(ගිරිබාව - ඊ.එම්.ජේ. බණ්ඩාර)
ඔහු විසි දෙකක කඩවසම් තරුණයෙකි. පසුගිය දිනක ඔහු පදිංචි ගමට සුරූපි තරුණියක් පැමිණියාය.
ඇය පුංචි අම්මාගේ නිවසට පැමිණියේ කාලයකට පසුවය. පාසල් අධ්‍යාපන කටයුතු අවසන් වූ නිසා ටික කලක් වීවේකයෙන් ගත කිරීමට ඇය පැමිණියාය.
තම ගම්මානයට අලූතින් පැමිණි තරුණිය පිළිබඳව ඔහුගේ සිත කිති කෑවෙන්නට විය. ආදර හැඟුමක් ඇය ගැන ඇතිවිය.
ටික දිනක් මග තොටේදී හමුවූ විට ඔහු ඇය සමග කතා කළේය. ඇයද සුහඳව ඔහු සමග කතා කළාය. එහෙත් ඔහුගේ හිතේ ඇති ආදරය ඇයට ප‍්‍රකාශ කරන්නට ඔහුට හිතට හයියක් නොමැත. දස අතේ කල්පනා කළත් ආදරය ප‍්‍රකාශ කරන්නට හිතට හයිය ගැනීමට නොහැකි විය.
මන්තර බලයෙන් තරුණියන් වශී කර දෙන දේවාලයක් සොයා ඔහු ගියේය. කපු මහතාට කාරණාව පැවසුවේය.
”කිරි ගහටඇන්න වගේ මම ඔය වැඬේ කරලා” දෙන්නම් කෝ. මේ තෙල් කුප්පිය ගෙදර අරන් ගිහින් දවසට පොඞ්ඩ පොඞ්ඩ රත් කර කර දවස් හතක් ඔළුවේ ගාගන්ඩ. අලූත් ඇලූමිනියම් භාජනයක රත්කර ගන්ඩ. අටවෙනි දවසේ උදේ කෙල්ල පස්සෙන් එයි” යැයි කපු මහතා පැවසුවේය.
ඉහ වහා ගිය සතුටින් යුතුව ඔහු නිවසට පැමිණියේය. මව විසින් රැුගෙනවිත් තිබූ රුපියල් තුන්සියයක් පමණ වටිනා ඇලූමිනියම් තාච්චියක් තෙල් රත් කිරීමට යොදා ගත්තේය.
දින හතක් තරම් දිගු කාලයක් තෙල් රත්කර හිසේ ගෑමට කාලය ගත කිරීම ඔහුට කල්පයක් තරම් දිගුවිය. එතරම් කාලයක් බලා සිටීමට නොහැකිය.
තෙල් සියල්ලම එකම දිනක රත්කර හිසේ ගාගත යුතුබව ඔහු තීරණය කළේය. අළුත්ම තාච්චියේ තෙල්දමා ලිප තැබුවේය. හොඳින් ගිනිදමා ලිප අසලටවී බලා සිටියේය.
නිවසේ කවුරුත් නොමැති අවස්ථාවක කුස්සියට වී මෙම කටයුත්ත සිදු කළේය. ලිප ළඟ වාඩිවී තෙල් රත්වන තුරු ඇය ගැන සිහින මවමින් සිටියේය.
නොසිතු ලෙසින් ඔහුගේ මව හිටි අඩියේ නිවසට පැමිණියාය. කලබලවූ ඔහු ලිප අසලින් නැගිටින්නට උත්සාහ කළේය.
ඒත් සමගම රත්වූ තෙල් තාච්චිය කකුල මතට වැටුණි. යටි ගිරියෙන් බෙරිහන් දෙමින් ඔහු ඉවතට පැන ගත්තේය.
