අධික වේගයෙන් වාහනය පදවමින් සිටියදී පොලීසියට කොටුවූ ව්‍යාපාරිකයකු තම නමේ මුල අකුරු දෙකේ අනුහසින් දඩයකින් ගැලවී යහතින් ගිය පුවතක් 6දා වාර්තා වූයේ අනුරාධපුර පොලිස් බල ප‍්‍රදේශයෙනි.
ඔහු දඹුල්ල ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයෙකි. පෞද්ගලික වැඩකට අනුරාධපුරයට ගොස් තම වාහනයෙන් අධික වේගයෙන් දඹුල්ල දෙසට එද්දී අනුරාධපුරයත් මරදන්කඩවලත් අතරදී රිය නතර කිරීමට අණ ලැබුණේ මාර්ගයේ රාජකාරියේ සිටි රථවාහන පොලිස් නිලධාරින්ගෙනි.
වේග මාපකයේ වේගය සටහන් වී ඇත්තේ 112කි. එය පෙන්වූ පොලිස් නිලධාරීන් ව්‍යාපාරිකයා පැමිණි සැප වාහනයට එබී ”ඔබතුමාගේ වේගය වැඩියි. පේනවා නේද” යැයි පවසා ඔබ කවුදැයි ඊළඟට විමසා ඇත.
මද සිනාවක් පෑ ව්‍යාපාරිකයා ”මම එස්.පී. දයානන්ද”යැයි ක්‍ෂණයකින් පැවසීය. එකවරම සීරුවෙන් සිටි පොලිස් නිලධාරියා ”සොරි සර්... මම ළඟදී මාරුවීම් ලබලා ආවේ”යැයි පවසමින් ව්‍යාපාරිකයාට යන්නට ඉඩහැරියේ ගරු සරු සහිතවය.
ව්‍යාපාරිකයාගේ නම මුලකරුත් සමග එස්.පී. දයානන්දයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ ලොක්කන්ට නිතිය නැද්ද (දී)
මම දවසක් නොම්මර තහඩු නැති වෑන් එකක් වත්තල හන්දියේ හිටපු ට්‍රැෆික්ට පෙන්නුවා. හරි සතුටුයි කියන්න. මට යන්න කිව්වා. එච්චරයි! නොදන්නාකමටයි අහන්නේ, එහෙම පුලුවන්ද? හික් හික් හී.. ඉතින් අපි ආයෙ පොලීසියට මුකුත් කියයි ද? (නි)
අනිවාර්යෙන් ම එස්. පී. දයානන්ද දකුණේ කෙනෙක් (ස)
ඔය සිද්ධියට මුහුණ දෙන රාළහාමි කවුරු වුණත් කාටත් කරන්න වෙන්නේ ඔය දේම තමයි. (නි)
වැරැද්දක් කරලා අහුඋනාම නම ඇහුවලු. අඥාන පඤ්ඥාරත්නලාගේ ඥානපාල කියලා කිව්වලු. ගම කොම්පඥ්ඥ වීදිය කිව්වලු.(ස)
එම්.සිල්වා කියලා බේරෙන්න බැරිද දන්නෙ නැහැ. (නි)
නම අහන්නේ මොනවටද? "ගන්නවා ලයිසන් එක" කිවුවා නම් ඉවරයිනේ. (නි)
දුරදිග බලලා දාපු නමක් (දී)
මරු වැඩේ තමයි වෙලා තියෙන්නේ (දී)
අඩුම තරමේ රාජකාරි හැඳුනුම්පත කාරුණිකව ඉල්ලා පරීක්ෂා කර බැලුවා නම් වැඩේ ඉවරයි...(ස)
අයි නිතිය ක්‍රියාත්මක කලේ නැත්තේ
සාගර, ලොක්කාට නිතිය ක්‍රියාත්මක කලානම් ඒ පොඩ්ඩා හෙට ගෙදර (දී)
අන්න දෙයියෝ සාක්කි (දී)
මමත් කරලා බලන්න ඕනේ දවසක (දී)
ඔන්න නියම දෙයියෝ සාක්කි (දී)
මටත් ඔය වගේ සිද්දියක් වෙලා තියෙනවා (දී)
මේක බලලා හිනාවෙනවා මිසක ඇත හදා බලන්න යන්න එපා (දී)
ඔය වගේ පොලිස් නිළධාරීන් ඉන්නවා හලාවත මාදම්පෙ සුදු ඉරේ ඉස්සර කෙරුව කියලා බොරුවට ගැහැණු රියදුරන් අල්ලන . (ස)
මේක විහිලුවක්ද? අපේ වැදගත් පොලිසියට මඩගහන්න එපා. මට තරහා යනවා.(නදී)
වාහනේ වටිනාකම අනුව සැළකිල්ල, කතාකරන විදිය වෙනස් වෙනවා. (නි)
