වත්තල පැත්තේ ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රවරයකුගේ ජංගම දුරකථනය හිමිදිරි පාන්දර නාදවන්නට විය. ඒ වනවිට ඔහු සිටියේ නාන කාමරයේය. නාදවන දුරකථනය රැුගෙන ඒ අසලට ආ බිරිය මෙන්න ඔයාට කෝල් එකක් යැයි කීවාය.
දෙවරක් කල්පනා කර බැලූ ඔහු කෝල් එක ගන්නේ නැතිව ඉන්න යැයි කීවේ පසුව දුරකථනය අංකය බලා නැවත ඇමතීමට සිතාගනිමිනි.
විනාඩි කිහිපයකින් දුරකථනය ගෙන බැලූවිට ඇමතුම දුන් අයගේ අංකය එහි සඳහන්ව තිබිණි. පෙරළා එම අංකයට ඇමැතුමක් ගත්තේය. පසුව ලැබුණු ඇමැතුමට පිළිතුරු දුන් අය සඳහන් කළේ තමන් වැරදීමකින් මෙම අංකය ගෙන තිබුූ බවත් තමන්ට කතා කිරීමට අවශ්‍ය වුයේ වත්තේ පොල් කඩා ගැනීම සඳහා පොල් කඩන්නකුට බවත්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක එචිචර ලොකු දෙයක් නෙමෙයි.(නදී)
මේක වැරදීමක් නෙමෙයි (ස)
ඡන්දෙට කලින් මේ වගේ සේවාවක් කරලා දුන්නානම් මනාප වැඩියෙන් ගන්න තිබුණා (ස)
කලින් රැකියාව මොකද්ද දන්නේ නෑ මෙයාගේ (ස)
මමනම් ගල් කඩන්නෙක්. මගෙත් ඉදිරි බලාපොරොත්තුව ජනතාව අතරට යන්නයි (ස)
ප්රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගෙන් බහුතරය පොල් කඩන්න හැරෙන්න වෙන මොනවද දන්නේ? (නි)
දැන් මෙයා මන්ත්‍රී කෙනෙක් වුනාට කලින් මොනවාද කළේ.(නදී)
පොල් කඩන එක ඊට වඩා නම්බුකාරයි. (නි)
ඒ ඇමතුම නිවැරදියි. (නි)
දුරකතන ඇමතුම වැරදි නැහැ මම හිතන්නේ. (නි)
මොකද ලලිත් ඔයාට මේ වෙලා තියෙන්නේ? (නි)
තාක්ෂණයක තරම (දී)
මේක කියවලා හිනා වෙලා මගේ ඇඟත් රිදෙනවා (ස)
දම්මිට මොකද ලලික් කරන දේට ඔච්චර කේන්ති ගියේ.(නදී)
ඔය එකපාරටම උඩ ගිය සභාපතිලා නිසා තමයි ලංකාවේ අපරාධ වැඩි. (නි)
ලලිත් කියලා තියෙන්නේ තිත්ත ඇත්ත. (නි)
මන්ත්‍රී වැටුප මදි නිසානේ.(නදී)
පත්තරේට දාන්න වටිනවද මේක? (නි)
සමහර ප්‍රාදේශීය මන්ත්‍රීලා කරන වැඩ දැක්කහම පොල් කඩන එක නම්බුයි. (නි)
අනේ කරුණාකරලා අපිට එම ජංගම දුරකතන අංකය ලබාදෙන්න. (නි)
පොල් කඩන අය තව හොඳයි (ස)
කෝල් එක ගත්ත කෙනා හරි, හැබැයි වෙලාව තමයි වැරදි (ස)
ආ........... මේ "රෝන් නම්බර්" කේස් එකක්නේ.. ඕක ඔච්චර ලොකු දෙයක් නෙමෙයි. (නි)
කලින් පොල් කඩපු කෙනෙක් නෙමෙයි නේද? විහිලුවට වගේ ඇහුවේ (ස)
මටත් මේ ළගදී නෝනා කෙනෙක් කතාකරලා එන ගමන් පාන් ගෙඩියක් ගේන්න කිවුවා. මම හා කියලා තිබ්බා. (නි)
අයියෝ සල්ලී...මොකද්ද මේ විකාරේ (ස)
ප්රාදේශීය සභා වල ඉන්න බහුතරය රෑට පොල් කඩපු අය කියලා මහජනතාව දන්නවා ඇති. (නි)
ඒකත් පොල් කේස් එකක්... (නි)
කවුද දන්නෙ පොල් කඩන්නා මන්ත්‍රීතුමාත් එක්ක හවුල් ව්‍යාපාරයක් පවත්වාගෙන යනවද කියලා? (නි)
පොල් කඩන්නා මන්ත්‍රීතුමාගේ නොම්මරේ දෙන්න ඇති. (නි)
පොල් ටිකක් කැඩුවනම් ගාණක් හොයා ගන්න තිබුණා (ස)
උදෑසනට ගැළපෙනම දුරකතන ඇමතුමක්. (නි)
පොල් කැඩීම හෑල්ලුවට ලක්කළ යුතු නැහැ. (නි)
ලංකාවේ පොල් කඩනවා කියන එකට හිනාවෙනවා. හීනමානයනේ... (නි)
ප්රාදේශීය සභාවල කට්ටිය ඉස්සර කරපු දේවල් නවත්තලා දැන් පොල් කඩනවාද දන්නෙ නැහැ. (නි)
මම නම් හිතන්නේ ඔහු නිවැරදි පුද්ගලයාට තමයි කතා කරලා තියෙන්නේ. (නි)
මම හිතන්නේ හරි නොම්මරේට තමයි කතා කරලා තියෙන්නේ. (නි)
පිස්සු නැත්නම් ෂෝක්... (නි)
සමහරවිට මන්ත්‍රීකම ලැබෙන්න කලින් එයා ඒවා කරන්න ඇති. (නි)
ඡන්දයක් ළං කරලා කතා කළා නම් හා, මම එන්නම් කියයි. (නි)
මේක ලොකු දෙයක් නෙමෙයි. මින් කියැවෙන දේයි අපි තේරුම් ගත යුත්තේ. (නි)
මේක මේ සාමාන්‍ය දෙයක්නේ. අපේ මන්ත්‍රීලා කොයි වැඩේටත් දක්ෂයි. (නි)
පොල් කඩන්න කියලා කියන්න කිවුවේ අරයගේ බිරියද දන්නෙ නැහැ. (නි)
පත්තරේ දාන්නම වැඩේ. (නි)
පොල් කැඩීම කියන්නේ සාධාරණ රැකියාවක් (ස)
එයාට වැරදිලා නේද ? (ස)