දකුණු පළාතේ පෙර පාසලක සිංහල අලූත් අවුරුද්ද සඳහා පැවති උත්සවයකට ත්‍යාග ලබා ගැනීම සඳහා සංවිධායකයෝ ගමේ ප‍්‍රභූන් කීප දෙනකු හමුවට ගියහ.
ගමෙහි පදිංචි ග‍්‍රාමීය මට්ටමේ විපක්‍ෂ දේශපාලකයකු හමුවටද මේ කණ්ඩායම ගියේ මේ සඳහා උදවු අපේක්‍ෂාවෙනි. ‘‘මොකක්ද මගෙන් කෙරෙන්න ඕනෑ’’ දේශපාලකයා ඇසීය. ‘‘තරගාවලියෙන් දිනන දරුවන්ට තෑගි දෙන්නයි බලාපොරොත්තුව, සල්ලි වුණත් කමක් නෑ’’ සංවිධායකවරයෙක් කීය. ‘‘හරි මම කාලීන වැදගත් තෑග්ගක් මේ දරුවන්ට දෙන්නම්. මගෙන් කුප්පි ලාම්පු දහයක් ලියාගන්න’’ ඔහු කීවෙන් සංවිධායක වරු අන්ද මන්ද වූහ. කමක් නෑ කියාගෙන ඔවුන් එතැනින් ගියත් කුප්පිලාම්පු ගෙන ඒමට ආපසු ඒ නිවෙසට නම් ගියේ නැතිලූ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක හොදයි දැං විදුලි බිලේ හැටියට..!(නු)
බල්ලා පිදුරු කන්නෙත් නැහැ කනගොනට දෙන්නෙත් නැහැ ඒවගේ තමා විපක්ෂයේ නායකයත්? නායකයාගේ පාරේ යන අයත් ඉන්නවනේ?(නදී)
කොහොමත් මොකක් නමුත් ලෙඩක් තියෙනවා (නි)
නරකද සුර්යය කෝෂ දුන්නා නම්? (නි)
කසිප්පු ලාම්පු තමයිලු දේශපාලඥයෝ දෙන්නේ. (නි)
අයියෝ ,එහෙම නෙමෙයි කරන්න තිබුනේ.එයාට ප්‍රධාන ආරාධිතයා කියලා එයා තෑගි දෙනකොට කුප්පි ලාම්පු පත්තු කරන්න. (නි)
වැඩිවුණ විදුලි බිලෙන් ගැළවෙන්න අපි විපක්ෂයට පොඩි තල්ලුවක් දාමු නේද? (නි)
හේරත්, ඔයාට තේරෙන්නේ නැද්ද එයාගේ පටු දේශපාලන අරමුණ පොඩි එවුන්ගේ අවුරුදු උත්සවයෙන් පිරිමහගන්න හදනවා කියලා? (නි)
ලොකු මහත්තයාගෙන් චුයින්ගම් එකක් ඉල්ලගෙන කාලා නැවත පෙර පාසල් යන්න අනේ (නි)
භුමි තෙල් දෙන්නේ කොහෙන්ද ? (ස)
දකුණු පළාතේ තවත් රසවත් සිදුවීමක්.(ස)
රට වෙනුවෙන් වැඩ කරන්න මේ අයවම තෝරා ගන්න. (නි)
පෙර පාසල් දරුවෙකුට දෙන්න සුදුසු දේ ඔහු දන්නේ නැත. ඒ නිසා දේශපාලකතුමා පෙර පාසල් යැවිය යුතුය. (නි)
ඔය කොයි කවුරු ආවත් මහජනතාවට කුප්පි ලාම්පු තමයි.(ස)
රජිත්, මේකේ අදහස තේරුම් ගන්න බැරි මෝඩයා කව්ද කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. (නි)
අපේ රටට මේ වගේ උදවිය නොවාසනාවන්! (නි)
කුප්පි ලාම්පු හොදයි දැනට අවු. 20 පෙර නම්. (නි)
එයා කාලීන වශයෙන් කල්පනා කරලා තමයි මේ තීරණය ගන්න ඇත්තේ (නි)
හැබැයි ඒකත් හොද තෑග්ගක් තමයි..!(නු)
ඔළුව තියෙන උදවිය විපක්ෂයෙත් ඉන්නවා. (නි)
හරකෙක් උන පලියට හැමතැනදිම උම්බෑ කියන්න එපා.(නදී)