකමට ලෝකයට නොකියා හිටියේ ...ණය මුදල ගෙවා දැම්මොත් හොඳයි ...?මගේ ෆාමසියත් බදු දීලා තියෙන්නේ. ඔයාලා ණයටම බෙහෙත් අරන් මාව බංකොලොත් වුනා...? මේ සිංහල අවුරුද්දටවත් කලින් ණය ටික ...ලැබුනොත් ...? (ස)
රූපවතී අක්කා පිටි කොටන්න, මිරිස් අඹරන්න එහෙම දන්නේ නැතිව ඇති නේද?(නදී)
අනේ මටනම් හිනා වෙලා මැරෙන්න එනවා මේ අදහස් දැක්කම. මේ නැන්දම්මල, මාමන්ඩිලා බෙදා ගන්න බැරුව අපේ අය රණ්ඩු වෙන හැටි.(නදී)
ශානිකාට මේ අදහස් දැකල හිනා වෙලා මැරෙන්න එනවා කියන්නේ ! ඔයත් සතුටින් මේ ඔක්කොම අදහස් කියවනවා කියන එකයි! එහෙනම් මෙම අදහස් දෙයියෝ සාක්කි තිරයට හොඳටම ගැලපෙනවා ! පුවතටත් අදහස් වලටත් දෙකටම හිනා වෙන්න පුළුවනි! (දී)
අපේ ගමත් ඔය කියන ගම කිට්ටුවමයි. කටුගස්තොට ප‍්‍රදේශයේ ඔය වගේ සිද්ධි හුඟක් වෙනවා. ඕනෑම හොරකමක් කරලා පවුලේ උදවිය සමග ගණුදෙණු කරගන්නවා. ලොකු උන්නැහැ හවසට සප්පායම් වෙන්න රුපියල් 1000කට ජංගම දුරකථනය විකුණන්න ඇති. (නි)
මේ නිව්ස් එක රූපවතිලාගේ පවුලේ කතාවක්. ඔය කෑගහන්නේ ඒ හින්දා. මොනවා වෙතත් රූපවතිලාගේ මාමණ්ඩි කරලා තියෙන්නේ දෙකොනින් හිනා යන වැඩක් (ස)
දවසක් පාසලේදී ගුරුතුමෙක් උස් හඩින් ගුත්තිලය ලිවේ කවුද ළමයිනේ කියලා ඇසුවාම, මම නම් නෙමේ සර් කිව්වලු ළමයෙක්. සිනා ගිය ගුරුතුමා සවස ගෙදර ගිහින් නෝනට කීවාලු සිද්ධිය, වෙන්න බැහැ ඌම තමයි ලියන්නේ ඇත්තේ කීවාලු නෝනත්. මේ නෝනලත් ඇරපු අතක් නෑ ඒ වගේමයි !!! (ස)
ඇත්තටම ...හිතා ගන්නවත් වෙලාව මදි වුනා...? අපේ දිසානායක කොලුවාගේ තාත්තා වෙන්න බැරිද මේ වැඩේ කලේ ....?පහුගිය වෙසක් මහේ දිසානායක මල්ලිගේ නැන්දම්මත් තාත්තත් සමඟ පොඩි කසු කුසුවකුත් ගමේ පැතිරුණා.....?දිසානායක මල්ලි ඕවට හැම වෙලේම හොට දමන නිසා,මේ වින්නැහිය වෙලා තියෙන්නේ....? (ස)
සරත් ඇයි අනේ ඔයාට මේ අදහස් කියෙව්වම එක පාරක්වත් හිනා ගියේ නැත්ද?මට නම් මේ කතාවට වඩා අදහස් වලට හිනා ගියා. ලේ ටික පිරිසිදු කර ගන්නවා මම එහෙම හිනා වෙලා. ටිකක් හිනා වෙලා බලන්න.(නදී)
මේ, රූපවතී, ඔයාට වැඩක් ඇත්තෙම නැත්නම් මගේ කඩේ රැකියාවක් දෙන්නද? (නි)
අනේ රූපවතී ඔයාට වැඩක් ඇත්තෙම නැත්තම් මගේ කඩේවත් රස්සාවක් දෙන්නම්. (ස)
