අවුරුදු උත්සවය නිමිත්තෙන් වෙළෙඳසලක පැවැති තොග අවසන් කිරීමේ සේල් පොළකදී පැළඳ සිටි පරණ පාවහන් පෙට්ටියට දමා අලූත් පාවහන් කූට්ටමක් දමාගෙන පිටවීමට සැරසෙද්දී එහි සිටි ආරක්ෂකයකුගේ උකුසු ඇසට හසු වී උත්සාහය ව්‍යර්ථ වූ සිද්ධියක් කොළඹ ආසන්න ප‍්‍රදේශයකින් අසන්නට ලැබිණි.
එය උත්සව සමයේ පාවහන් අඩුවට දෙන තැනකි. ඒ නිසා විශාල පිරිසක් දිනපතා මෙහි පැමිණ තිබේ.
අලෙවි කරන පාවහන් වල ආරක්ෂක මුද්‍රා නොමැති නිසා රිසි සේ තෝරාගෙන කවුන්ටරයට පෙන්වා මුදල් ගෙවා රැගෙන යාමට ආයතනය ගැණුම්කරුවන්ට අවසර ලබාදී තිබුණි.
ඒ අනුව ගැණුම්කරුවන් අතරේ පැමිණි කාන්තාවක් දෙපයේ තිබූ පැරණි පාවහන් කුට්ටම අලූත් ඒවා තිබූ පෙට්ටියට දමා අලූත් පාවහන් කුට්ටම දෙපයේ දමාගෙන පිටවීමට සැරෙසන අයුරු එහි සිටි ආරක්ෂකයකු දැක එහි ප‍්‍රධානියකුට මේ බව පවසා තිබේ.
පසුව එකී කාන්තාව පරීක්ෂා කර ”සල්ලි නෑ කිව්ව නම් ඉවරයිනෙ මොකටද හොරකම් කළේ?” කියා එතැනින් ඉවත් කරද්දි ලැජ්ජාවට පත් කාන්තාව පරණ පාවහන් දෙකෙන්ම නැවත ගෙදර ගිහින්ලූ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සියල්ලටම මුල අධික තෘෂ්ණාවයි ! එයින් හිරි ඔතප් නැති වූ විට නොකළ හැකි බාල වැඩක් නැත. (නි)
හොරකම් කරන්නත් මොළයක් තියෙන්න එපැයි කියන ජාතියේ රටක නේද අපි ජීවත් වෙන්නේ? (නි)
සල්ලි නැ කියල කිව්වා නම් මුදලාලි මිරි වැඩි සඟල නිකන් දෙයිද?(නදී)
නැති කමට වෙන්නනැති. නමුත් හොරකමනේ දඩුවම් කරන්න ඕන.ජරා වැඩ (නදී)
පෝයට පන්සල් ගියානම් ඉවරනේ.(නදී)
පෝයට පන්සල් ගිය නම් සෙරෙප්පු 2 මාරු කරගන්න තිබුනා.(නදී)..
පව් ආසාවට ගන්න ඇති.(නදී)
ඔය වගේ දේවල් රෙදි කඩවල් වලත් ඕනෑ තරම් වෙන්න ඇති , අවුරුදු කාලේ (නි)
මෙතැන හේරත්ල වැඩියි.(නදී)
ම්ම්... අනේ මන්දා මිනිස්සුන්ට ගිය කල. තියෙන දෙයින් සෑහීමකට පත් නොවෙන හැටි. (නි)
ඕකනේ හැඳිමිටේ දිග කියන්නේ. (නි)
දී කිරට කුණු බළලෙක් සාක්කි බොලේ. සිස්ට සම්පන්න සහෝදරයෝ?(නදී)
මුර කරු අකුරටම ජොබ් එක කරලා තියෙනවා .....එත් කාන්තාව ගෙන් මේ ගැන අහල බේරුම් කරගෙන නොන්ඩි නොවී යන්න තිබුණා.(නදී)
හේරත්,සෙන්තිල් ඔයාල වැඩ කරන තැන්වල ප්‍රධානින් මෙ අදහස් දැක්කොත් හෙටම අයින් කරනවා .(නදී)
හේරත්, කට වහගන්නවා.මම ඔහේ ගැන දන්නවා. කොහේ ඉඳලද පාත්වුනේ මෙතන අදහස් දාන්න? ගාමිණී කියන එක මමත් පිලිගන්නවා. මම මුරකරුවා නම්, මමත් කරන්නේ ඔය ටික තමයි. (නි)
මේ අයියා හරි ආදරේ පාටයි. රස්සාව ගැහිලා මුදලාලි බංකොලොත් උනත් අයියගේ අනුකම්පාව මහා භුමි කම්පාවක් වේවි. හොඳ වෙලාවට මුරකරු කම නොලැබුණේ... (ස)
ආරක්ෂක නිලධාරියා මම නම්, නංගී කරපු වැඩේ නම් කැතයි. සෙනග අතරේ සවුත්තු වෙන නිසා හෙමින් මාරුවෙන්න, මුදලාලිගෙන් අවුරුදු තෑග්ගක් කියා හිතාගෙන. කියලා කියනවා. (නි)
ජෙෆ්, මේ කියන්නේ ඇසුරුම් පෙට්ටිය ගැන නෙමෙයි. සෙරෙප්පු ගොඩක් එක පෙට්ටියකට දාලා තියෙන එකට (නි)
මම දන්නා විදිහට තොග අවසන් කිරීමේ සේල් දමන්නේ ඇසුරුම් (පෙට්ටිය) නැතුවයි. (නි)