පොසොන් පොහොයදා වන්දනාවේ යන අයට සිය නිවෙස ඉදිරිපිට සිටි බිරිය මල් දන්සලක් පවත්වද්දී ඒ අසලම අරක්කු විකිණීමේ යෙදුණු සැමියා අත්අඩංගුවට ගැනීමට පොලීසිය කඩා පැනීමේ සිද්ධියක් නොච්චියාගම, සිංහාරගම ප‍්‍රදේශයෙන් වාර්තාවේ. පොලීසිය කඩා පනිද්දී අරක්කු විකුණමින් සිටි බව කියන සැමියා නොසිටි අතර මේ නිසා ඔහුගේ නිවෙස හා ගෙවත්ත සෝදිසි කළ නොච්චියාගම පොලිසියේ නිලධාරීන්ට ගෙවත්තේ සඟවා තිබූ අරක්කු බෝතල් පහක් සොයාගැනීමට හැකිවී ඇත. ඊට අමතරව ඔහුගේ ගෙවත්තේ සඟවා තිබූ අනවසරයෙන් කපා ඉරනලද මී දැව ලෑලි තිහක්ද පොලීසිය මගින් සොයාගනු ලැබිණි. මොහු මීට පෙරද නීති විරෝධි ලෙස අරක්කු විකුණා පොලීසියට හසුවූ අයකු බව පවසන නොචිචියාගම පොලීසිය, අධිකරණයෙන් ඔහුට අත්හිටවූ සිර දඬුවම් නියම කර තිබෙන බවද පවසයි. දැනට සැඟවී සිටින මෙම පුද්ගලයා ප‍්‍රදේශයේ දේශපාලන බලවතුන් කිහිප දෙනකු ලවා පොලිස් පරීක්‍ෂණවලට බලපෑම් කිරීමට උත්සාහ දරා ඇතත් එම දේශපාලනඥයන් ඔහුගේ එම ඉල්ලීම ප‍්‍රතික්ක්‍ෂේප කර ඇතැයි පොලීසිය කියයි. මේ නිසා දැන් ඔහු මානව හිමිකම් නිලධාරින් හරහා පොලීසියට බලපෑම් කිරීමට උත්සාහ කරන බව දැනගැනීමට ඇතැයිද පොලීසිය කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කටුනායක මෙහෙම ලියන්න " හක්කේ දඩ මස් මූණේ බුදු රැස් ""
බිරිඳ වික්කේ මල් කිවිවෙ තනමල්විල ඒවද දන්නෙ නැහැ .....
බිරිඳ වික්කේ මල් කිවිවෙ තනමල්විල ඒවද දන්නෙ නැහැ .....
බිරිඳ වික්කේ මොන මල්ද?
සමහර මිනිසුන් තම තමන්ගේ වැරදි වසා ගන්න නොකරන දෙයක් නෑ.සමහර අසාධාරනයෙන් හම්බකරන මුදලාලීලා දන්සැල තොරණට මුවාවෙලා කරන්නෙත් මේකමයි.වෙනස තියෙන්නේ කරන පිලිවෙල සහ පරිමානයයි.කව්රූ රැවටුවත් තමාගේ හෘද සාක්ෂිය දන්නවානම් තමන් කරනදේ රැවටෙන්නේ ලෝකයා නොව තමාමය.
ඡන්ද කාලෙට දෙන අරක්කු දන්සැල් පෝයට දෙන්න ඕනි නෑ.අවුරුද්දකට ඡන්ද දෙක තුනක් තිබුණම මදෑ
අලි බබෝ, හොද අනාගතයක් තියෙනවා
ඔහොම තමයි අපේ රටේ නීතිය... පොඩි මිනිහෙක් ජීවත්වෙන්න මොනවා හරි වැරදි වැඩක් කරහම ඒ මිනිහට අකුරටම නීතිය... අපේ රටට ගිය කළ..
පොලිසියේ පරණ තරහක් අලුත් කරනවා වගේ පේන්නෙ...
අලිබබාගේ කතාව හොඳයි..
එල කිරිනේ අලි බබා .....ඔයාගේ කතාව...පත්තරේ කතාවෙත් හරයක් තියනවා..මොකද අපේ මිනිස්සු වැඩිහරිය කරන්නේ ඕවනේ....උඩින් මල්...යටින් ගින්දර...
අලිබබාගේ අලිකථා........ ඔහොම වැඩගෙන වැඩගෙන වැඩගෙන...යං අලි බබා. “දැන් මම දෙයියෝ සාක්කි“ පැත්තෙ එන්නෙ අලි බබාගෙ අලි කතා කියවන්න.
ලෝකෙට ගිය කලක් ....මේ රටේ ගුණ ධර්ම වලට මොකද වුණේ....
අඩ් ඩඩ් ඩා...........
මල් කිව්වේ ....?
මටත් දැන් හිතෙනව මේ වැඩේ අලි බබාට පැවරුව නම් හොදයි. බබා දක්ෂයි. තවත් හොදට ලියන්න ලැබේවා.
