(ගම්පොල - සුරංග රාජනායක)
ඇය විවාහකය. උපතින්ම කතා කිරීමේ අපහසුතාවයෙන් පෙළුණාය.
ඇගේ පියා මියගියේය. ඉතා සංවේදී ඇය ඒ පිිළිබඳව දැඩි සේ දුක්වූවාය.
අවසන් කටයුතු දිනයේ ඇය වඩාත් හැඬුවාය. පියාගේ සෙහොන ළඟ සිට ත‍්‍රිරෝද රථයකින් ඇය හා ඇගේ සැමියා නිවෙසට එමින් සිටියහ. හඬමින් පැමිණි ඇය එක්වරම සිහිසුන් වූවාය.
ත‍්‍රිරෝද රථ රියැදුරු සිහිසුන් ඇයට වතුර ටිකක් ඉසීම සඳහා ජලය රැගෙන ඒමට අසල නිවෙසක් කරා දිව ගියේය. ඔහු නැවත ජලය රැුගෙන එන විට සිහිසුන්ව සිටි ඇය දෑතින්ම මුහුණ බදාගෙන බිම පෙරළෙමින් විලාප දෙන අයුරු දැක ඒ පිළිබඳ ඇගේ සැමියාගෙන් ද විමසීය. වහා ඇය රෝහලට රැුගෙන යනු ලැබීය. ත‍්‍රිරෝද රියේ ”වතුර” බෝතලයෙන් ඇය මුහුණ සේදුවාය. ඒ බෝතලයේ වූයේ වතුර නොවේ පෙට‍්‍රල්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අය්යෝ පව්. අනේ තෙරුවන් සරණින් ඉක්මනට සුවපත් වේවා. (ස)
සිහිය නැතුව හිටි ඇය කොහොමද මුණ සොදන්නේ. අර මෝඩ සැමියා අසරණ බිරිඳගේ මුනට පැට්‍රල් දමලා. මූඩිය අරිනකොටම සුවඳ දැනෙනවානේ. සැමියාත් ආබාධිතයෙක් වගෙයි.(නදී)
හරිම සන්වේදී පුවතක්. ඉක්මන් සුවය පතනවා. (නදී)
පිටිගල උන්නැහේ මෝඩ කතා කියන්න එපා. එය කියන සිද්ධියේ සැමියා පිටිගල උනා නම් ඒත් එච්චරම තමයි (නදී)
ඉක්මන් සුව ලැබේවා! (නි)
වතුරෙයි පෙට්‍රල් වලයි ගඳ සුවඳ හඳුනාගන්න බැරි හැටි!! (නි)
පිටිගල, අසරණ අවස්ථාවක වැරදීම් වෙනවා. ඔයා හිතන්නේ ඔයා ලොකු කෙනෙක් කියලාද? (නි)
අනේ පිටිගල! (නි)
මේක හදිසියට වැරැදීමකින් සිද්ධ වෙන්න ඇත්තේ.(හේ)