IMG-LOGO

2024 ඔක්තෝබර් මස 22 වන අඟහරුවාදා


පේ‍්‍රම යෝජනාවට කැමැත්ත ගන්න තරුණියකගෙන් අපූරු උප්පරවැට්ටියක්

ගම්පහ තරුණයකු කොළඹ බැංකුවක සේවය කරද්දී එහි සේවයට පැමිණි තරුණියක මුණ ගැසිණි. ටික දිනක් යන විට දෙදෙනා බෙහෙවින් සමීප ඇසුරකට පැමිණ වැඩි කලක් යාමට ප‍්‍රථම තරුණිය සිය මිතුරාට යෝජනාවක් ගෙනාවාය. තරුණයා එය ප‍්‍රතික්ෂේප කළේය. සිය පේ‍්‍රම යෝජනාවට තරුණයාගේ කැමැත්ත නැති තැන ඔහු සේවයට ගොස් සිටින දිනයක් බලා තරුණිය සිය කලින් පෙම්වතා සමඟ තරුණයාගේ නිවසට ගියාය. තමාගේ නැගණිය කොළඹ බැංකුවක රාජකාරි කරන බව ඇය ඔවුන්ට කීවාය. නැගණිය සමග මේ තරුණයා කාලයක සිට පේ‍්‍රම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය බවද කීවාය. මාපියන් පවා ඒ ගැන දන්නා නිසා තරුණයාගේ මාපියන්ගේද කැමැත්ත අවශ්‍ය බව කීවාය. සිද්ධියෙන් කලබලයට පත් තරුණයාගේ මාපියෝ තරුණයා නිවසට පැමිණෙන තෙක් බලා සිට මෙහි අග මුල විමසූහ. පැමිණි අයගේ හැඩරුව ගැන ඔහු මාපියන්ගෙන් ඇසීය. ඒ ගැන සැකසිතුණු ඔහු ෆේස්බුක් වෙබ් අඩවියට පිවිස ඇගේ මිතුරියගේ පිටුවෙහි ඇති ඡායාරූප මාපියන්ට පෙන්වා පැමිණියේ කවුදැයි විමසීය. එක වරම මාපියන් ඔහුට පෙන්නුවේ සිය මිතුරියගේ හා ඇගේ කලින් පෙම්වතාගේ ඡායාරූපයකි. අක්කා සහ අයියාගේ වෙසින් නිවසට පැමිණ ඇත්තේ තරුණිය හා ඇගේ කලින් පෙම්වතා බව දැනගත් මාපියන්ට කිසිවක් සිතා ගත නොහැකි විය.



අදහස් (0)

පේ‍්‍රම යෝජනාවට කැමැත්ත ගන්න තරුණියකගෙන් අපූරු උප්පරවැට්ටියක්

පිස්සු දෙයියා Friday, 15 June 2012 12:53 AM

දෙය්යෝ සාක්කි හොද ඒවා නැද්ද ලියන්න..

:       0       0

මංඡුල බිරුට් Thursday, 14 June 2012 12:12 PM

පරණ පෙම්වතා නම් සිරිසඟ බෝ රඡතුමා වගේ කෙනක්

:       0       0

චූටි Saturday, 16 June 2012 03:41 PM

කොල්ලගෙ ගෙදර අය කෙල්ලව ඇයි නිකන් යැව්වේ? කෙල්ලටයි කෙල්ලගෙ හිටපු කොල්ලටයි හොඳ පාඩමක් උගත්වන්න තිබ්බේ.

:       0       0

නදීර Monday, 18 June 2012 05:22 PM

මං වගේ කොල්ලෙක් තමයි

:       0       0

චන්දන ඩුබායි Sunday, 17 June 2012 05:36 AM

පිස්සු කොල්ලෙක්නෙ.. අපට නැහැනෙ ඔයවගේ අවස්ථාවක්

:       0       0

සුදු නංගා Thursday, 14 June 2012 05:11 PM

අද නම් කතාව නරකමත් නෑ... ඒත්.. කෝ අපේ අලි බබා.......

:       0       0

රම්‍යා Thursday, 14 June 2012 05:12 PM

අලුත් පෙම්වතාව අල්ලගන්න හදන්නේ පරණ පෙම්වතාගේ උදවු ඇතිවද?