රත්වූ තෙල්වලින් පිළිස්සුණ කකුලට දැන් රෝහල්ගතව ප‍්‍රතිකාර ගන්නවාලූ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැහැ සඳුන් මල්ලී ? මම විවාහ උනේ විදේශයකින්. එත් ඒ තරුණ කාලේ ආදර මතකයන් අපි හැමෝටම තියෙනවා. මම දැන් දරුවෝ දෙදෙනෙකුගේ ආදරණීය අම්ම කෙනෙක්. දයාබර බිරිදක් (නදී)
සාමාන්‍යයෙන් කොල්ලා තමයි කෙල්ල බලන්න යන්නේ. සමහර වෙලාවට මේ වගේ තෙලකුත් ගාගෙන. ඒත් රූපවතී කොල්ලා බලන්න ගිහින්. හිතාගන්න පුළුවන්නේ රූපවතී කොහොම ඒ කාලේ ඉන්න ඇද්ද කියලා. (නි)
අම්මෝ! රූපවති අක්කාටත් ඒ කාලයේ වෙලා තියෙන දේවල්! පෙනෙන හැටියට අක්ොටත් ඒ කාලයේ වශී තෙලක් ගෑවිලාද කොහෙද? (නි)
රූපවතී අක්කේ ඔයා බැන්දේ ඒ කොල්ලද? අක්කත් මාර එඩිතරයි නේ. ඔයාගේ ගමත් වාරියපොළද? (ස)
රූපා අක්කේ. ඔයා ඇත්ත කියන්නේ කියල හිතුනා. කලිනුත් කතාව කිව්වනේ. කොහොම උනත් ඒ කාලේ ලස්සනයි තමා. (නදී)
මේක ටිකක් පරණ ක්‍රමයක්. කෙල්ලෙකුගේ හිත ගන්න මේ ඊයේ පෙරේද පත්තරේක තිබුන අලුත්ම අලුත් ක්‍රමයක් ගැන. කතාවේ හැටියට මෑන් ට අල්ලපු ගෙදර ඉන්න ගෑනු කෙනා ගැන හිත ගිහිල්ල නමුත් ආදරය ප්‍රකාශ කරන්න ක්‍රමයක් නැහැ .පස්සේ මිනිහ අර මනුස්සය ගේ ගෙදර රෙදි වැලේ දමල තිබුන ඒ මනුස්සයාගේ යට ඇඳුමක මෙයාගේ "ආදර පණිවිඩයත් " දුරකථන අංකයත් ලියලා ! අර මනුස්සය එකත් අරගෙන පොලිසියට ගිහින් ! කතන්තරේ පොලිසියේදී සමතයකට පත්වෙලා ! කොහොමද මෑන් ගේ මොලේ ! (ස)
මම නම් අන්තිමට බැන්දේ වෙන මනුස්සයෙක්ව (නි)
රූපවතී අක්කේ ඉතින් ඔයා පස්සේ බැඳගත්ත මනුස්සයට ඔක්කොම ඇත්ත විස්තරයම කිව්වද? (නදී)
කෙල්ල කකුලට වශී වෙන්න ඇති (නදී)
කපටිකුට අහිංසකයෙක් අහුවෙලා ! කනගාටුයි. (නදී)
තෙල් වැක්කෙරුනයි කකුල දිගේයා........... (නි)
මේ කතාව කෙල්ල දැනගත්තොත් නම් නිකන්ම ආදරය දෙයි (නි)
කොහෙද සරත්ලාට පින තිබුනැයි? අපේ අප්පච්චි මාව පිටරටකට දීග දෙනකම් හොර ගල් අහුල අහුලා නිකම් කාලේ කාදැම්මා (නි)
මගේ මහත්තයාට ඔය එළවලු කතාව මම කියලා තියනවා. එයා ඇස් උඩ තියාගෙන හිනාවෙවී අහගෙන ඉඳලා එයාගේ කතාත් මා සමඟ කියනවා. එයා කියන්නේ අපි හැමෝටම සුන්දර තරුණ කාලයක් තිබුණු බවයි. (නි)
