තේ පානය සඳහා ගොස් සුරූපී තරුණියක ළඟ වාඩිවීමට අවස්ථාව ලැබී ඇය සමග කතා කරමින් තක්කාලි සෝස් සමග අළුවා කෑ සංචාරක හෝටල් සේවකයෙකු පිළිබඳ අපූරු සිද්ධියක් මාලදිවයිනේ සංචාරක නිකේතනයකින් වාර්තා විය. සිද්ධිය මෙසේය.
මෙම පුද්ගලයා ශ්‍රී ලාංකිකයෙකි. සේවය කරනුයේ මාල දිවයිනේ සංචාරක නිකේතනයකය ශ්‍රී ලාංකික සේවකයින් වෙනුවෙන් වෙනමම ආහාර පාන සකසා ඒ අය වෙනුවෙන් වෙන් කළ ස්ථානයක එම ආහාර පාන ලබා දෙන මෙම සංචාරක නිකේතනයේ සෑම දිනකම සවස් වරුවේද තේ පානය සඳහා සැනඞ්විච්, රෝල්ස්, කට්ලට් වැනි දෑ සපයනු ලබයි. පසුගිය දිනෙක සවස තේ පානය සඳහා මෙම ස්ථානයට ගිය ඉහත කී සේවකයා දුටුවේ එම හෝටලයේම සේවය කරන සුරූපී තරුණියකද තේ පානය සඳහා පැමිණ ඇති බවයි.
ඇය සමග කුළුපග වීමට හොඳම අවස්ථාව මෙය යැයි සිතූ මෙකී තරුණ සේවකයා ඇය අසලින්ම වාඩි වී අල්ලාප සල්ලාපයේ යෙදෙන්නට විය. තේ මේසයේ තිබෙන්නේ මොනවාදැයි වත් ඔහුට අමතක විය. ඇය සමග සතුටු සාමිචියේ යෙදෙන ගමන්ම කුඩා පිඟානක් අතට ගත් ඔහු තක්කාලි සෝස් එහි දාගෙන තේ පානය සඳහා සූදානම් කර තිබූ කැවිලි වර්ගයක්ද රැගෙන තරුණිය අසලින්ම වාඩි වී තමන් ගත් කැවිලි සෝස්ද සමගින් කන්නට විය. තරුණිය ළඟ සිටි නිසා තමන් කන්නට ගෙන ඇත්තේ මොනවාදැයි යන්නවත් තේරුම් ගෙන නැති මෙම තරුණ සේවකයා සෝස් සමග කා ඇත්තේ ඊට පෙර දිනයේ නිවාඩු ගොස් පැමිණි තවත් ශ්‍රී ලාංකිකයකු විසින් ගෙනැවිත් තිබූ අළුවායි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි යෝගට් එක්ක වඩේ කන අයත් ඉන්නේ (නි)
කෙසෙල් මුවක් හීනියට ලියලා ලුණු වතුරෙන් මිරිකලා පැහෙන තෙලෙන් රන්වන් පාටවෙන්න බැඳලා, ඒකට අමුමිරිස්, රතුලූණු, හීන් මිරිස්, ලුණු, දෙහි, උම්බලකඩ එකතුකර කටට රස සම්බෝලයක් සාදාගන්න පුළුවන්. කැකුළු බතුයි කරවල බැදුමකුයි කටට රස බේරෙනවා ..! (නි)
තව, බිත්තර ඔම්ලට් ගොඩාක් ළුණු දාලා, රොස්ට් කරපු එළු මස් කෑල්ලක් එක්ක කාලා බලන්න (බ)
රාධා, අඹ විතරක් නෙවි තැඹිලි පාට දොඩම් ගෙඩියක් කෑලි කෑලි කපල ලුණු පොඩ්ඩකුයි ගම්මිරිස් පොඩ්ඩකුයි දාගෙන කාල බලන්නකෝ රස කොහොමද කියල (බ)
කොහොම වුණත් ප්‍රේමයෙන් මනරන්ජිත වේ කියලා තියෙනවානේ (නි)
රාධා, ඔයා ලංකාවේ හිටපු කෙනෙක් නෙමෙයිද?? (නි)
බෙන්තර මහේෂ්, ඇයි අනේ ඔයා දන්නේ නැද්ද සව්හාලුයි - සම්බෝලයි කන අයත් ඉන්නවා . (නි)
මේවා මොනවද අනේ ප්‍රේමයෙන් මත්වුණාම? (නි)