වෙන්නත් පුළුවන් (දී)
ආණ්ඩුවේ ලයිසන් එකෙන් අපරාධ කරන ආයතනයක් බවට දැන් පොලිසිය පත්වෙලා. (නි)
ඒ. එස්. පී ලියනගේ කියලත් කෙනෙක් ඉන්නේ.. (ස)
කමක් නැහැ වැරදීමක් නම්. ඒ උනාට හොදම උගත් අය ඉන්නේ දකුනේ. වද කහ සුදිය බිවිව කට්ටියට අමාරු ඇති.(නදී)
ශ්රී ලංකා පොලීසිය නම් මෙලෝ රහක් නැහැ. (නි)
නීතිය කාටත් එක වෙන්න ඕන... . (ස)
ලොක්කන්ට වෙනම නීතියක් (දී)
සුවර් එකටම මෙයා දකුනේ කෙනෙක්.(නදී)
ශත පහ දැන් ගනන් ගන්නේ නැහැ නේද?(නදී)
පොඩියට ඉන්න ට්‍රැපික් පී.සී කෙනෙක් වෙන්න ඇති.(නදී)
පොලිසියෙන් පොඩි වැරැද්දක් වුණත් මහ ලොකුවට පෙන්නලා බණින මිනිස්සුනේ අද ඉන්නෙ. (නි)
අපේ ඉස්කෝලේ මන් දන්න යාළුවෝ ඉන්නවා සාමාන්‍ය පෙළ පළමු වර විෂයන් 10ම අසමත්. ඒ අය සාමාන්‍ය පෙළ දෙවැනි වර හොරට වෙන අය දම්මලා ලියලා ඒ 5ක් 6ක් අරන් එස්.අයි. වෙලා ඉන්නවා දැන්. (නි)
මමත පුංචි දවස් වල පාරේ වාහන එළවද්දී පොලිසියෙන් ඇල්ලුවහම අහන්නේ තාත්තගේ නම. එයාගේ නමටත් මුලින් ඔය අකුරු දෙක තියෙන නිසා මට යන්න දෙනවා. (නි)
මේ ප්‍රතිචාර හරිම රසවත්. නමුත් ඒවයේ රසවත් ඇත්තක් තිබෙනවා. මේ අනුව බලන කොට ඉතාමත් වැදගත් වෙනවා ලැබෙන දරුවගේ අනාගතය ගැන හිතලා එස්.පී., ඩී.අයි.ජී. වගේ අකුරු මුලට එන නම් දාන එක. බඩදරු අම්මලා මේක මතක ඇතුව හිතට ගන්න. (නි)
එතකොට එස්.පී.ගේ අතින් කැඩුණහම ඒක මාර්ග නීතිය නෙමෙයිද? (නි)
ඔන්න තව දවසක් ලොරියක් හයි ස්පීඩ් ආවලු .නිලධාරී මහත්තයා නතර කරන්ඩ අන දුන්නලු ඒත් නතර කලේ නැහැල්ලු . කඩාගෙන ගියාලු . ඒපාර නිලධාරී මහත්තයා එතන හිටපු රාළහාමිලා දෙන්නට කිව්වලු පන්නල ගිහින් වාහනේ නොම්මරේ ලියාගෙන එන්න කියල . රාළහාමිලා දෙන්න ට්‍රැපික් බයික් එකේ ගිහින් ලියාගෙන ආවලු ඇවිත් කිව්වලු එහෙම කොහොමද අපෙන් බේරිලා යන්නේ අපි ලියාගෙන ආව මෙන්න නොම්මරේ KMPH32 කියල .(නදී)
එක විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් ගම්පෙරලිය පොත තබාගැනීමේ වරදට(ගම්පෙරලන අය තමා ඊළගට රට පෙරලන්නේ කියල ) පොලිසියට ගෙනිච්චලු .ගෙනිහින් ඇහුවලු තමා මොන විශ්වවිද්යලේද කියල ? ශිෂ්‍යයා කිව්වලු මම කැලණියේ විශ්වවිද්‍යාලෙ කියල .ඒපාර රාළහාමි කිව්වලු මට තමුසෙගෙන් වැඩක් නැහැ මට ඕනේ අන්තර් විශ්වවිද්‍යාලෙ එවුන්වයි කියල .උන් තමයි පෝස්ටර් ගහල මේ රට පෙරලන්න හදන්නේ කියල අර ලමයව නිදහස් කරලා එව්වලු .(නදී)
පොලිස් රාළහාමි දකුණේ කොල්ලෙක් වෙන්න ඇති. (නි)
මගෙත් මුල අකුරැ එස්. පී. සිල්වා (ස)
මමත් නිකමට කරලා බලන්න ඕනේ ඔය වැඩේ (දී)
මේවා ගොතපු කථා (ස)
පොලිසියේ පොඩි අය ලොකු අයට ඒ තරම් ගරු කරනවා (දී)
