IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


ප්‍රා. මන්ත්‍රී යාළු කරගන්න ගියාම ආච්චිගෙන් ලොකු බාල්දියක් වැටිලා

(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
පස මිතුරා වී සිටි මිතුරා යළි මිතුරු කර ගැනීමට යෙදූ උපක්‍රමයෙන් නැවතත් පස මිතුරකු වූ අපූරු පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ.


ඔහුගේ මිතුරාවී සිටියේ ප්‍රාදේශීය දේශපාලනඥයෙකි. මේ මිතුරා හරහා ඔහු ගමේ පොඩි පොඩි කොන්ත්‍රාත් ටිකක් කරගෙන සිටියේය. අතයට ගනුදෙනු පන්දම් හා පොඩි පොඩි පාටිද ඒ සුසංගයෝගය අතර නොතිබුණාම නොවේ.


කාලයක් යද්දී මේ මිතුරු දම බිඳී ගියේ පොඩි කේලමකටය. ඒ සමගම ඔහුට ගමේ පොඩි පොඩි කොන්ත්‍රාත් ටිකද අහිමිවී ගියේය. එය ඔහුට දරා ගැනීමට නොහැකිවූ පාඩුවක් විය. මේ නිසාම පස මිතුරා සිටි ඔහු යළිත් මිතුරු කර ගැනීමට හේ මාන බලමින් සිටියේය.
පස මිතුරාගේ ළඟ ළඟ එන උපන් දිනය ඔහුගේ සිහියට එනුයේ මෙයට හොඳ තෝතැන්නක් වෙමිණි. පරණ දේවල් අමතක කොට යළිත් එකට වැඩ කරමු, යයි ඔහු දේශපාලන මිතුරාට කියන්නේ ඔහු ගමේ ඔසවා තැබිය හැකි යෝජනාවක් ද කරමිනි. 


එය ඔහු හිස් මුදුනින්ම පිළිගන්නේ කොරෝනා ව්‍යසනයෙන් පසු ගමේ එකාලාට තමන්ට යමක් කර ගන්නට නොහැකිවූ බවද සිහිපත් වෙමිනි. මේ යෝජනාව ක්‍රියාත්මක කිරීමට තමන්ගේ ජන්ම දිනය යොදා ගැනීම ගැන දේශපාලන මිතුරා ඔහුට ස්තූති කළේ මුව නොසෑහෙන සේය.


යෝජනාව ඔහුගේ උපන්දිනය දා ගමේ ක්‍රියාත්මක වෙමින් පැවතිණ. ඒ කොරෝනා ව්‍යසනයෙන් පීඩාවට පත් අඩු ආදායම්ලාභී පවුල් සඳහා වියළි ආහාර පාර්සල් පිරිනැමීමය. දේශපාලන මිතුරාගේ ගැම්ම වැඩි කිරීමට ඔහු තවත් උප්පර වැටියක් යෙදුවේය. ඒ මේ වියළි ආහාර පාර්සලයක් ලබා ගත් වයසක අම්මා කෙනකු ලව්වා මේ කරපු සත් කාර්යයට ඔහුට පින් දීමටය.


ඒ අනුව ඒ වයසක අම්මා කතාව පටන් ගත්තාය. අපි කොරෝනා ව්‍යසනයෙන් හොඳටම හෙම්බත් වෙලා සිටියේ. මේ සත්කාර්යය කළ මැතිතුමාට මේ කර ගත්තාවූ පිං බලයෙන්  නිවන් සැප ලැබේවායි ප්‍රාර්ථනා කරනවා, යයි පිරිස ඉදිරියේ කී විට ඔහුට මෙන්ම දේශපාලන මිතුරාට දහවල් තරු පෙනුණේය.


තමාගේ මිතුරා මෙය හිතා මතා තමාට සෙත් පැතීමට නොව පින් පැමිණ වීමට කළ එකක් බව සිතූ දේශපාලන මිතුරා උත්සවය නිමාවීමටත් පෙර එතනින් ඉක්මනින්ම නික්ම ගියේ මේ වස් දොස් ටික යන්න හැකි ඉක්මනින්ම දෙහි කපා ගන්න ඕනෑ කියමින්ය.


එසේම තමා හමුවෙන්න ආයෙත් නම් එන්න එපා යයි ඔහුට කියමින්ලු‍.

 



අදහස් (3)

ප්‍රා. මන්ත්‍රී යාළු කරගන්න ගියාම ආච්චිගෙන් ලොකු බාල්දියක් වැටිලා

Pradeep Monday, 22 November 2021 04:52 PM

නිවන්සුව පතන්නේ මැරුණාට පසුවද..? මරණින් පසු නිවන්සුව ලබා ගන්නේ කෙසේද..? මේ අම්මා කර තිබෙන දෙය හරි. ජීවත්ව සිටින කාලය තුලදීම නිවන් සුව ලබා ගැනීමයි කළ යුත්තේ. කොහෙද ඉතිං දේශපාලකයින්ට මොළයක් නැහැනේ මේවා තේරුම් ගන්න.

:       0       13

දිමුත්Wednesday, 24 November 2021 09:45 AM

බහුතර ජනතාවත් හරියට බුද්ධාගම දන්නේ නැහැ

:       0       3

මසිරිපාලThursday, 25 November 2021 12:39 PM

නිවන් දැකීමට වඩා තවත් සැපක් තිබේද නිවන් සැප ලැබේවා කියන්නෙ වස්දොස් ඇතිකිරීමක් නොවෙයි සෙත් පැතීමක්. මම දවසන් මහනුවර දළදා මාළිගාවේ දානයන් දීමට සහභාගිවුනා එම අවස්ථාවේ හාමුදුරු නමක් සෙත් පැතුවෙ නිවන් සැප ලැබේවා කියල. මම ඒ ගැන සොයා බැලුවම අහන්න ලැබුනෙ ඒ හාමුදුරුවන්ගේ ප්‍රදේශයේ සෙත් පතන්නේ එහෙමයි කියල අදහස් දක්වා ඇති ප්‍රදීප් සහ දිමුත් දෙදෙනාම නිවැරදියි

:       0       1

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

කෙසෙල් කැන කෙසෙල් මුවක් වෙලා
2024 නොවැම්බර් මස 25 343 0

රුපියල් 4000 ක පමණ වටිනාකමකින් යුත් පැසී තිබූ ඇම්බුන් කෙසෙල් කැන වෙනුවට එම කෙසෙල් ගසේ කෙසෙල් මුවක් මතු වීමේ පුවතක් කන්ද උඩරට ගම්මානයකින් වාර්තා වෙයි.


දරුවාට වඩා “සූදුව”ලොකු වෙලා
2024 නොවැම්බර් මස 22 865 0

සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා


මැරුණු ලෙඩා සුවසේ වාට්ටුවක
2024 නොවැම්බර් මස 21 840 0

වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්


පම්පෝරි ගහන්න ගිහින් “ඇඟිල්ලෙන්” පටි රෝල්වෙලා
2024 නොවැම්බර් මස 20 1155 0

මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට


සිසුවාගේ උත්තරයෙන් මවගේ ​ෙරදි ගැලවිලා
2024 නොවැම්බර් මස 19 9482 1

ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්


ඡන්දය දාන්න නොදුන්නාම ආච්චිට මළ පැනලා
2024 නොවැම්බර් මස 18 882 1

අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 521 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 734 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2056 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site