ප්‍රේමයෙන් මත්වුණා කියලා අහපු ගමන් පිටබැද්දර ජයාට හෝ ගාලා කිවිසුම් යනවා වගේ (නි)
ඔයාලා මොනවා කිව්වත් ප්‍රේමයෙන් මුසපත් වුණ වෙලාවක මොනවද නොකා ඉන්නේ? කන්නම්කො ලුණුමිරිසක් එක්ක කේක් වුණත් (නි)
කොහොමද උණු උණු පරාට එක්ක ඉදුණු කෙසෙල් ගෙඩි ....(ම)
අනේ සොපියෝ නිකම් බොරු නොකිය ඉන්න (බ)
අපේ නෝනා කේක් හදපු හැමදාකම මම කේක් කෑල්ලක් අතට ගන්නේ 'පරිප්පු හොද්දක් හරි කලටි පොල් සම්බෝලයක් හරි තිබුනානම් මරු " කියලයි . (ම)
මේ පිරිමියාගේ සිහිකල්පනාව නැතිකමටත් සමහරු වහෙන්ඔරෝ දොස් කියලා තියෙන්නේ කාන්තා සංහතියටනේ? (නි)
නියඟලා අල කන්න වෙන්නේ ජයා වගේ උදවිය කිට්ටු කරගත් බවලතුන්ට තමයි. කොයිවෙලෙත් නහයෙන් අඬාගත් ගමන්! (නි)
පිටබැද්දර ජයාට ගිහිගෙය කළකිරිලා වගෙයි. හපොයි! හොඳ වෙලාවට මේ පුවත් තීරුව අලුත බැඳපු ජෝඩු කියවන්නේ නැද්ද කොහෙද? නැත්නම් ඒ මිනිසුන්ට සංසාරේ එපාවෙනවා ජයාගේ පඬි වදන් දැක්කහම. (නි)
නියඟලා අල කන්න වෙන්නේ පස්සේ. (නි)
ජයා කොයි වෙලාවේ බැලුවත් නහයෙන් අඬන ගමන් (නි)
ලංකාවේ මිනිස්සු ඉදුණු අඹ කනකොට ලුණු කුඩුයි මිරිස් කුඩුයි දාගෙන කන්නේ. වෙළෙන්දෝ විකුණන්නෙත් ලුණු කුඩුයි මිරිස් කුඩුයි සමඟනේ. බත් කනකොට වතුර වෙනුවට කෝලා බීම බොන්නේ. (නි)
සියනෑ කෝරලයෙන් පැමිණි .ඔහු සමුර්දි නියාමකයෙක්. රජයේ සේවකයන්ට දෙන දෙවසරේ නිවාඩුවට මෙහි පැමිණියේ.ඇඳුම් මැසීමේ කාර්යයට.කාලයාගේ අවෑමෙන්.ලොව පුරාවිසිරී සිටිනා පිලිපීන ජාතික සේවකයන් මෙහිද සුලබව සිටින නිසා. එවන් කාන්තාවක් වෙනුවෙන් වැඩිකාලයක්.වෙහෙසුන මොහු.දිනක් ඔවුන්ගේ සාදයකදී.කිරි හෝ මීපැණි සමග.අමුම අමු කෙසෙල් වළඳා එහි ආදීනව තවත් ශ්‍රී ලාංකිකයෙක් හා පැවසුවාලු වසර 5ක් පමණ මෙහිසිට නැවත මව්බිමට නික්මගොස් ඇතත්. අමු කෙසෙල් කාපු. වගේ කියල තවමත් කට්ටිය මතක් කරනවා ...ටේලර් මහත්තයව.(අ)
මේ වැඩේ පිටබැද්දර ජයාගේ කාටවත් වුන දෙයක්ද මන්දා මේ බොහොම කලකිරීමෙන් කතා කරන්නේ. (බ)
පිටබැද්දර ජයාට බවලතුන් සම්බන්ධයෙන් පුදුම අමනාපයක්නේ තියෙන්නේ. ගෙදර තියා අහල පහල පිරිමියෙකුටත් කාන්තාවක් ලඟින් ගියත් උදැල්ල දික් කරන පාටයි. (අ)
සමහර පිරිමින්ට ගැහැණු පුළුටක් ළඟ හිටියොත් වහ උනත් මී පැණි කියාලා කනවා , හෙමෝම නොවේ. (ර)
ප්‍රේමයෙන් මුසපත් උන නුඹ සෝස් සමග අලුවා කාල බේරුනා ඇති මලේ නියඟලා නොකා ? (අ)