පොලිසියට මඩ ගහන්නෙ ඇයි අනේ. ඒ අය කොච්චර බුද්ධිමත්ද? දැක්කද කටුගෙයි හොරුයි බඩුයි හොයාගත් හැටි? (නි)
යොහාන්ට පිස්සුද කොස් නඩු, පොල් නඩු තීන්දු දැක්කෙ නැද්ද? (නදී)
ඉතින් මේ කතාව අර ව්‍යාපාරිකයා අපේ කතෘ තුමාට කියලද? (ස)
කවුද අනේ එස්.පී. දයානන්ද කියන්නේ? (නි)
මමත් දන්න කෙනෙක් හිටියා මෙහෙම මුල අකුරු වලින් මිනිසුන් මුලාකරපු. (නි)
මෙහෙම මෝඩ පොලිසියේ අය ඕනෑතරම් ඉන්නවා. (නි)
මේකෙන්ම පේනවා නේද රටේ නීතියේ තත්ත්වය? (නි)
එස්.පී. බැරි නම් ඩී.අයි.ජී. වුණත් නීතිය කාටත් පොදුයි. (නි)
අපි ඔක්කොම අපේ නම් වලටත් එස්.පී, ඒ.එස්.පී., ඩී.අයි.ජී. කියලා වෙනස් කර ගමු. (ස)
කොම්පඤ්ඤවීදියේ මිනිමරුමක් උනාලු කොම්පඤ්ඤවීදිය කියල ලියන්න දන්නේ නැතිනිසා මිනිය ආමර් වීදියට දාලා ආමර් වීදියේ මලා කියල ලියුවලු . .(ස)
හිනා යනවා මේ ගැන (දී)
ඔය තරම් බයක් මොකටද, එයා වරදක්නේ කලේ (දී)
නියම සිද්දියක් නේ (දී)
අසරණ පොලිස් මහතා (දී)
මෙහෙම වැඩත් වෙනවද? (නි)
අර කොම්පඤ්ඤවීදිය කියලා ලියාගන්න බැරි වුණ රාළහාමිට වුණ දේ වගේම එකක්. (නි)
චමින්දට දකුණ ගැන ඉරිසියා හිතිල වගේ. මතක තියාගන්න ඉරිසියා කරන මිනිස්සු කවදාවත් සතුටෙන් ඉන්නෙ නෑ .(ස)
මම ඔය ගැන පොලීසියේ ඉන්න මගේ මිතුරකුගෙන් ඇහුවා. මේ එස්.පී. දයානන්ද කියන්නේ කවුද කියලා. තවත් එක හොරෙක් තමයි කීවා. .(ස)
ඔය වගේ රාලහාමිලත් ඉන්නවද කවුද දන්නේ නෑ පොලීසියට ගත්තේ (ස)
ඇයි මේ ප්‍රවෘත්තිය ප්‍රසිද්ධ කළේ මේ පිහිටෙන් ආයේ බේරෙන්න අමාරු වෙයි. (ස)
මුතුකුඩ, ඊට පස්සෙ ඇහුවලු රැකියාව මොකක්ද කියලා? මිනිහා කිව්වලු, ස්පාඤ්ඤයට පිපිඤ්ඤා පටවනවා කියලා. පලයන් ආයෙ අහුවෙන්න එපා කිව්වලු. (නි)
දිනක් මිතුරෙක් බයිකලයේ ලයිට් නැතුව ගිහින් පොලිසියට අහුවෙලා. බලනකොට ලයිසනුත් නැහැ. දැන් රාලහාමි ඇහුවාලු, කියනවා නම. ඥානපාල කිවුවාලු. ඊලගට ටිකක් සැරෙන් මෙහෙම ඇහුවාලු. ගම කොහෙද? කොම්පඤ්ඤවීදිය. දැන් මේ දෙකම රාලහමිට ලියා ගන්න බැහැල්ලු. පස්සේ මෙහෙම කිවුවාලු. යනවා යනවා තමුසෙලා එනවා මෙතන පවු දෙන්න අපිට තියෙන කරදර මදිවාට. (නි)
අනේ අනේ! අපේ පොලිසියට ගිය කලක්! (නි)
යුෂ්මතා බොනවද? කියලා අහද්දී "බොනවා නම් බොමු " කිවුවලු. (නි)
පහන්, ඕවා පරණ කතා. කමක් නැහැ. වෙලාව යන්නත් එක්ක හොදයි. (නි)
88/89 කාලෙ අපේ ගම වටකරල ගෙවල් පරීක්ෂා කරනව මගෙ පොත් මේසෙ ඇදල බලනකොට දැක්ක විවෘත විශ්වවිද්යාලය කියල පොතක්. හුහ් මෙ ඉන්නෙ විශ්ව විද්යාල කාරයො කියල මට හොදටම ගහල මහ ෙලාකු ජේ.වී.පී නායකයෙක් අල්ල ගත්ත වගේ පොතත් එක්ක අරන් ගියා. පොලිසියෙ ලොක්කා ආවෙ පසුවදා. ලොක්ක මගෙන් පූශ්ණ ටිකක් අහල යන්න කිව්ව. (නදී)