අඳුර වැටෙමින් තිබූ ගොම්මන් වෙලාවේ කට ගොන්නක් බීගෙන කැලෑබද පාරකින් ගමන් කරමින් සිටි මැදිවියේ පුද්ගලයකු පාර අයිනේ සුළු දිය හලන්නට ගොස් යක්ෂ ප‍්‍රහාරයකට ලක්වීමේ පුවතක් ලංකාදීපයට වාර්තා විය. සිද්ධිය සැකෙවින් මෙසේය. මහනුවර නගරයට නුදුරු කුඩා ගම්මානයක මෙය සිදුවිය. කුලී වැඩක් කරමින් සිය පවුල නඩත්තු කරන ඔහු වැඩ අවසන් වී හවස් කාලයේ ඇඟපතේ වේදනාවට යැයි කියමින් මඳක් ඇඟ රත්කර ගැනීම සිරිතක් වශයෙන් කරගෙන ආවේය. පසුගිය දිනෙක ඔහුට වැඩ කරන්නට සිදුවූයේ ගමේ සිට සැතපුම් තිහක් පමණ දුරකය. ඔහු වැඩ අවසන් කර ගමට එනවිට රෑ බෝ වී තිබූ අතර අඳුරේම ඔහු වත්තක් මැදින් වැටී තිබූ කුඩා දෙවැට දිගේ නිවස කරා ගමන් කරන්නට විය. ඔහු මඳක් බීමත්වද සිටි බැවින් ඔහුට ඉවසා ගත නොහැකි මුත‍්‍ර බරක් ඇතිවිය. ඔහු කළේ සිය අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා කළුවරේම පාර අයිනට යාමය. ඔහුට කිසිවක් හිතා ගන්නට වේලාවක් ඉතිරි නොකරම එක්වරම ඔහුගේ කලවා ප‍්‍රදේශයට යක්ෂ ප‍්‍රහාරයක් එල්ල විය. ඔහු ප‍්‍රදේශය දෙවනත් කරමින් කෑ ගසාගෙන දිව යන්නට විය. ඔහු නැවතුණේ නිවසටම දිව ගොස්ය. හති දමමින් දිව එන සිය සැමියා දුටු බිරිඳ බියට පත්ව කරුණු විමසීය. ඔහු කීවේ තමන්ට යකෙක් ගැසූ බවයි. ඔහුගේ සරම ලෙයින් තෙත් වී තිබිණ. අනතුරුව පරීක්ෂා කිරීමේදී ඔහුගේ කලව ප‍්‍රදේශයේ ඉත්තෑකූරු කිහිපයක්ම දක්නට ලැබිණ. මොහු සුළු දිය හලන වෙලාවේ එම ස්ථානයේ සැඟව සිටි ඉත්තෑවකුගේ ඇඟට වැටී තිබේ. එයින් කෝප වූ ඉත්තෑවා සිය කූරු විසිකර ගසා ඇති බව පසුව අනාවරණය විය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම අහල තියෙනවා ඉත්තාව ගේ කුරු තියෙන්නේ සතුරන්ගෙන් ආරක්ෂා වීමටයි. ආරක්ෂක පියවරක් අනුගමනය කරන්න ඇති.(නධී)
දැන් දෙයියෝ සාක්කි තීරුවට කතෘ තුමනි අදහස් වැඩිම උනොත් 20 ගානක් පමණයි. චන්දි,රූපා,ඉන්දු,දිසා,සරත්,හේරත්,වන්නි තිලක්,මඩුක,මේ කිසිම කෙනෙක් ලියන්නේ නැහැ. ඒ මන්ද එයාලගේ නම් වලින් වෙනත් අය ලියන නිසා. එක දිගටම ඒ නම් වලින් අනවශ්‍ය දේවල් ලියා ඒ ලියපු අය ඇත්ත නම් වල අය ගොඩක් අපහසු තාවයට පත් කලා මේ තීරුව තුල. එම නිසා ගොඩක් දෙනෙක් අදහස් දමන්නේ නැත. දිගෙන් දිගටම මේ තත්වේ පැවතුනොත් දෙයියෝ සාක්කි ඉබේටම පාලු වෙනවා නියතයි.(නදී)
