(ගම්පහ - අධිකරණ ටෝනි කරුණානායක)
පයින් ගමන් කරමින් සිටි දැරියක මහා මාර්ගයේදි වැළඳ ගත් බව කියන විවාහකයකු ලබන 29 දක්වා රිමාන්ඞ් බාරයේ තබන ලෙසට ගම්පහ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ටිකිරි කේ. ජයතිලක මහතා ඊයේ (18 වැනිදා) නියෝග කළේය.
චමින්ද දොර කුමාර එම තැනැත්තායි. ඔහු රාගම රෝහලේ මානසික රෝග පිළිබඳ වෛද්‍ය සායනයට යොමු කර එදිනට (29* වෛද්‍ය වාර්තාව ඉදිරිපත් කරන ලෙසට මහේස්ත‍්‍රාත් මහර බන්ධනාගාර අධිකාරිට නියෝග කළේය.
සැකකරු යතුරුපැදියකින් පැමිණ යතුරුපැදිය නවතා දැරිය වැළඳගත් අවස්ථාවේ ඇය බිම ඇද වැටී තුවාල ලැබී යැයි ද ගම්පහ ළමා සහ කාන්තා කාර්යාංශයේ පොලිසි පරීක්ෂක සමන්තිකා මහත්මිය අධිකරණය හමුවේ පැවැසූවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයට මානසික ලෙඩ්ඩු කියලා අවම දඬුවම් දුන්නොත්, මේ වාගේ ක්‍රියා කිරීම ඉදිරියේදී වැඩිවෙනවා. අන්තිමට පාරේ යන ගැහැණු ළමයින්ට පාරේ බැහැලා යන්න බැරිවෙයි, මානසික ලෙඩ්ඩු වැඩිවෙලා (නි)
මා දැනට සේවය කරන කටාර් වල කාන්තාවන්ය ඇති ගෞරවය ඉතා ඉහළයි (නි)
සමන්ති, ඔයාවත් වඩා ගනියි බලාගෙන. (නදී)
මුන්ට තියෙන අසහනේ හැටියට අහිංසක දැරියෝ පලිද අැයි මේවට හරියාකාරව නීතිය ක්‍රියාත්මක කරන්නැත්තේ? ඒ නිසා නොවේද මේ තරම් අපරාධ කරලත් උන් නිදැල්ලේ ඉන්නේ (බ)
මානසික ලෙඩ්ඩු මේ අයට වෙනම රෝහලක ප්‍රතිකාර කරන්න ඕනේ.(හේ)
උපරිම දඬුවම් දුන්නේ නැත්නම් , මෙවැනි ක්‍රියා වැඩිවෙන්ට ඉඩ තිබේ , ඕනෙම දෙයක් කරලා මානසික ලෙඩෙක් කියා බේරෙන්ට බැහැ.(හේ)
මෙයාට හොඳම දඬුවමක් දිය යුතුයි.(හේ)
මිනිස් හිත ක්ෂණයෙන් වෙනස් වෙන දෙයක්. හරි භයානකයි. යන්නේ හොරකමට.හදිසියේම නෙත ගැටුණු ස්ත්‍රී රුපයක් නිසා සිදුවන්නේ ස්ත්‍රී දුෂණයක් (නදී)
ඡන්දෙ ඉල්ලන්න පුරුදුවෙන කෙනෙක්ද කොහෙද? (නි)
මෙයට මොන මානසික ලෙඩක් තිබුනත් දඬුවම් කළයුතුය (නි)
සෙහාන්, මම මෝඩ කතා ලියල නැහැ. පත්තරේ පින්තුර දැකලා තියෙනවා නාදුනන ළමයි වඩාගත්ත පින්තුර. (නදී)
මොන හේතුවක් ඇතුවද දන්නේ නැහැ මේ පුද්ගලයාට මානසික ලෙඩක් ඇතියැයි සැක කරන්නේ? මෙහෙම ගියොත් ස්ත්‍රී දුෂකයන්වත් මානසික ආබාධ නිසා යැයි කියලා නිදහස් වෙයිනේ. මෙතන අපිට හිතාගන්න බැරි දෙයක් තියනවා වගෙයි. (නි)
මේ වගේ අයට උපරිම දඩුවම් දිය යුතුයි.ලැජ්ජ නෑනේ.(හේ)
මොන මානසික රෝගියෙක් ද මෙයාට දඬුවමක් දිය යුතුයි. (අ)
හැම තැනම ගණිකාමඩම් තියෙද්දි ඇයි මේ අසහනේ. ලංකාවේ කෑම වල වරදක්ද ? නැතිනම් අපේ නංගිලගෙ හැදියාවෙ වරදක්ද? (අ)
මානසික ලෙඩ්ඩු කියලා කියන්නේ මේ අයටයි.(හේ)
මොන පදනමක් යටතේද දැන් මේ මානසික රෝග වාර්තාවක් ගන්න කිවේ ? මෙහෙම ගියොත් ස්ත්‍රී දුෂකයොත් මානසික රෝගී වාර්තා පෙන්නලා නිදහස් වේවි. (නදී)
අපේ රටේ මිනිසුන්ට පුදුම ලිංගික අසහනයක් තියෙන්නේ. මේකට වහාම දීර්ඝකාලීන විසඳුමක් අවශ්‍යව ඇත (නි)
සමන්ති, මෝඩ කතා ලියන්න එපා. (නි)
පාරේ යන ළමයි වඩාගන්න බැරිද ? (නදී)
අත්අඩංගුවට ගැනීම අගය කරමි. ඔහුට දඩුවමක්දී එයට ප්‍රචාරයකුත් දෙන්න.(හේ)
මෙහෙම ගියොත් බලහත්කාරයෙන් කාන්තාවන් අත පතගාල අහුවෙන හැමෝම මානසික රෝග වාර්තාවක් ඉදිරිපත් කරලා නිදහස් වේවිද දන්නෙත් නැහැ (නි)