පාරිභෝගිකයින් නිතර යනෙන ආයතනයක පෝලිමේ සිටි මහත්වරු දෙදෙනෙකි. ඔවුන් අතර පැවති ආරවුලක් යලි මතුවී දෙදෙනාම පොර බදමින් එකිනෙකා සමග ඇනකොටා ගන්නට වූහ. මිතුරෙක් දෙදෙනාව දෙපැත්තට කළ අතර දෙදෙනාටම සුළු වශයෙන් තුවාල සිදුවිය. එක් අයෙක් තම වාහනයට නැගී පිටවූ පසු අනෙකාද මිතුරා සමග වාහනයෙන් පිටවිය.
ආරක්‍ෂක නිලධාරියාට කතා කළ ආයතනයේ නිලධාරියෙක් “එස්.ඕ. ඇයි බලන් හිටියේ රංඩුව බේරන්න තිබුණනේ” යැයි පැවසීය. ආරක්‍ෂක නිලධාරියා පිළිතුරු දෙමින්, “සර් ඔහොම කිව්වට රංඩු උන දෙන්නම වැදගත් කස්ටර්මස්ලා දෙන්නෙක්. අනෙක මැනෙජර් මහත්තයා, දෙන්නම හොඳට අඳුනනවා. මම එතැනට ගිහින් රංඩුව බේරන්න හැදුවොත් මට විරුද්ධව කම්ප්ලේන් කරයි. කස්ටර්මස්ලාට සලකන්නේ නැහැ කියලා. එතකොට මට ට්‍රාන්සර් එකක් ලැබෙයි.
රුපියල අස්සේ අළුක්කාල ගහන්න ඕනේ නැහැනේ. ආයතනයේ දේපලවලට හරි සර්ලට හරි ප්‍රශ්නයක් උනොත් මට අතදාන්න පුළුවන්. යනුවෙන් පැවසීය. පසු දින ආරවුල ඇති කළ දෙදෙනාම සතුටු සාමීචියේ යෙදෙමින් කළමනාකාර මහතාගේ කාමරයට ඇතුළු වූහ. ආරක්‍ෂක නිලධාරියා පෙරදින කතා කළ නිලධාරියාට ඇස් කොනින් දසුන පෙන්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතන්නේ ආරක්‍ෂක නිලධාරියාව පරීක්ෂා කෙරුවා මේ වගේ වෙලාවක ආරක්‍ෂක නිලධාරියා හැසිරෙන්නේ කොහොමද කියලා බලන්න. (නි)
ජයාගෙයි මගෙයි මිත්‍රත්වයට දැන් සෑහෙන කලක්. කවදාවත් විහිලුවටවත් ඇන කොටාගෙන නැහැ (නි)
මට හිතෙන හැටියට පසුව මිතුරා මැදිහත් වෙලා දෙදෙනාගේ ආරාවූල විසදන්න ඇති. (ර)
ඔය වගේ දේවල් කොච්චර වෙනවද මේ සමාජයේ (හේ)
වික්‍රම ඒ කතාවනම් ඇත්ත ,අපි අතරේ තියෙන්නේ ඉතින් සංසාරේ ඉඳන් පතාගෙන ආපු යාළුකමක් මම හිතන්නේ වික්‍රම. (ර)
ඕන් ඉතින් එකිනෙකාගේ පිට කහගන්න ගත්තා. (ර)
ඇයි පිටබැද්දර අයියේ අපි දෙන්නට කී දෙනෙක් නම් ආඩ පාලි කීවද ඒත් අපේ කනටවත් නෑහුනාවගේ අපි මේ කඩේට ඇවිත් හැමදාම ලංකාදීපය කියවනවා .... කොයි කාලේ ඉදන්ද..?ඒත් අපි තාමඅපේ මුනවත් දැකල නැහැ ...?ඒත් හරිම ලෙන්ගතුයි ..අනේ ...දෙවියන්ගේ පිහිටයි පත්තරේ කියවන හැමට ...!!! (අ)