:       0       0

සපුමල් Sunday, 17 June 2012 09:16 PM

නියම පොරක්

:       0       0

ශිවාන් Thursday, 14 June 2012 01:06 PM

හූ..................

:       0       0

රජිත් Thursday, 14 June 2012 12:30 PM

කොල්ලෝ උඹ බෑ කියපු එක හොදයි.නැතිනම් උඹට වෙන්නේ.........

:       0       0

ඇලෙක්ස් Thursday, 14 June 2012 05:20 PM

පට...පට....පට.... 21 වැනි සියවසේ කෙල්ලෙක්

:       0       0

සජිත්-korea Monday, 18 June 2012 06:22 PM

අයියෝ වෙන දෙයක් ලියන්නයි තිබුණේ

:       0       0

ප්‍රසාදිනී Thursday, 14 June 2012 01:16 PM

අද කාලේ ඉතිං 99%ක්ම කොල්ලන්ට කන්න වෙන්නේ කාපු කේජු තමයි.ඔහොම යන්

:       0       0

කරනේරිස් ආතා Friday, 15 June 2012 03:42 PM

සිරි සගබෝ නොවේ මංඡුල බිරුට් කොලුවෝ.වෙස්සන්තර

:       0       0

වීරසිංහ ඇෆ්ගනිස්ථානය Sunday, 17 June 2012 08:20 AM

අනේ මෙහෙමත් කෙල්ලො..

:       0       0

lud Friday, 15 June 2012 06:36 AM

මේක ඇත්තක්ද?

:       0       0

කුමාර Friday, 15 June 2012 05:57 AM

මේ ඇත්ත කතාවක්ද?

:       0       0

කරනේලිස් ගොයියා Friday, 15 June 2012 06:01 AM

පත්තිනි දෙවි වුණානම්?

:       0       0

බෙන් ටෙන් Thursday, 14 June 2012 05:32 PM

ඒ කෙල්ලට කැමැත්ත නොදුන් තරුණයා නම් නියම කොල්ලෙක්. පරණ පෙම්වතාත් නියම මොළ කාරයෙක් තමයි.... මොකද ඒ කෙල්ලට අර තරුණයව සෙට් කරලා කෙල්ලගේ මාර්ගයෙන් තරුණයාගේ දත් ටික ගලවල තමන්ගේ ජීවිතය යන්තමින් වත් සැප කරගන්න උත්සාහ කරපු නිසා.... මොකද පෙම් සුවයත් නිකම්මනේ හම්බවුනේ... කෙල්ලගේ තරමත් දැන් දන්නවනේ... මෝඩ කෙල්ලෝ ඉන්නකල් හොද කොල්ලොත් නරක්වෙනවා.

:       0       0

සක්කරවට්ටම Thursday, 14 June 2012 01:03 PM

අනේ.. කාප් කේජු තවත් තියනවාද?? සොයා සොයා ආවා ඒ සෙව්ව බඹරෙ හමු උනා.. ඔයාතමයි බමරැ ඇනපු එක්කෙනා.. ප්‍රසා..

:       0       0

සුපුන් Sunday, 17 June 2012 08:22 AM

කවුද ඔය බොරුව කිවේ. ටිකක් හොද මදි

:       0       0

එම්.එස්. Tuesday, 19 June 2012 11:42 PM

කෙල්ල දක්ෂයි වෙන විදිහකින් එන්න පුළුවං.. කොල්ලට පරිස්සම් වෙන්න වෙයි..

:       0       0

ජයසුන්දර Sunday, 17 June 2012 11:56 PM

මේ කෙල්ලව කතරගම දෙවියන්ට භාර දෙන්න ඕනි

:       0       0

කිරිපණුවා Thursday, 14 June 2012 01:48 PM

එහෙනම් කියන්නකෝ බලන්න කිරිපණුව කාපු එකත් කන කෙනෙක් ඉන්නවාද කියලා?? ප්‍රසා..

:       0       0

චූටි මල්ලි Friday, 15 June 2012 05:22 PM

බොරුවක්ද කොහෙද

:       0       0

සෙනරත් Thursday, 14 June 2012 06:58 PM

පොලිසි ගොස් පැමිණිල්ලක් දැමිය යුතුයි

:       0       0

ජෝන් සීනා Friday, 15 June 2012 10:19 AM

අනේ මුන්ට පිස්සු.වැඩ නැතුවට...