රූපයි, සරතුයි දෙන්නම ලියපු නිසා මටත් ලියන්න හිතුනා. ඇත්තටම අපේ ඒ කාලේ මොනතරම් සුන්දරද, මම යාළුවෙලා සිටි කෙනා, එක දවසක් මමයි අම්මයි මගේ තව යෙහෙලියෙකුයි, අවුරුද්දට බඩුගන්න ටවුමට ගිය වෙලේ මුණ ගැසිලා ටොපි අහුරක් ගෙනත් දුන්නා. මමත් කොහොම හරි අම්මගේ ඇහැ වහල ටොපි ටික ගත්තා. අතර මග එන ගමන් අපි මමයි යාළුවයි අම්මටත් ටොපි දීල කකා එද්දී අම්ම කිවා ඒ ටොපි හරි රසයි වෙන නැද්ද කියල මගේ යාළුවා එක පාරටම කිව්වා අනාගත බෑනා දුන්නු නිසා වෙන්න ඇති කියල එදා මම ගුටි නොකා බේරුනේ අනූ නවයෙන්. ඒ මගේ ප්‍රථම ප්‍රේමය නමුත් දිනාගන්න පෙර පින් මදි උනා. (නදී)
මේ වගේ මැට්ටෝ ඉන්නවද තවත් ලංකාවේ (නදී)
අනේ මෙහෙමත් මෝඩ වැඩ! (නි)
මෙහෙම තෙල් රත්කරන්න ගියොත් නම් තෙල් අර්බුදයක් වුණත් ඇතිවෙන්න පුලුවන් (නි)
ඇත්තටම ආදරේ නම් කසාද බඳින්න අදහසක් තියෙනවා නම් කසාද බැඳලා පවුල් ජීවිතයක් නඩත්තු කරන්න හැකියාවක් ඇත්නම් ඔය විකාර පස්සේ නොගිහින් කෙලින්ම අහන්න තරම් එඩිතර කමක් පිරිමියෙකුට තිබිය යුතුයි. (නදී)
ඔය කතාවේ ඉතුරුටික මම කියන්නද? අර ගැහැණු ළමයා කෙසෙල් ඇවරියකුත් අරගෙන තරුණයා බලන්න රෝහලට ගියාලු (නි)
මම හිතාගෙන හිටියේ මෙහෙම ගුරුකම් ශාන්තිකර්ම වලට ගිහින් අමාරුවේ වැටෙන්නේ සමහර බවලතුන් විතරයි කියලා. බලනකොට මෙන්න ! (නි)
ගුරුකම් , කපුවෝ පස්සෙන් ගියොත් ඉතින් අමාරුවේම තමයි. පසුගියදා වාර්තා වුණේ දරු ඵල ලබාදෙනවා කියලා බවලතුන් අමාරුවේ දැමූ කපුවන් ගැන. තවමත් අපේ රටේ සමහරු මොකක්හරි දෙයකට තදබල විදියට ආශා වුණාම අන්තිමට හැරෙන්නේ ඉතින් වශී ගුරුකමට තමයි. (නි)
මේ වගේම වශී ගුරුකමකට අදාළ තරුණියගේ කෙස්ගහක් ගෙනෙන්න කිව්වාලු. තරුණයාත් තරුණියගේ ගෙදර යාම් ඊම් කිරීමේ පුරුද්දක් ඇති නිසා පපුවත් ඉස්සරහට දමාගෙන පුරුෂ ධෛර්යය අරගෙන ගියාලු. යනකොට තරුණිය සහ ඇගේ තවමත් වයසේ හැටියට මහලු පෙනුමක් නැති ආච්චි එකිනෙකාගේ කෙස් වැටි පීරමින් සිටියාලු. තරුණයට වාඩිවෙන්න කියලා ඔහුට සංග්‍රහ කරන්න බවලතුන් ගේ ඇතුළට ගිහින්.අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් තරුණයා බිම වැටී තිබුන කෙස්ගහක් ඉක්මනට අහුලා ගත්තලු. දවස් හතකට පසුව තරුණියගේ වැන්දඹු ආච්චි අම්මාගෙන් තරුණයාට විවාහ යෝජනාවක් ආවලු. ගුරුකම අති සාර්ථකයි! (නි)