හේරත් මහත්තයෝ ඔයාට කඩේ බංකොලොත් කරගන්න ඕන වෙලාද ?එයාගේ කඩේ කරගන්න බැරුව බදු දීල පොලු තියල රට පැන්නා. ඕනෙම නම් ආප්ප දාන්න විතරක් ගන්න.(නදී)
නියම බිස්නස් එක (දී)
රූපවතිට ඕනේ උනේ මට මඩ ගහන්න නෙමෙයි. එයාගේ ෆාමසිය ගැන ලොකුකම් කියන්න ..දැන් හරිනේ හැමෝම දන්නවා ප්‍රමිතියක් නැති බෙහෙත් විකුණලා අහුවෙලා හිරේ ගියා කියලා අපි දන්නවා. (ස)
@ රුපවති ඔයාගේ වැඩේ ලන්කදීපයට අදහස් දාන එකද? (දී)
මර්ෆ්, ඔයාට ප්‍රශ්නයක්ද ඒක? අදහස් දාන එක වැරදිද? (නි)
රූපවතිට කියනකොට මොකද දිසානායක පනින්න්නේ?ලෙඩක් ද?(නදී)
ඇයි !! බෙහෙත් දෙන්නද....? පයිරුස් ....., ඔයා ඩොක්ටර් කෙනෙක්ද....?(නදී)
මම දන්නවා දිසානායක කොලුවා මට ආදරෙයි කියලා. මගේ ෆර්මසිය බංකොලොත් උනත් දුකක් නැහැ දැන් ...?(නදී)
දිසානායක විතරක් නෙමෙයි අපි ඔක්කොම රූපවතී අක්කට ආදරෙයි.(නදී)
ඔව් සරත් මල්ලි ..මේ එසැන හැම ..කෙනෙක් ගැනම හදවතේ ඇත්තේ අප්‍රමාණ සහෝදර බැදීමක් ...? අපි ගොඩක් වාසනාවන්තයි කියල දැනෙනවා හිතට ...අපි හැමෝම පින් වන්තයි ...?(නදී)
චන්දි ඔයාටත් බෙහත් ඔනවෙලද? (දී)
රුපවති නෝනා, ඔයා අද අර බේත් පෙති ගත්තේ නැහැ නේද? (නි)
වරුණ ඔච්චර තරහ ගන්න එපා. දැන් වැඩත් අඩුයිනේ. ශිෂ්‍යත්වෙත් ඉවරයිනේ. (ස)
පුදුමම තාත්තලානේ...?හොඳ වෙලාවට පුතාව අහු නොවුනේ? නැතිනම් ඒ කොලු පැටියාවත් ඇහැට කනට පෙනෙන නැන්දම්මා කෙනෙකුට උගස් කරනවා ෂුවර් ...? (ස)
වරුණගේ තාත්තත් ඒ වගේද. හැබැයි කැපිලි කෙටිලි නම් හොඳම නෑ. (ස)
මටත් හිතෙන්නේ වරුණ ගෙදර අයටත් කැපිලි කෙටිලි දානවා වගේ. (ස)
ෂික් ! රූපවතී අක්කා කියන්න වගේ අපේ තාත්තටත් හිතෙන්නේ නෑනේ ඉක්මනට මාවත් ටිකක් ඇහැට කනට පෙනෙන නැන්දම්මා කෙනෙකුට උගස් කරන්න! සින්නක්කර උනත් කමක් නෑ! (ස)
නඟයි මස්සිනයි යාලු ඇති. (ස)
මොකද හැම කෙනෙක්ම මාමණ්ඩියට විතරක් බනින්න්නේ!! (ස)
ෂා!!! මං දන්නැනේ සරත් .., ඒ වගක් .., අපරාදේ ඔයාලගේ තාත්තගේ ෆෝන් නම්බර් එක දෙන්නකෝ !!! මං කෝල් එකක් දීලා සින්නක්කරම ලියා ගන්න (මට නොවෙයි) අපේ ආච්චිට එයා තාමත් ඇහැට කනට පේනවා (මොකද රුප.. අක්කේ මගේ අදහස හොද නැද්ද...? ) ලියන්න තියෙන්නේ මෙච්චරයි මේ වගේ තාත්තලා රටටම සාපයක් පුතාගේ දේ හොරකන් කරන අප්පෙක් ගැන මින් මතු අසන්නට නොලැබේවා කියා පතමි (ස)