:       0       0

සැන්ඩා Friday, 15 June 2012 10:24 AM

කෝ අපේ අලි බබා?

:       0       0

සසන්ක Thursday, 14 June 2012 01:38 PM

කොල්ලා තාපසයෙක් වගේ රඟපාන්නේ අම්මල ඉස්සරහනේ...

:       0       0

ප්‍රසාද් Monday, 18 June 2012 06:08 AM

කරදරයක් වුණූ කෙල්ලක්

:       0       0

පොඩිසනා Saturday, 16 June 2012 08:42 AM

මෝඩ කෙල්ලෙක්

:       0       0

එල කොල්ලා Thursday, 21 June 2012 12:50 PM

කපපු කේජු තමයි රස..

:       0       0

වාසල Thursday, 14 June 2012 06:53 PM

ඕක අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්.අසරණ කොල්ලෝ අමාරුවේ දාලා රට අරාජික කරලා නන්නත්තාර කරන

:       0       0

තාරක Thursday, 14 June 2012 02:37 PM

මේවානම් මල විකාර පුවත් අනේ...

:       0       0

රුවන් Friday, 15 June 2012 11:48 AM

මේවා දැන් සාමාන්‍ය දේවල්

:       0       0

බන්ගලියා Friday, 15 June 2012 05:48 PM

කතාව හොදයි.ඒත් පොඩ්ඩක් විතර අප්සට්

:       0       0

අමිල බලන්ගොඩ Thursday, 14 June 2012 02:40 PM

එළ කොල්ලෙක්.. හැබැයි අසාමාන්‍යයි.. අර කොල්ලන්ට බණින අක්ක මොකද කියන්නේ මේකට??

:       0       0

කරා Monday, 18 June 2012 08:54 AM

පිස්සු ....

:       0       0

සුජිත් Thursday, 14 June 2012 02:52 PM

ඇත්තටම වෙන කතා නැද්ද?? ‍කෝ මේ අලිබබා.. ආචාර්යගෙ කමෙන්ට් එකක්වත් තිබබ්නම් කියවල හිනා වෙන්න තිබ්බා..

:       0       0

සමන් Monday, 18 June 2012 10:09 AM

පිස්සු නැත්නම් මරු

:       0       0

පොතේගුරා Thursday, 14 June 2012 02:15 PM

හොඳ ගොපල්ලෝ එළදෙන්නු එපා උනහම මරල විකුණන් නෑ.හදාගන්න කෙනෙකුට නිකන් හරි දෙනවා .

:       0       0

ප්‍රියන්ති Thursday, 21 June 2012 02:57 AM

පට්ට....පට...පට....

:       0       0

ගංඟා Saturday, 16 June 2012 10:18 AM

අනේ මෙහෙමත් කොල්ලෝ...

:       0       0

අංජන Monday, 18 June 2012 04:05 PM

ප්‍රසාදිනි,ඔයාගේ දුරකතන අංකය දෙන්නකෝ

:       0       0

ගයාන් ඉංදික Thursday, 14 June 2012 10:48 AM

නියමයි.!!

:       0       0

කොසොල් රජු Friday, 15 June 2012 07:10 PM

මේ වගේ හීනයක් මම ඒ කාලේ දැකල තියෙනවා..

:       0       0

අසින්ත Saturday, 16 June 2012 08:23 PM

හොද වෙලාවට කොල්ලා බැංකුවක රස්සාවක් කළේ

:       0       0

ධම්මික Thursday, 14 June 2012 11:00 AM

මට මේක තේරෙන්නෙ නෑ.. මෙයා කැමැත්ත ගන්න යන්න ඕන තමන්ගෙ අම්ම තාත්තා ළගටනෙ.. මොකටද යාළුවගෙ අම්ම ළගට ගියේ..??

:       0       0

Thursday, 14 June 2012 03:00 PM

ප්‍රසාදිනී කේජු කාල වගේ ????

:       0       0

පෙරේරා Thursday, 14 June 2012 08:58 PM

මේ කතාව ඇත්තනම් කෙල්ලගේ තරම හිතා ගත්තැකි.

