(කරන්දෙණිය – එම්. සුසිල් ප්‍රියන්ත)
අනතුරකින් මියගිය මුවකු අයිති කරගැනීමට අපූරු උපායක් යෙදූ හාදයකු පිළිබඳව දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
පාර හරහා මාරුවීමට ගිය විල් මුවෙක් යතුරු පැදියක ගැටී අනතුරට ලක්විය. ඇවිදගෙන යාමට නොහැකිව බරපතළ තුවාල ලබා සිටි මේ සත්ත්වයා ජීවත්කරවීමට ප්‍රදේශවාසීහු ඉතා මහන්සියක් ගත්හ.
ඔවුන්ගේ ඒ මහන්සිය වතුරේ දමමින් මේ සත්වයා අනතුරට ලක්වී විනාඩි කිහිපයකින්ම ජීවිතක්ෂයට පත්විය. ඒ දුටු තරුණයෝ මේ සත්වයා පිළිබඳව එක එක යෝජනා ගෙන ආහ. වැඩිහිටියෝ ඒවාට විරුද්ධවූහ.
මේ අතරේ සිටි අයෙක් මියගිය සත්වයාට දැනට කළයුතු දේ පිළිබඳව අපූරු යෝජනාවක් ගෙන ආවේය. ඒ මේ සත්වයා මේ ආසන්නයේම කුරුඳු කැලෑවේ වළ දැමිය යුතු බවත් වළ දැමූ සත්වයා යම් කිසි පිරිසක් විසින් නැවත ගොඩගෙන යාහැකි බැවින් උගේ ඇඟට භූමිතෙල් වත් කළයුතු බවත්ය. වැඩිහිටියෝ කවුරුත් එයට එකඟ වූහ.
මේ සත්වයා වළ දැමීම සඳහා උදැල්ලක් රැගෙන එන ලෙස ප්‍රදේශවාසීන්ට යෝජනා කළේද ඔහුය. මියගිය මේ සත්වයා තමන්ට වළ දැමීමට සිදුවෙතැයි සිතූ එතන සිටි තරුණයෝ හිමිහිට එම ස්ථානයෙන් මාරුවී ගියහ. මේ නිසාම සත්වයා වළ දැමීමට සිටියේ ඔහුත් තවත් කිහිපදෙනෙක් පමණි.
වැඩිහිටියන් දෙතුන් දෙනකුට සත්වයා වළ දැමීමට උපදෙස් දෙමින් ඔහු ගියේ භූමිතෙල් ගෙන ඒමටය. මේ වනවිට හිරුද සිටියේ සිය රාජකාරිය නිම කිරීමට ඔන්න මෙන්නය.
භූමිතෙල් ගෙන ඒමට ගිය ඔහු ඉටි කවරයක්ද ගෙන ආවේය.මේ වනවිට සත්වයා වළ දැමීමට වළ කපා අවසානව තිබූ බැවින් භූමිතෙල් යයි කියමින් රැගෙන ආ ද්‍රව්‍ය සත්වයාගේ ඇගේ සෑමතැනම වත් කොට අනේ පව් මේ සත්වයාට කියමින් අපූරු සත්ව කරුණාවක් පෙන්වා තමා ගෙන ආ ඉටිකොළයේ ඌ දමා වැළලුවේ ඔහු විසින්මය.
එදා රාත්‍රියේ ඔහු පිරිසක් සමග රසට උයා පිහා තිබුණු මස් තොගයක් සමග මධුවිත තොල ගාමින් සිටියේය. මුදල් නොමැතිව හතර අතේ ඇවිද සිටි ඔහුට මේ තරම් මස් තොගයක් ගන්නට හැකිවූයේ කෙසේදැයි යන්න කාටත් ප්‍රශ්නයක් වී තිබූ බැවින් ඔවුහු ඔහුගෙන් ඒ ගැන ඇසූහ.
මම රියල් ගේමක් දීලා කිලෝ විස්සක් විතර බර මුවෙක් අයිතිකර ගත්තා යයි කියමින් ඔහු සිය විස්තරය පැවැසූයේ බමන මතිනි.
පසුදින මේ පුවත ගමේ පිරිස අතර ද පැතිර ගොස් තිබිණ. වළ දැමූ තැන බැලීමට ගිය අයට දක්නට ලැබුණේ ඔහු කීදේ සත්‍යයක් බවය.
මුවා වළලා තිබූ තැන වළක්ම පමණක් ඉතිරිවී තිබිණි. මේ පුද්ගලයාගේ දහං ගැටයට තමන් හසුවූ බව දැනගත්විට ඔවුන්ට කියාගන්න බැරි තරම් ලජ්ජාවක් ඇති වුණාලු.
සිය මෝටර් රථයේ රියැදුරු අසුන මත තිබූ ගැරඬි හැවකට සර්පයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු බිරියටද මහ හයියෙන් කෑ ගසමින්ම සර්පයා මරාදැමීමට පොල්ලක් සොයමි
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පාරේ මැරුණ මුවා අමුතු පාරකින් පිඟානට ඇවිත්