කුකුළන් කෙටවීම නීතිවිරෝධී ක‍්‍රියාවක් වුවද ඉඳහිට මුදල් ඔට්ටුවට කුකුළන් කෙටවීම රහසිගතව සිදුවන බව නොරහසකි. පසුගිය දිනෙක, අයෙක් තම පොර කුකුළාවද රැගෙන මිතුරන් සමගින් එක්තරා ස්ථානයකට ගියේ ත‍්‍රීරෝද රථයකිනි. අනෙක් පොර කුකුළා හිමි තැනැත්තා හදිසි අවශ්‍යතාවක් සඳහා පිටව ගොස් සිටි අතර, පැය භාගයකින් පැමිණෙන බව ඔහු තම දුරකථනයෙන් ඔවුනට දැන්වීය.
ඔහු පැමිණෙන තුරු ත‍්‍රිරෝද රථයට වී සිටි පොර කුකුළා රැුගෙන ආ පිරිස අහළ පහළ අයට හොරෙන් ගංජා සුරුට්ටුවක් උරන්නට වූහ. පැය භාගයකින් පැමිණි අනෙක් පොර කුකුළාගේ හිමිකරු, ‘‘එහෙනම් වැඬේ පටන් ගමුයි’’ පැවැසීය.
පොර කුකුළන් පිටියට මුදාහල විට දහ දොළොස් දෙනා ඔට්ටු අල්ලන්ට වූයේ රුපියල් දහසේ දෙදහසේ නෝට්ටු වලිනි. ති‍්‍රරෝද රථයෙන් සටනට පැමිණි පොර කුකුළා මීට පෙර පැවැති සටන්වලදී ජයග‍්‍රහණ ලැබූ එකෙකි.
‘‘අපේ එකා දෙයි අරූට නිල් වෙන්න’’ අයෙක් පැවසුවේ ගංජා සුරුට්ටුවෙන් මත්වී හඬනගා සිනාසෙමිනි.
නමුත් අවාසනාවකි. සටන් නොකළ එම පොර කුකුළා නිදිමත ගතියෙන් වැනෙන්නට වූයේ, අවට සිටියවුන්, මවිතයට පත්කරමිනි. අනෙකාගේ පහරින් ඌ බිම ඇද වැටුණි. ත‍්‍රිරෝද රථයෙන් පැමිණි පොර කුකුළා පරාජියට පත්විය. පසුව කාරනය වැටහිණි. ඔවුන් ගංජා සුරුට්ටුව පානය කර තිබුණේ පොර කුකුළාවද ළඟ තබා ගෙනය. පොර කුකුළාට ගංජා දුම ආඝ‍්‍රහණය වීමෙන් ඌ මත්වී ඇති බව කරුණු කාරණා දන්නා අයෙක් පැවසීය.
‘‘අපරාදේ මගේ රුපියල් පහළොස් දාහ’’ පැරදුණු අයෙක් පැවසුවේ සුසුම් හෙලමින්. ගම්පහ දිස්ත‍්‍රික්කයේ ප‍්‍රධාන රෝහලක් පිහිටි නගරයකින් අසන්නට ලැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ මේ රූපවති, එන්න කියන්න, මට තියෙනවා ගනුදෙනුවක් බේරගන්න. (බ)
කුකුළා හිතන්න ඇති, නිකන් අතල් කඩා ගන්නේ මොකටද ඔනතරමක් ගහපන් කියල. (අ)
මිනිසාමයි ලොව දෙවියන් වන්නේ... වුණාට සතුන්ට හිංසා කරන්නෙත් ඉතින් මිනිසාමනේ (නි)
මිනිසා තිරිසනා තෝරා ගත නොහැක. (ස)
අහිංසක සතුන් බිල්ලට දීලා සූදුවට ,සුරාවට ලොල්වුණ,ආගමක් දහමක් පිළිනොපදින මිනිසුන් ගැන අපේ නම් කිසිම පැහැදීමක් නැහැ (නි)
පව් කියලා හිතුනා මේ කුකුළට සිදුවුණ දේ අහනකොට. (නි)
දැන් කුකුළා හැමදාම මේ දුම ඉල්ලයිද දන්නෙ නැහැ (නි)
මොකක්ද මේ වෙලා තියෙන්නේ.(හේ)