:       0       0

දර්ශන තරංග Thursday, 14 June 2012 10:27 AM

මේක ගෙතූ කතාවක් කියළා මට සෑකයි ...ඇයි පරණ කොල්ලා ආවෙ ? ඔච්චරම කොල්ලො හොයාගන්න අමාරුද ලංකාවෙ ? අනික ඔයවගේ පිස්සු දෙයක් මොන තේරුමකටද කරන්නෙ ...අවසාන වශයෙන් මේ හාදයා සිල් සමාදන් වෙලා ඉස්සරහට මහණ වෙන්නද දන්නෑ ඉන්නෙ ?

:       0       0

ලෙනාඩ් Thursday, 14 June 2012 11:17 AM

මේ කතාවෙන් කියවෙන්නේ ඇගේ පරණ පෙම්වතා ඇගේ සහෝදරිය සමග ප්‍රේම සබදතාවයක් පැවැත්වූ බවයි

:       0       0

ඇටකිච්චා Saturday, 16 June 2012 10:31 PM

පිස්සු දෙයියා 2012-06-15 00:53:39 "දෙය්යෝ සාක්කි හොද ඒවා නැද්ද ලියන්න.." ආචාර්යට කිව්වනම් පිටුවක් පිරෙන්න ලියයි මීට වැඩිය හොද විහිළු කතාවක්

:       0       0

Thursday, 14 June 2012 10:53 AM

මට කපුටා සහ කේජු කෑල්ල කතාව මතක් වුණා.......අබුද්ධස්ස කාලේ..ලබුත් තිත්තයිලුනේ....

:       0       0

ඇටකිච්චා Saturday, 16 June 2012 10:06 PM

ගමරාළ 2012-06-16 13:28:21 "මෙව්වා පත්තර වලට ලියන්නෙ කවුද??" ගමරාළ ගොයියෝ ටිකක් මොලේ කල්පනා කළානම්.... "නිවසට පැමිණ ඇත්තේ තරුණිය හා ඇගේ කලින් පෙම්වතා බව දැනගත් මාපියන්ට කිසිවක් සිතා ගත නොහැකි විය."

:       0       0

අමිල Thursday, 14 June 2012 10:56 AM

විකාර.....??

:       0       0

ගමරාළ Saturday, 16 June 2012 01:28 PM

මෙව්වා පත්තර වලට ලියන්නෙ කවුද??

:       0       0

සජී Thursday, 14 June 2012 11:40 AM

ටිකක් හොඳයි...

:       0       0

වරුණ Friday, 15 June 2012 02:03 PM

ප්‍රියන්ති,මේවා කියවනවද දන්නේ නෑ

:       0       0

අමිල Thursday, 14 June 2012 11:46 AM

යාලු වෙන්න අහන කෙල්ලොත් එක්ක මොන කොල්ලද යාලු වෙන‍්න කැමති? සාමාන්‍යයෙන් යාලු වෙන්න අහන්නේ කොල්ලොනේ කෙල්ලන්ගෙන්

:       0       0

සිසිර Thursday, 14 June 2012 11:12 AM

පුදුම කෙල්ලෙක්....කොල්ලෙක් ඔට තරමටම පස්සෙන් ආවා............64 එක්කෙනෙක් වෙන්න ඇති....

:       0       0

මරි Thursday, 14 June 2012 09:35 PM

නරකම නෑ........

:       0       0

වෝල්ටර් Thursday, 14 June 2012 11:25 AM

බොරු කියන්න එපා

:       0       0

සරත් Thursday, 14 June 2012 12:05 PM

නියම කොල්ලෙක්

:       0       0

සීයා Thursday, 14 June 2012 11:27 AM

බලාගෙන කොල්ලො.. ඊළග පාර උසසන්නත් බැරි නෑ....

:       0       0

සරත් Thursday, 14 June 2012 11:28 AM

එළ කොල්ලෙක්.. වෙන කපුටො කොටපුවා නොකන, කළිං කොල්ල කෙල්ලව අතහරින්න හදන්නෙ..

:       0       0

නරක සමනලයා Monday, 18 June 2012 05:17 PM

හොදයි

:       0       0

ගාල්ලේ කොල්ලා Thursday, 14 June 2012 12:29 PM

ලෝකේ කාලා වතුර බීලා ඇති

:       0       0

සමන් Thursday, 14 June 2012 05:17 PM

අඥාණ කතාවක්නෙ...

:       0       0

Eසිනා Thursday, 14 June 2012 04:40 PM

මේකෙ සින්දු නැටුන් එහෙම නැද්ද?