සමාහරු ලියනවා මන්ද බුද්දිකයෝ වගේ.(නදී)
අපි දන්න ඉත්තෑවෝ නම් මිනිස්සු ලං වෙන විට දුවනවා.(ත)
දියුණු රටවල ඔය විදියට පාරේ මුත්‍රා කරන්නේ නැහැ.(නදී)
ඉත්තෑව දඩුවම දිලානම් තියනවා හොදටම (දී)
ඕක වෙන්න ඇත්තේ මේ මනුස්සයා අංක එක නෙමේ කරන්න යන්න ඇත්තේ... අංක දෙක... දකින්නේ නැතිව ඉත්තෑවා උඩ වාඩි වෙද්දී ඇනෙන්න ඇති. (දී)
වන ජීවී නිලධාරීන් ගොස් ඉත්තෑවට බෙහෙත් කල යුතුය . (දී)
ඉත්තෑවෝ කූරු නොවිදිති.... ඔවුන් බිය වූ විට සිය ශරීරය පුම්බති.... එවිට කූරුවල කවරකු හෝ ගෑවුනොත්, හෑපුනොත් ඉත්තෑ කූරු ඈනේ.... (දී)
. මේක කියපු කෙනාව මල ගෙවල් වල නිදිමරන්න එක්ක යන්න හොදයි.(අ)
මම හිතන්නේ මේ මිනිහ වෙරි මරගාතේ ඉත්තෑවාගේ ඇග උඩට වැටෙන්න ඇති.නැතුව කුරු විදින්න බැහැ. (දී)
ඉත්තෑවා කුරු විදින කතාවේ විද්‍යාත්මක පැත්ත මොකද්ද (දී)
ඉත්තෑවට කේන්ති යන්න ඇති, (දී)
තව ටිකක් උඩට වැදුනානම් ප්‍රේමා ප්‍රේම කරලා ඉවරයි . (නදී)
ඉත්තෑවා සිය කූරු විසිකර ගසන්නේ නැත.(නදී)
ඔයින් ගියා ඇති. (නදී)
ඉත්තෑවා ඔය තරම් වේගයෙන් ධමල ගහන බව අදමයි දන්නේ. මොකද එච්චර වේගයෙන් උඩට වීසි වෙන්න එපැයි. අනික කොහොමද පස්ස පැත්තට ඇනුනේ ඉස්සරහට අනින්නේ නැතිව. මේ කතාව අමූලික බොරුවක්ද කොහෙද? (නදී)
කොහොමද ඉත්තාවගේ ඇඟ උඩට වටුනනම් (දී)
නියමයි! (නදී)
සුළු දිය පහ කරන්න ගිහිල්ල වෙච්ච දෙයක්, අනේ පව් අසරණයා (දී)
මුත්‍රා ඇඟට වැටුනාටනම් ඉත්තවෙක් තරහ ගන්නේ නැහැ. වෙන මොනවා හරි කරන්න යන්න ඇති. ඉත්තෑවා කූරු විදින්නේ නැහැ. නමුත් ඇඟ හොලවනකොට කූරු හැලෙනබවයි විද්‍යාත්මක මතය. (දී)
ඇති යන්තම් ආරක්ෂක ස්ථානය බේරා ගත්තා.(නදී)
ඔය වගේ දේවල් වලට තමයි කියන්නේ කොරේ පිටට මරේ කියලා (දී)
ඉත්තාවා කුරු විදිනවා කියලා තමයි අපිත් හිතා හිටියේ නමුත් එහෙම වෙන්නේ නැතිලු (දී)
වාසනාවට ඔහොම බේරුනේ.(නදී)
තව ටිකක් උඩට වැදුනා නම් තමයි වැඩේ.(නදී)
කලවා ප්‍රදේශයට වැදුනේ පෙර වාසනාවකට. තව ටිකක් ඉහලට වැදුනානම් යකෙක් නොවේ මහසෝනා ගැහැව්වා වගේ හිටියි.(නදී)
ධම්මගේ කතාවට මාත එකගයි. මමත් අදමයි ඇහුවේ ඉත්තෑවා කූරු විසිකර ගහනවා කියලා.(නදී)