මියගිය අයකුගේ ඥාතිවරියකගේ ඉල්ලීම අනුව අවමංගල්‍ය ඡායාරූප ගැනීමට ගිය ඡායාරූප ශිල්පියකුට මියගිය පුද්ගලයාගේ දියණියක විසින් බැණවැදී පහරදීමේ පුවතක් කෑගල්ලට නුදුරු ගමකින් වාර්තා වේ. ඡායාරූප ශිල්පියා මියගොස් සිටි පුද්ගලයා දැනහඳුනන අයකු වූ බැවින් ඔහුට අවසන් ගෞරව දැක්වීම සඳහා එම නිවසට ගියේය.
එහිදී මියගිය පුද්ගලයාගේ ඥාතිවරියක අවමංගල්‍යයේ ඡායාරූප කීපයක් රැගෙන දිය හැකිදැයි ඡායාරූප ශිල්පියාගෙන් විමසා ඇති අතර උදව්වක්ද වශයෙන් එය කළ හැකි බව ඡායාරූප ශිල්පියා පැවසීය. කැමරාවද රැගෙන ආ ඡායාරූප ශිල්පියා ඡායාරූප ගැනීමට සූදානම්ව පවුලේ ඥාතීන්ට මෘත දේහය තැන්පත් කර තිබූ ස්ථානයට පැමිණෙන ලෙස දැන්වූ අතර මියගිය අයගේ තරුණ දියණියක්ද ඒ අතර වූවාය.
එම පිරිසගේ ඡායාරූපයක් ගැනීම සඳහා දේහයට ආචාර කරන අන්දමට සිටින ලෙස ඡායාරූප ශිල්පියා දැනුම්දුන් නිසා සියලුදෙනාම එසේ සිටි නමුත් මියගිය අයගේ දියණිය පමණක් තමාට එසේ රඟපෑම් කිරීමට නොහැකි බව කියමින් එය ප්‍රතික්ෂේප කළාය. කෙසේ වෙතත් ඡායාරූප කීපයක් ගත් ඡායාරූප ශිල්පියා ස්තෝප්පුවේ තිබූ පුටුවක වාඩිවී කැමරාවේ තිබූ තමා ගත් ඡායාරූප පරික්ෂා කරමින් සිටින විට තවත් පුද්ගලයකු සමග එම ස්ථානයට පැමිණි අර තරුණිය “මේකා තමයි මට රඟපාන්න කියලා කීවේ.” යයි කියමින් ඔහුගේ කම්මුලට පහර කීපයක් ගැසූ අතර ඡායාරූප ගැනීමට ආරාධනා කළ කාන්තාව මැදිහත්වී තවදුරටත් පහරදීම වළක්වා ඇත. පහරකෑමට ලක්වූ ඡායාරූප ශිල්පියා ඒ සම්බන්ධයෙන් කෑගල්ල පොලිසියට පැමිණිලි කර ඇති අතර උසස් අධ්‍යාපනය ලබන එම තරුණියගේ පහරදීම ශෝකය නිසා කළ පහරදීමක් නොවන බව ඡායාරූප ශිල්පියා පවසා තිබේ. කෑගල්ල පොලිසියේ සුළු පැමිණිලි අංශය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි.
(කෑගල්ල කරුණාරත්න අතුකෝරාල)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මළගෙදරක් කියන්නේ ඉතා ශෝකභරිතව ඉන්නා තැනක්. රඟපාන ස්ථානයක් නොවෙයි. (නි)
මළගෙවල් මඟුල් ගෙවල් කරගන්නා අයට, ඡායාරූප ශිල්පීන්ට හොඳ පාඩමක් නේද? (නි)
ශෝකය පිට කරන්න කම්මුලට ගහනවා කියලා අදනෙ දන්නේ (නි)
චතුරි මේ කරුණ තේරුම් ගෙන තිබෙනවා (බ)
මේ මෝඩය කොහොමද ජයාරූප ශිල්පියෙක් වුනේ ?? තමා ඉන්න තැනට ඔබින විදිහට ඡායාරූප ගන්න දන්නේ නැති මිනිහට කන පැලෙන්නත් දෙන්න තිබුන (බ)
චතුරි, දැන්වත් තේරුම් ගන්න හිත්වේදනාව සහ ආවේගය කියන එක. අපි තවම රහත්වෙලා නැහැ. ප්‍රදීප්ගේ වචන ටික මොළයට ගන්න. (නි)
කොහොමත් ලංකාවේ උසස් අධ්‍යාපනය ලබා තරුණ තරුණියන් අනුන්ට හිංසා කිරීම සලකන්නේ සාමාන්‍ය දෙයක් විදිහට , හැමදාම ලංකාවේ කොහේ හරි පාරක් වහගෙන උද්ගෝෂණය කරමින් ජනතාව පීඩාවට පත්කරනවා (බ)
කොහොමත් ලංකාවේ ඡායාරූප ශිල්පීන් අවස්ථාවන් ඡායාරූප ගත කරනවා වෙනුවට රගපෑම් ඡායාරූප ගත කරන්න තමා හදන්නේ. මගුල් ගෙවල්වල කරන කෝලම් මළ ගෙවල්වල කරන්න ගිහින් හොද පාඩමක් ඉගෙන ගෙන ඇති. මගුත් ගෙදර ඇණය මල ගෙවල්වලටත් ඇවිත්. (බ)
සෙනවි, ඔයා අනුන්ගෙන් ගුටි කන්න ලෑස්තිවෙලා ඉන්න කෙනෙක්. ඔයාට කරදරයක් වුණාම ගෙදර ඉන්න බල්ලට ගහලා හරි යනවද. සෙනඟ මැද්දේ ගුටිකාලා හොඳට පුරදු පාටයි (නි)
අනේ මන්දා! මළ මිනියට ගෞරව දක්වන විදියට ඉන්න කියන එකේ මොකක්ද අප්පා තියෙන වරද? ඔන්න අඩුම තරමේ ටිකක් හිනාවෙලා ඉන්නවත් කිවුවා නම් තව කමක් නැහැ කියමු (නි)
ඡායාරූප ශිල්පියා නිකන් ඉල්ලගෙන කාලානේ (නි)
මට පෙනෙන්නේ කෙල්ලට තාත්තට වදින්න තිබුන අකමැත්තයි පෙන්වලා තිබෙන්නේ. බකපණ්ඩිත කෙල්ලෙක්. මේ කෙල්ල ස්ටුඩියෝ එකකට ගියා නම් ශිල්පියා කියන විදිහට නොවෙයිද ඉන්නේ. (නි)
මේ කාන්තාව කෝපයට පත්වුණා නම් එවෙලෙම ගහන්න තිබුනා. පස්සේ හිතලා බලලා සැළසුම් කරලා තමයි මේ වැඩේ කරලා තියෙන්නේ (නි)
කම්මුල් පහර නිසා කැමරාව බේරුණා නැත්නම් , පාඩුව තමයි කොයි කාටත්.(ම)
මනුස්සකම නොව තිරිසන් කමකි.(ම)
ආරාධනාවක් කරපු නිසයි ෆොටෝ අරගෙන තියෙන්නේ. (බ)