:       0       0

නීල් Thursday, 14 June 2012 05:21 PM

නැහැයි කීවට අර පහුගිය දවසක නම් දුන්න වෙලාවේ බැරි වුනාට අපේ අලි බබාට දැන් නමක් දීල පින්නවලට දාලා වගේ. අයියෝ ඉන්න තැනක් කියන්න අපිත් එනවා. මොකද ලස්සන කතාවක් කියන්නවත් කෙනෙක් නැහැනේ.

:       0       0

කුමාරයා Monday, 18 June 2012 12:47 PM

ඇවිල්ල අපෙන් අහන්නකෝ.. යාලු වෙනහැටි බලන්න.

:       0       0

තවත් කොල්ලෙක් Tuesday, 19 June 2012 08:31 PM

මේ කියන කොල්ල ඉන්නේ බටුවත්තේද?

:       0       0

දයානන්ද Thursday, 14 June 2012 04:57 PM

ප්‍රසාදිනී, ඔයා බැදලද?

:       0       0

වසන්ත රත්නායක Friday, 15 June 2012 02:54 PM

මෙතන ප්‍රශ්ණය පරණ පෙම්වතාත් එක්ක ගිය එක ගැනයි..... ගොතපු එකක්ද කියලත් සැකයි....

:       0       0

වෝල්ගා Thursday, 14 June 2012 05:39 PM

අගක් මුලක් නෑනේ

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

මිතුරා මළැයි කියා සිතා බූරුවා ගහන්න ගෙදර ඇවිත්
2024 ඔක්තෝබර් මස 22 328 0

ගාල්ල නගරාසන්නයේ ගමක විසූ මිතුරන් දෙදෙනෙකි. දෙදෙනාම සුරාවට ලොල්ය. පසුගිය දිනක සවස දෙදෙනා හොඳටම රත්වූහ.


බිරින්දෑවරුන් මාරුකරගෙන මඟු‍ලත් කැඩිලා
2024 ඔක්තෝබර් මස 21 928 0

සිය බිරින්දෑවරුන් දෙදෙනා වෙනසකට වගේ මාරුකරගත් යහළුවන් දෙදෙනෙකු ඔවුන් දිගටම ඇසුර පවත්වාගෙන යෑම හේතුවෙන් එය විසඳා ගැනීමට එක් බිරියක රුහුණේ පොලිසියක


මං ගොනා බිලට පොලු තියා අමාරුවේ වැටිලා
2024 ඔක්තෝබර් මස 19 622 0

පිටේ දවටා තිබුණු යමක් සමච්චලයට ලක් කිරීමෙන් මිතුරා උරණ වීම හේතුවෙන් හෝටලයක කෑම බිල ගෙවා ගත නොහැකිව තවත් මිතුරන් පිරිසක් දැඩි අපහසුතාවකට පත්වූ පුවතක්


කප්පාදු කරන්න කීවාම තේ ගස් පිටින්ම කපලා
2024 ඔක්තෝබර් මස 19 622 0

කළයුතු දේ හරිහැටි සොයා නොබලා කටයුතු කිරීමෙන් තම බිරියගේ පවුලේ අයගේ දෝෂ දර්ශනයට ලක් වූ පුද්ගලයකු පිළිබඳ පුවතක් මාතර මොරවක්කෝරළය පෙදෙසින් වාර්තා වෙයි.


සංගීතයේ පුටු ගෙවල්වලට පියාබලා
2024 ඔක්තෝබර් මස 19 197 0

වැස්සට පිං සිද්ධ වෙන්න පුටු තොගයක් සිය නිවෙස්වලට රැගෙන ගිය පිරිසක් පිළිබඳව කතාවක් ඇල්පිටියෙන් අසන්නට ලැබේ.


ගුලි දෙක මාරුවී ඉහ මොළ රත් වෙලා
2024 ඔක්තෝබර් මස 19 230 0

මෙය බලංගොඩ ප්‍රදේශයේ එක්තරා ගමක සිදුවූ අපූරු සිදුවීමකි. නිවසක පෙර දින රාත්‍රියේ ආහාරයට ගෘහණිය විසින් කුරක්කන් තලප සූදානම් කර තිබිණි නිවසේ සිටින්නේ ව


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 96 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 792 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 545 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site