අපේ තාත්තා ඒ කාලේ බණ්ඩාර ගේ ගෙවල් පැත්තේ ගිහින් තියෙනවා වගේ. බණ්ඩත් ඒකනේ මටම කැපිල්ලම දාන්නේ? (ස)
අනේ චන්දි මටත් පෙලවහක් කරගන්න උදව් කරන්නකෝ. මටත් දැන් 42 ක් විතර වෙනවා ! (ස)
චන්දි , මට අපේ තාත්තගේ ෆෝන් නම්බර් එක දෙන්න පුළුවනි! ඒත් මට තියෙන ප්‍රශ්නය මට ඔයාට පුංචි අම්මා කියන්න වුනොත්! (ස)
මරු තාත්තලා නැන්දම්මට මුකුත් කියන්න බැහැ. අඩුවට හම්බ වුන නිසා මස්සිනාව විශ්වාස කරලා ගන්න ඇති. (ස)
ඔන්න කන්නන්ගර ඕනෑමනම් පෙලවහක් කර ගන්න අරුණි ඉන්නවා කතාකරල බලන්න (දී)
කන්නන්ගර !! මේ අහන්න .., ඔය වල පයයි ගොඩ පයයි ඉන්න ඔයාට මොන පෙළවහද අනේ !!! ඔන්න ඔහේ .., මලක් පුජා කොරලා ., බණක් අහලා .. ඉතිරි කාලෙත් ගෙවා ගන්න බලන්නකෝ !!!!! (ස)
ආ.., සරත්!! නරක් වෙලා හිටියි .., මට පුංචි අම්ම කියන්න වුනොත් !!! හරි හරි .., මේ ඔයා මට පුංචි අම්මා කියන්න අකමැති නම් ''සුදු අම්මි'' කියන්නකෝ කතාව ඉවරයිනේ !! (ස)
වරුණ ශිෂ්‍යත්වෙන් පස්සේ තව ඉගන ගන්න ඕනේ! පස්සේ පුළුවන් මගුල් කපුකම් කරන්න. ඒකට ටිකක් වයස යන්න ඕනේ ! සාමාන්‍ය පෙළ දක්වාවත් ඉගන ගන්න! (දී)
මේ... නැන්දම්මා අදුරන්නේ නැද්ද බෑනාගේ දුරකථනය (දී)
සරත් මල්ලි කැන්ටිමේදී.. මොකුත් වලියක් ගියාද ?හිඟ සල්ලිත් ගෙවලා ඉවර නම් මොකද ..?නැති නම්, චන්දි නංගි කවදාවත් ඔයාව එයාගේ ආච්චි අම්මට කරකාර බන්ඳලා දෙන්න තීරණය කරන් නැහැ...? (ස)
චන්දි නංගි, අදහසනම් බොහොම හොදයි සරත් මල්ලිට ඕනනම් දවල් කාලේදී විතරක් හා තාත්තට ඇහෙන්නයි පමණක්, පුංචි අම්මේ කීවට කමක් නැහැ. අදහසත් හොදයි. මම හිතාගෙන හිටියේ අපේ දිසානායක මල්ලි විතරයි කලකිරීමෙන් ජීවත් වෙන්නේ කියලා. බලනකොට අපේ සරත් මල්ලිටත් කල කිරිලා වගේ.(නදී)
හරි අරුණි නැන්දේ... මම පොඩි තමා. එත් කන්නන්ගර මාමාට 42ලු .අරුණි නැන්දට ගැලපෙන වයස.(නදී)
කන්නන්ගර, ඔයාට තවම වයස මදි. අඩු තරමේ ඔයාලට වයස 65 ක් වත් යන්න ඕන කසාදයක් කරගන්න. සාමාන්‍යෙයන් ඇහැට කනට පෙනෙන කෙනෙක්ව. නැත්නම් ඔයාලා ගස් උඩමයි ඉන්නේ.(නදී)
අයියෝ රුපවති අක්කේ