මට නම් පේන විදිහට ඉහත කොමන්ටු දෙකම අපේ පිවිතුරු යහපාලගේ නොවෙයි. ඩුප්ලිකට් යසපාල කෙනෙකුගේ වාගෙයි පෙනෙන්නේ.යහපාලගේ කොමෙන්ටු නිතරම කියවන කෙනෙක් වශයෙන් මට මෙය දැනුන නිසා ලීවේ. (බ)
අප්පේ මේක පොර පිටියක් නම් කරන්න එපා ආපහු..අපි මෙතනට එන්නෙ, මනසට සැහැල්ලුවක් ගන්න. ඒක නැති කරන්න හදන්න එපා ඔයගොල්ලො (බ)
මට නම් ඔය කොයි පාලනය ආවත් ඒක ප්‍රතිචාර ලියන්න කාරනාවක් වෙන්නේ නැහැ. ඒ මොකද මම සාමාන්‍යයෙන් ඔය දේශපාලන පොර පිටියෙන් හරි හම්බ කර ගන්න කෙනෙක් නොවන නිසා. (බ)
වසර 30 කට පමණ පෙර ලංගම ඩිපෝවක ගංජා බීමට විරුද්ධව නිතරම කතා කරන අයෙක් රාත්‍රී වැඩමුරයෙදී බසයක් තුල නිදා ගත්තා .මොහුගෙන් නිතරම දොස් අසන ගංජා කාරයෝ සුරුට්ටු කිහිපයක් එකවර පත්තු කර මේ බසය තුලට ගංජා දුම් යවා සෑහෙන වෙලාවක් මුළු බසයම දුමින් පුරවා තැබුවා . ඊට පසු ආරක්ෂක අංශයට(විහිලුවට ) මොහ ගංජා බී වෙරි වී බසයේ නිදා ඉන්නවා කියා ඔත්තුව දුන්නා. ඔවුන් පැමිණ මොහුව අවදි කල විට මොහුට ආසනයේ ඉඳගෙන ඉන්නවත් බැරි තරමට වෙරි ඉන් පසු මොහු ගංජා බොන අයට දොස් කීම නැවැත්තුවා (බ)
ජෙහාන්ට දැන් සනීප ඇතිනේ මම පාඨක සභාවට එන්නේ නැති නිසා. අපේ ආණ්ඩුවක් ආපු ගමන් නැවත මම එනවා. එතෙක් ඔබල ප්‍රවේශමෙන් ඉන්න. යහපාලනයට ජයවේවා (බ)
එකත් එකටම ඌ ගංජා ගහලා පුරුදු කුකුළෙක් වෙන්න ඇති. ඒක තමයි දුම හොඳට ආඝ්‍රාණය කරලා ඉන්න ඇත්තේ (නි)
පේනවා නේද සතුන්ට පවා මෙහි අහිතකර බලපෑම දැනෙන හැටි (නි)
ගංජා ගහපු කුකුලෝ හිටපු ගමන් මෙහෙනුත් මතු වෙනවා . හැබැයි ඉතින් කොටන කුකුලට කොහෙත් එකලු නේද ! (ර)
ඉස්සර පාඨක සභාවේ නියම පොර කුකුලෙක් හිටියා. දේශපාලන සංවාද වලදී එයාගේ පක්ෂයට විරුද්ධව ලියන හැමෝගෙම නම කිය කියා පස්සෙන් ඇවිත් කොටනවා. මෙතන හිටියා නම් අපේ රුපවතිට එහෙම බේරිල්ලක් නැති වේවි. (ර)
පව් අහිංසක සත්තු. කුකුලට තරම්වත් මොලයක් තිබුනා නම් ඔය වගේ දේවල් සිද්ධ වෙන්නේ නෑනේ. (ර)
නෑ චන්දි , එයා එයින් පස්සේ ගංජා පාවිච්චි කරන්න අරගත්තා. (බ)
සිගරට් බොන අය අවට ඉන්න අය, එම දුම ආග්‍රහනය කිරීමෙන් වැඩියෙන්ම ලෙඩ වෙන්නේ අහල පහල ඉන්න අයයි. කුකුල් පෝතකයාටත් වෙලා තියෙන්නේ ඊටත් වඩා අවාසනාවන්ත දෙයක්.ඔය අහිංසක සතුන්, මැරෙන කම්ම විඳවන්නේ පුදුම දුකක්නේ.....! (බ)
පවු අහිංසක සතා! (නි)
ඒ කියන්නේ සෑම් එදා ඉඳලා අද වෙනතුරුත් බොරුව රජවෙනවා කියන එක නේද? (නි)