මේ කතාවේ හොඳ පැත්තකුත් තියෙනවා. තරුණියට තර්ජනය නොකර, මිනීමැරුම් නැතුව, පැහැරගැනීම් නැතුව මේ වටග් අහිංසක උත්සාහයක් දැරුවට වරදක් නැහැ නේද? තරුණ හිරිමල් වියේ ගැටයෙක්ගේ හිතේ ඇතිවුණ ආලවන්තකමක්නේ. ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන ගමන් සුව වූ වහාම ඉක්මනින් රැකියාවක් සොයාගෙන ඔබේ හිතගිය තරුණිය සමඟ කෙළින් කතාකර ඔබගේ අදහස ප්‍රකාශ කරන්න (නි)
ජොහාන්, ඔය කතාවේ ඉන්න තරුණයා මම වෙන්න පුළුවන් (නදී)
අපරාදේ සල්ලිත් නැහැ. තෙලුත් නැහැ. අන්තිමට කෙල්ලත් නැහැ. කකුල පුච්චා ගත්ත එක විතරයි ඉතුරු උනේ. (නදී)
කොන්ද පන නැති තරුණයෙක. කෙල්ලෙක්ගෙන් කැමත්ත කෙලින්ම අහන්ඩ බැරිනම් උගෙන් වැඩක් නැහැ. ගෑණිට තමයි පවුලේ බර අදින්න වෙන්නේ (නදී)
ඇත්තද අනේ (නදී)
දෙයියෝ සාක්කි එකේ යන සමහර කතා ගොතපු ඒවා වගේද කියලත් වෙලාවකට හිතෙනවා. මේවට හිනා යන්නේ නැහැ. (නදී)
පව් අනේ (නදී)
ජයා මහත්තයාගේ අදහස හරිම යහපත් (නදී)
දැන් ඔය කතාව ලංකාදිපෙට කිව්වේ ඒ ළමයද නැත්නම් ඒ ළමයාගේ අම්මාද ? නැත්නම් කපුවාද ? කපුවා මේ සිද්දිය දැනගන්න විදියක් නෑ. මොකද මේ වගේ වැඩක් කරගද්දී දන්නා කෙනෙක් ලඟට යන්න කවුරුත් බයයි. මොකද වැඩේ ප්‍රචාරය වෙයි කියලා (නදී)
අපේ කාලේ දැන් වගේ ටෙලිපොන් ඊ මේල් , ඉස්කයිප් , අර බුක් , මේ බුක් , තිබුනේ නැහැ ඒත්, ලිපි මගින් , ගනු දෙනු කල ඒකාලේ හරිම ලස්සනයි. දැන් වගේ රාගයෙන් මත් උණු, රැල්ල ඒ කාලේ අඩුයි, දියුණුවත් සමග සියල්ල වෙනස් උනා. මමත් ලව් කරපු කොල්ලව බලන්න ගියා, අයියලාගේ ගෙදර යනවා කියල අම්මට බොරු කියලා. ගෙයින් එලියට එනවිට අම්ම මෙන්න අලුත හැදුනු වැලේ කියල, එළවලු මල්ලක් අතේ තියපි අයියට දෙන්න. ඒකත් අතේ එල්ලන් මගදී හමුවෙන ඔයට එළවලු මල්ල වීසිකරල මගේ හෝතඹයව බලල ගෙදර එනකොට ..අයිය ගෙදර ඇවිත් හිටපි. මල ජන්ජාලයකට එදා මම මුහුණ දුන්න අදවගේ මතකයි ..! අයියගෙන් ගුටිත් කෑවා. ඒකාලේ හරි ලස්සනයි ..! සුන්දරයි තරුණ අවදිය ..ඒත් අපි හරි දේ හැමවෙලේම තෝරාගන්න නියම බුද්ධියක් ලග තිබුන එක ගැන අපේ දෙගුරුන්ට ජාති ජාතිත් පින් දෙනවා ..!!! (නදී)
මමත් තෙල් ගාගෙන මගේ බිරින්දෑ ගාවට ගියා .... ගදයි අනේ නාගෙන එන්න කියාපි (නදී)
අයියෝ! මේ මොකද වුණේ? (නි)
"මේවට හිනා යන්නේ නැහැ" එහෙනම් කිති කවාගෙන හිනා වෙන්න. (නදී)