වැඩ්ඩ වැඩිල්ලට සිවුරත් වෙලේ ඒ කෑල්ල අඩුයි නේ !
අලිබබා පරණ තැටියක් රිවයින් කරලා නොවැ...
අලි බබාගේ කතාව නරකම නෑ..ඒත් ටිකක් පරණයි වගේ -රී මික්ස් පාරක් දැම්මනම් ලස්සනයි..
ඔහොම යන් අලි බබා ඔහොම යන්..... !!!!
එක ගමක දුප්පත් අමිමයි තාත්තායි පුතෙකුයි ජීත්වුනා. මෙම පවුල ළගම පන්සලට නිතර යාමට පුරුදුවුනා. ඔනෑම පුශ්ණයකදී විසදුම ලබාගැනීමට යන්නේ පන්සලේ නායක හැමුදුරුවන් වෙතයි. නායක ස්වාමින්වහන්සේ දෙන ඕනෑම උපදෙසක් පිළිපැදීමට මෙම මවුපිය දෙපල පසුබට වුයේ නෑ. දරුවාට වයස දහයක් පමණ වුවා. මෙම දරුවාව පාසැලට ඇරියත් ඉගනීමට එතරමි උනන්දුවක් දැක්වුයේ නෑ. පියාටද හරි හමන් රස්සාවක්ද නොතිබුණි. මෙ සියළු කරදර මැද කාලය ගෙවී ගියා. දිනක් පන්සලේ නායක හාමුදුරුවන් බැහැදුටු මොහොතේ හාමුදුරුවන් විසින් මෙවැනි යෝජනාවක් ගෙනවා. ඔය ළමයාව පන්සලට භාරදෙන්න. අපි ළමයාව මහනකරමු. එතකොට ළමයාට හොදට උගන්වලා කරලා ගන්න පුලුවන්ය කියලා. මෙම යෝජනාවට මවුපිය දෙපල එකපයිමිම කමැත්ත පුකාශකළා. එහෙයි හාමුදුරුවනේ ඒ යෝජනාවනමි හොදයි කියා. පසුව සියල්ලන්ගේ කැමැත්ත මැද මෙම කුඩා දරුවාව පන්සලට භාරදී මහනදමිපුරා සිවුරක් අන්දවා කුඩාසාමනේර නමක් බවට පත්කළා. පංසලට පැමිණියත් සිවුරදැමුවත් පොඩිතැනගේ සෙල්ලම පෙර ලෙසම පැවතුනා. ලොකුහාමුදුරුවන්ද නිතර පොඩිතැනට උපසදස් දෙමින් යන එන තැන් ගැන ඇසගසාගෙන හිටියා. නායක හාමුදුරුවන් නිතර පොඩිතැනට දුන් උපදෙස්නමි පොඩිතැන අපි දැන් ඉස්සර වගේ කනවා කියන්නෑ. වළදනවා කියන්න. යනවා කියන්නෑ වඩිනවා කියන්න. නිදියනවා කියන්නෑ සැතපෙනවා කියන්න. මෙවැනි වදන් ඉගැන්වුවා. පොඩිතැනටද දැන් මෙම වාක්‍යයන් ටිකටික කටට හුරුයි. දිනක් පන්සල් වත්තේ සිට පොඩිතැන හතිදමමින් නායක හමුදුරුවන් ළගට පැමිණ බය වුණ ස්වරූපයෙන් සිටගත්තා. එවිට නායක හාමුදුරුවන් මෙසේ පොඩිතැනගෙන් විමසුවා. මොකද පොඩිතැන හතිදමමින් මොකටද බය වුනේ? එවිට පොඩිතැන පිළිතුරු දෙනවා හාමුදුරුවනේ බල්ලෙක් මාව වළදන්න අවා. මම වැඩගෙ වැඩගෙන වැඩගෙන පන්සලට අවා කියා. නායක ස්වාමින් වහන්සේටද මෙම කියමනට හිනාව තවතා ගැනීමට නොහැකි විය. (අලිබබාගේ අලිකථා )
සමහර දන්සැල් ඉවර වේගෙන යනකොට ඒවායේ තිබුණේ අරක්කුමද කියලත් සැක හිතුනා තමයි
ඔහොම යන්.ඔහොම යන්.තව ඉස්සරහට අරක්කු දන්සැලුත් දෙයි
කැප්පිටිපොලගේ ප්‍රතිචාරය මල් හතයි
මාතෘකාවට කතාව ගැලපෙන්නේ නෑ නේ....
මේක ගැන මට සැකයි, හොරාට කලින් කෙහෙල් කැන වැට පැනලද කියලා.මේ මනුස්සයාව අමාරුවේ දාන්න කවුරු හරි හිතාමතාම කරපු දෙයක්ද දන්නේ නෑ.මෙහෙම ගේම්ද නැත්නම් ලංකාවේ දෙන්නේ
ඒ පවුලේ හක්කේ බුදු රැස් බොක්කේ දඩ මස්....