මත්වතුරට ලොල් වූ තම පියා ගමපුරා ඇවිදිමින් කරන විකාර වලින් තම ආත්ම ගරුත්වය ආරක්ෂාකර ගැනීමට සිතූ ඉහළ රැකියාවල නිරතවූ පුතුන් දෙදෙනකු පියා සමඟ මත්පැන් ගිවිසුමකට එකඟවීමේ අපූරු පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ හම්බන්තොට පැත්තේ ගමකිනි.
කලින් ඉතා දක්ෂ කාර්මිකයකු වූ මේ පියා දරුවන්ට උගන්වා ඉහළ රැකියාවලට යොමුකළත් ඔහුගේ ලොකු දුර්වලතාවක් වූයේ මත්වතුරට ගිජුවීමයි. වියපත්වීම නිසා සිය කර්මාන්තය නවතා දැමුවත් මත්වී සන්ධ්‍යා භාගයේ ගම පුරා ඇවිදිමින් කරන විකාර නතර වූයේ නැත. මේ නිසා හැන්දෑවේ නිවසින් පිටත නොයාමටත්, අවශ්‍ය මත්පැන් නිවසේදීම සීමිතව දීමටත් පසුගියදා පියxපුතු ගිවිසුමක් වාචිකව සකස්වී ක‍්‍රියාවට නැගුනත් ‘‘ගමේ ගොඬේ ගිහිං කාගෙන බීගෙන රණඩු සරුවල් නොවී ඉන්න එකේ කිසිම ගතියක් නැතැයි’’ කියමින් මතට තිත තැබීමට ඔහු දැන් සිතා සිටිනවාලූ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි ෂෝක්නේ... ඒත් ටිකක් බිව්වට නම් කමක් නැහැ නේද? (නි)
ඒ උනාට දැන් හුඟක් තැන්වල වෙන්නේ තිතට මත නේද? අනේ මන්ද දන්නේ නැති නිසයි ඇහුවේ (දී)
ටිකක් විතර බොන්නම් හොඳේ (දී)
ඔව් අනේ ටිකක් විතර බිව්වට කාරියක් නැහැ (නදී)
බීපු මිනිහෙක්ගේ රස කතාවක්...හොඳට බීල කඩපිලක් උඩ.කුෂ්ට බල්ලෙක් බදාගෙන පොඩි ඇලට් එකක් දාගත්තම පුදුම සතුටක්ලු . කටවටේ ඉතිරිවෙච්ච මස් කැලිවල කුෂ්ට බල්ලා රස බලද්දී එයාට ෆුල් ජොලියක් දැනුනලු. (දී)
ටිකක් බොනවා කියලා දෙයක් නැහැ ළමයිනේ, බොන්න එපා (දිල්)
සුරාවේ අගයත් එහි ඇති මිහිරි රසයත් බොන සුදනෝ මිසක් නොබොන පුහු දන කෙසේනම් දත් කිවුවලු (නි)
වියපත් වූ පියෙක් කරන මගෝඩි වැඩක් දරුවන්ගේ ගෞරවය ආරක්ෂා වෙන විදියකට වැක කළානම් නේද හොඳ ? (අ)
අනේ බොන්න නම් එපා කියන්නේ නෑ. ජීවත් වෙන්න කැමැති නැති මිනිස්සු බීල මැරුණට කමක් නෑ. (අ)
දෙමවුපියන්ගේ බීමත්කම නිසා විඳවන්නේ පොඩි දරුවන් (නි)
බුදු තාත්තෙ බොන්න එපා (දී)
මට නිකන් පිස්සු වගේ (දී)