(තිහගොඩ - උපසේන ලියනගම)
දකුණු පළාතේ සමාගමක විධායක නිලධාරියකු වූ ඔහුට පසුගියදා නවීන පන්නයේ කාර්යාල බෑගයක් ආයතනයෙන් ලැබුණු අතර එහි යතුරු පුවරුව විවෘත කිරීමට තිබුණේ රහස් අංක තුනකි. යතුරු තහඩුවේ නිවැරදි අංක තුන කැරකැවූ විට පියන ඇරේ.
රහස් අංකය කොළයක ලියාගෙන තමා භාවිතයට ගන්නා උපකරණ හා ලිපි ගොනුවක් බෑගයේ දමාගෙන නිවෙසට පැමිණි පසු රහස් අංකය ලියූ කොළය අස්ථානගතව තිබීම නිසා ඔහු වැටුණේ මහත් අමාරුවකටය.
අංක තහඩුවේ රහස් අංකය විවිධ ලෙස කැරකුවත් එය විවෘත නොවූ තැන ඔහු බෑගය ඇඳ මතට දමා පිටතට ගියේ මුහුණ සෝදා ඇඳුම් මාරු කර ගැනීමටය.
සෑහෙන වෙලාවකට පසු කාමරයට පැමිණි ඔහුට තරු පෙනුණේ තම සිවු හැවිරිදි පුතා බෑගය විවෘත කොට ඒ තුළ වූ දේ ඇඳ පුරා වීසි කරනු දුටු හෙයිනි. ඔහු බෑගයේ යතුරු තහඩුව විවිධාකාරයට කරකැවීමේදී එය විවෘත වන්නට ඇති බව සිතූ ඔහු එය කි‍්‍රයාත්මක වන ආකාරය පරීක්‍ෂා කොට රහස් අංක තුන යළිත් ලියා ගත්තාලූ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයිට වඩා පහසු ක්‍රමයක් තියෙනවා මිනිත්තුවෙන් අරින්න පුළුවන් , විදුලි පන්දමක් ගහල බලන්න කැරකෙන පුවරු ඇතුලේ හිල් තුනක් තියෙනවා. එ් තුන එකම තැනකට ගත්ත ගමන් බඩු ඇරෙනවා (නදී)
පිටබැද්දර ජයා,විදුලි පන්දමක් ගහලා බැලුවහම හරියයිද? (නි)
නිසාර්,ඔයාට ගණිතය ඇලජික් වෙලාද? (නි)
නිකන් පණ්ඩිත වෙන්න යන්න එපා නිසාර්, දන්නා දෙයක් කතා කරන්න. මේකට උත්සහ කරන්න ඕනෑ 1000 වතාවයි (000 ඇතුළත්ව) (නි)
සමන්තිලාට නම් ඉතින් කරන්න බැරි දෙයක් නැහැ ආයුබෝවන් (නි)
ඉල්ලක්කන් තුනක් අහඹු ලෙස උත්සහ කරනවානම් පියාට 165,668,499 වතාවක් උත්සහ කලයුතුයි. සංයෝජන සුත්‍රයට ආදේශකර බැලිය යුතු. උදාහරණයක් හැටියට එකම ඉලක්කම 325,235,532, 253 යනාදී වසයෙන් තේරිය හැක.C(n,r) = n! / ( r!(n - r)! ) = (999!/(3!(999-3)!.= 165,668,499. හරියට නිකං ලෝකජනගහන්යෙන් 1/3 වැඩි චන්ද ප්‍රමාණයකින් ජනාදිපති පත්කරන්න ගිය අධ්‍යාපන ඇමති වගේ. (අ)
බෑගය අරින්න ඉක්මනට පුළුවනි .කරලා බලන්න. අර පාට පාට (රුබික්ගේ කැටය) කැටයක් ආව මතකද. එම කැටය ඉක්මනින් විසදපු අය ඕනෑතරම්. හැබැයි මෙම ක්‍රමයට හදපු පැරණි පෙට්ටගම් තියෙනවා .ඉක්මනට අරින්න අමාරුයි . ඒවායේ නොම්මර රවුම් කීපයක් කීපපොලක තියෙන්නේ . (අ)
විධායක නිලධාරියකු වුනාට මොලේ නෑ (නදී)
සමන්ති නොවෙයි අසේලයි මෝඩ. ඕකට මට නම් විනාඩි 5ක් වත් යන්නෙ නෑ (නදී)
සපුමල් හරි. 1000 සැරයක් තමයි සම්පුර්ණ උත්සාහ කරන්න ඕන.ඒත් අතරමගදී මෙය ඇරෙන නිසා වැඩි වෙලා යන්නේ නැහැ. අවුරුදු ගණන් යන්නේ නැහැ. වැඩිම විනාඩි 15ක් යයි. (හේ)
මේකට හිනා යනවද අයියෝ (නදී)
ඉල්ලක්කන් තුනක් නම් , නොම්බර 1,000 ක් උත්සහ කරන්න ඕනේ ...( 10 x 10 x 10 = 1,000) . මට මතකයි 10 පන්තියේ ගණන් පන්තියේ මේ වගේ ගැටළු විසදුව.(හේ)
දැන් පොඩි අය ගොඩක් දක්ෂයි.(හේ)
අසේල, ඕක අවුරුද්දක් කරකවන්න ඕනේ නැහැ. හොරෙකුට දුන්නා නම් තත්පර ගණනකින් ඇරලා දේවි. (නදී)
සමන්තිලා වගේ අයගේ ඡන්ද වලින් තමයි ලංකාවේ පාලකයෝ පත්වෙන්නේ (නදී)
සමන්ති වගේ මෝඩයෙක්! ඔය කියන විදිහට 0 සිට 999 දක්වා කරකවන්න ගියොත් අවුරුද්දක් කරකවාවි (නි)
රහස් අංකය රහසක් නොවේ. පිලිවෙලින් 0 සිට 999 දක්වා හෝ අංක 999 සිට 0 දක්වා අංක පිලිවෙලින් කරකැවිමේදි බෑගය ඇරේ. (ර)
පුදුම හිතන්න දෙයක් නැහැ. (ර)
තොරතුරු තාක්ෂණයේ දියුණුව (නි)
මගෙත් ෆෝන් එකේ ඕනෑම දෙයක් මම කරගන්න දන්නේ නැත්නම් පොඩි අය තත්පරයෙන් කරලා දෙනවා. (නි)