කොළඹ රෝහලකි. රෝගින්ගෙන් පිරුණු වාට්ටුවකි. රෝගින් රැුසකි. වෛද්‍යවරුන් ඇතුළු හෙද හෙදියෝ කඩිමෙන් දුවමින් කටයුතුවල නිරත වෙති.
මේ අතර සේවාවට අතරින් සිටින්නෝද වෙති. ඔවුන් රෝගීන් අසල නැවතී රෝගීන්ට උපස්ථාන කරන්නෝය.
ඇතැමෙක් රෝගීන්ගේ ඥාතීන්වන අතර ඇතැමෙක් කුලී පදනම මත රෝගීන් අසල සිටින්නෝය.
දුව පනිමින් රෝගීන් පිළිබඳව සොයා බලන වෛද්‍යවරුන් හා හෙදියන් අතර මොවුන්ද විටක මහත් සේවයක් කරන බව බොහෝ අවස්ථාවල පිරිස කියනු ඇසෙති.
‘‘උදේ පාන්දර මුත‍්‍ර එකක් මේ කුප්පියට අරන් තියාගන්න’’ කුප්පියක් අතට දෙමින් රෝගියකු අසල සිටින හෙදියක පැවසුවාය. පසුදින උදෑසන විය.
‘‘මුත‍්‍රා ගත්තු අය දෙන්න’’
රාත‍්‍රී සේවා මුරය අවසන් කිරීමට මත්තෙන් උදෑසන වාට්ටුව කරා පැමිණි හෙදියක සිහින් හඬින් පවසමින් එක් එක් රෝගීන් අසලට ගියාය.
රෝගීන් අසල සිටිය අය තම තමන්ගේ රෝගියා නියෝජනය කරමින් මුත‍්‍රා කුප්පි හෙදියට දුන්නේය.
මේ අතරින් එක් පුද්ගලයෙක් ”අනේ මිසී ඒ කුප්පිය මදි වුණා. මගේ ලෙඩාගේ හැටියට මෙන්න මිසී මේකට ගත්තා කමක් නැද්ද” යැයි කියමින් මුත‍්‍රා පිරවූ විශාල ජෑම් බෝතලයක් හෙදිය දෙසට දිගු කළේය.
”චට්නි හදන්න නොවෙයි මුත‍්‍ර ඉල්ලූවේ ඔහේගේ ඔය ලෙඩාගේ ලෙඩක් හොයා ගන්නයි”
”කාගෙන් හරි අහන්න එපායැ” රෝගියෙක් අසල නැවතී සිටි තවත් පුද්ගලයෙක් හෙදිය දෙසද බලමින් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලන මහත්තයෝ, දන්න දෙයක් කතාකරමුද? මුත්‍රා ගන්න බෝතලයක් දෙන්නේ ඒ ගන්න සාම්පලයට වෙන අපද්‍රව්‍ය, ක්ෂුද්‍ර ජීවින් වගේ දේවල් එකතු වෙන එක වළක්වන්න මිස ලෙඩ්ඩුන්ගේ ගෙවල් වල බෝතල් නැතිකමට නෙමෙයි. (නි)
මේක විහිලුවට කාරනයක් නෙමෙයි. සාමාන්‍ය ජනතාවට වෛද්‍ය විද්‍යාව ගැන දැනුම අඩුයි. ඒ නිසා හෙදිය ඔවුන්ට පැහැදිලි කර දිය යුතුයි මොකක්ද කරන්නේ. මොකද වෙන්නේ. කොහෙමද කරන්නේ කියන එක ගැන. මම නැවතත් ඉල්ලා සිටිනවා මේක විහිළුවකට ගන්න එපා කියලා.(නදී)
මුත්රා වලින් චට්නි හදන හැටි එක... ඕකත් වැඩක්ද ? මොනවා කරන්නද? නොදන්නාකමනේ. (නි)
මට හිනාව නවත්ත ගන්න බැහැ (දී)
කිති කවාගෙන හිනා වුණා. (නි)
මට හිනා යනවා අනේ (දී)
ඔන්න මිනිස්සුන්ගේ දැනුම (දී)
ඕකත් වැඩක්ද ? (ස)
ලොකු බිම බෝතලේකට තමයි දෙන්න තිබ්බේ (දී)
නොදැනුවත් කම (දී)
මමත් මගේ පියා ළග ඉදලා තියෙනවා.. අඩු දැනුවත් කම නිසා වෙන්න අත්තේ... අපි සමාව දෙමු..!(නු)
මේවගෙන් චට්නි හදන හැටි මිසීගෙන් අහගනිමු (ස)
මේක බලලා කට්ටිය මේවගෙන් චට්නි හදන්න ගනීවිද දන්නේ නෑ (ස)
කට වහගෙන ඔකේ අවශ්‍ය ටික අරගෙන අනික් ටික විසිකලා නම් ඉවරනෙ....ඔක බොන්න බෑනෙ.. (ස)
මාර දේවල‍්නේ අපේ අය හොයා ගන්නේ. මම ඇහැව්වමයි. අනේ ඒවගෙන් චට්නි හදන හැටි අපිටත් කියන්නකෝ (ස)
මේ කියෙවුවහම මටත් මුත්‍රා අමාරුවක් ආවා. (නි)
ඔය වගේ දේවල් හැම තැනම වෙනවා ඇති. හිනාත් යනවා . මොනවා කරන්නද ? නොදන්නාකමනේ (ස)
මුත්රා වලින් චට්නිත් හදනවද ? (ස)
පව් අසරණ ලෙඩා (ස)