පරණ බඩු සොයා ගෙවල් ගාන යන තරුණ නඩයකගේ පෙරැත්තයට කේන්ති ගිය ගෙහිමියකු දුන් පරණ බඩුව දැක ඉහ මොළ රත්වීමේ පුවතක් පොතුහැර ප්‍රදේශයෙන් වාර්තා වෙයි.
සිද්ධිය මෙසේය.
ඒ කුරුණෑගල ප්‍රදේශයේ එක්තරා ගමකි. සතියකට දෙතුන් වතාවක් එන පරණ බඩු මිලට ගන්නා ලොරි රථය ශබ්ද නගා ගම වටා යන අතරතුර එක් නිවසක් ළඟ නැවැත් වීය. ගෙදරට පැමිණි පරණ බඩු මුකුත් තියෙනවාදැයි ගෙහිමියාගෙන් දෙදෙනකු විමසුවේ ආයාචනාත්මක ස්වරූපයෙනි. නිවෙස් හිමියා ගෙදර පරණ බඩු මුකුත්ම නැති බව ලොරි රථයෙන් පැමිණි පිරිසට පැවැසීය.
මෙයින් සෑහිමකට පත් නොවු ලොරි රථයෙන් පැමිණි තරුණයෝ ‘‘අනේ අයියේ බලන්නකෝ. පරණ බඩු මොනවත්ම නැද්ද කියලා. අපි සල්ලි හරි අලුත් බඩු හරි දෙන්නම්’’ යනුවෙන් තොරතෝංචියක් නැතිව කියවන්නට පටන් ගත්හ.
මොවුන්ගේ මෙම කන්කෙඳිරියට ගෙහිමියා තරමක් කෝපයට පත්විය.
කෝපයට පත් ගෙහිමියා ‘‘පොඩ්ඩක් ඉන්නවලා’’ කියා ගේතුළ සිටි බිරිඳට අඬ ගැසීය. ඔවුන් ඉදිරියට බිරිඳ පැමිණියායින් පසුව බිරිඳ දෙසට අත දිගුකර ‘‘මේක තමා ගෙදර තියෙන පරණම බඩුව පුළුවන්නම් මේක අරං මට අලුත් බඩුවක් දීලා යනවලා’’ යැයි කීවේය.
ඒ කතාවෙන් ලැජ්ජාවට පත්වූ තරුණ වෙළෙන්දන් මුකුත්ම නොකියා ආපසු යන්නට පිටත් වූයේ මුහුණට මුහුණ බලමිනි.
මෙම කතාවට ගෙහිමියාගේ වත්තේ තණකොළ කපමින් සිටි කොලු ගැටයාට ද ඇසුණේය. එදා සිට මේ ගෙහිමියා හමු වූ විට ‘‘අයියේ පරණ බඩු එහෙම නැද්දැ’’යි අසන්නේ මොහුගෙන් හොඳ වචන ටිකක් අසා ගැනීමට හැකි බව දන්නා නිසාය.
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප‍්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පරණ බඩු තියෙනවාද ඇහුවාම බිරිය පෙන්නලා