වයඹ පළාතේ ප‍්‍රවාහන කටයුතු හා සම්බන්ධ ආයතනයක සේවය කළ එක්දරු පියෙකි. තම බිරියටත් දියණියටත් දැඩි සේ ආදරය කළ ඔහුගේ ලොකුම අඩු පාඩුවක් වූයේ හැම දිනකම සවස මත්වතුර තොල ගාගෙන අවසිහියෙන් ගෙදර ඒමයි. ඒත් ගෙදර ආ විගසම දියණියගේ අධ්‍යාපන කටයුතු සෙවීම ඔහුගේ සිරිත විය.
පසුගියදාත් සවස්වරුවේ ගෙදර ආ සැණින් දියණිය ළඟට ඇද ගත්තේ පොත් ටිකකුත් සමඟ ඉගෙනීම සොයා බැලීමටය. ”අද ටීචර් ෂෝක් පාඩමක් කියල දුන්නා තාත්තේ ඒකට සම්බන්ධ පොටෝ තියෙන පති‍්‍රකාවකුත් දුන්නා” කී දියණිය ඔහු අත තැබුවේ මත් වතුරේ ආදීනව දැක්වෙන සටහනකි. පති‍්‍රකාව ද ඔහු අත තැබුවාය. එය කියවමින් ගෙට ගිය පියා නැවත එළියට ආවේ නැත.
වැඩි කතාබහක් නැතිව පසුවදා වැඩට ගිය ඔහු ආපසු ආවේ පරණ සිරිත අතහැර දමාලූ.
මෙම සටහන සහ පති‍්‍රකාව ගුරුතුමියගේ එකක් නොව අම්මා සහ දුව එක්වී සකස්කළ එකක් බව ඔහු තවමත් දන්නේ නැතිලූ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැනඩාවේ අය බොන්නේ විස්කි හින්දා වෙන්න ඇති ඇඟට ගුණ. අපේ රටේ කසියා හරි ගල් කාලක් හැමදාම ගහන මිනිහෙක් ගෝරි නොදා ගත්තත් ඉක්මනට මැරිලා යනවා. (නදී)
මොලේ ඇති අම්මයි දුවයි.(නදී)
වැඩ ඇරිලා ඇවිල්ල නාගත්තට පස්සේ පොඩ්ඩක් ගන්නවා. ඒත් මට චරු චුරුව ,ඇඟට පතට හරි අමාරුයි අනේ දුවයි අම්මයි බන කියනවා අනේ.(නදී)
හුග දවසකින් අදයි පත්තරේ බැලුවේ...!! හොද අම්මෙකුයි, දුවෙකුයි වගේම හොද පියෙක් , පුංචි පවුල රත්තරන් කියනවනේ ...නේද ....? (දී)
විහිළුවක් විදිහට අපි දැක්කාට පවුලේ සමගිය වෙනුවෙන් කල වැඩක් (දී)
ඔය ලෙබනන් රටේ ඉන්න ලංකාවේ ගැහැනුත් හරියට බොනවා කියල දැන ගන්න තියනවා.(නදී)
ජයවේවා ඔබට මහත්මයාණනි ඔබ,නුබ උසස් පුද්ගලයෙක්, අම්මටයි දුවටයි අපේ උත්තමාචාරය.(නදී)
මේක පත්තරේ දාපුවාම වැඩේ කණපිට හැරෙනවනේ. තාත්තා දැන් වැඩේ දැනගෙන අම්මාට සහ දුවට වෙන අනතුර ගැන ඕනෑම මෝඩයෙකුට හිතා ගන්න බැරිද? (නදී)
හොඳ අදහසක් ඒවගේම තාත්ත හොඳ නිසා නවත්වල තියෙන්නේ නැත්නම් බොන මිනිහ මොනවා කිව්වත් බොනවා සමහරු මරෙනකල්ම අතාරින්නෙ නැහැ (අ)
ඒ වගේම තාත්තද නුවණක්කාර කෙනෙකි (අ)
නියම වැඩක් නුවණක්කාර වැඩක් (අ)
හොද තාත්ත කෙනෙක්. (දී)
ගොඩක් හොද දෙයක් කරලා තියෙන්නේ ඒ අම්මයි දුවයි (දිල්)
කොහොම වුනත් මව සහ දුවගේ නුවනින් පියාගේ බේබදු කම නැති කරා.(දිල්)
නිලූ විදානගේ සෞදි අරාබිය, ඔයා දිරිය කතක්, (අ)
අනිත් අයත් මේක බලල මේ වගේ උපක්‍රම කල්පනා කරලා හරි බීම නවත්තමු. මොකද මතට තිත තියන කාලයක් නම් පෙන තෙක් මානෙක නැ. මොලේ පාවිච්චි කලොත් මුළු රටේම බීම නවත්තන්න පුළුවන් (දී)
බොහොම හොදා.....නුවනක්කාර මව්..(නදී)
බොන්න විදිහක් නැති දුකට බීලා එයිද දන්නේ නෑ නේද? (දී)
මත්පැන් බීම හොඳයි කියලා ලියලා තියෙන අයට පිස්සු හැදිලා (දී)
නිලූ නංගි හරි, බීලා කැ ගහලා ගෝරි දාගන්නවනම් තමයි නරක. කැනඩාවේ හවසට ඕන කෙනෙක් කාලක් දාගෙන ඉන්නේ (අ)
මගේ නමින් ඔය මානසික ලෙඩා අදහස් දැම්මට මම අදහස් දමන එක නතර කරන්නේ නැහැ.(නදී)
මතට තිත තාම නැද්ද? (නදී)
මට නම් පෙන්නේ මේ තත්තා පොඩ්ඩක් බිවුවට කමක් නැහැ, මොකද එයා බීල කරදර කරන්නේ නැහැ, පොඩි කෙළියි, අම්මයි කට ගැස්මක් හදලා දෙන්න.(නදී)
පියා පත්තරේ බැලුවොත් රහස එලි වෙනවා (අ)
මොහමඩ් කියපු එකම මටත් හිතුනා. එහෙම උනොත් නම් ආයෙත් නැවත්වීම බොරු.(නදී)
සතුටුදායක ආරංචියක්. එක් කෙනෙක් හරිමගට ගන්න පුවතක් දැනගන්න ලැබුනා. මේ පවුලට ජය සහ සතුට පතමි. (නදී)
දැන් ඉතින් රහසක් වෙන්නේ කොහොමද? මේක බලපු කෙනෙක් නිකමට හරි කිව්වොත් කලින් ටත් වඩා බීගෙන ගෙදර එයි.(නදී)
බිරිද දරුවන් කියන දේ අහන තාත්තලත් තම ඉන්නවා එහෙනම්. හොද පව්ලක්. (අ)
දැන් රහස රැකිලද? එහෙනම් පත්තරයට ආවේ කොහොමද? (අ)
එයා රැවටුනා කියලා මේ පුවත දැකලා ආයිත් බොයිද දන්නේ...? එහෙම වුනොත් ඒකත් දෙයියෝ සාක්කි වලම දාන්න... (නදී)
කොහොම හරි කමක් නැහැ අම්මයි දුවයි රහස රැක ගැන තාත්තත් රැක ගන්න. ජය වේවා! (නදී)