පෝරුවේ චාරිත‍්‍ර සිදු කරමින් සිටිය දී මනාලිය සිහිසුන්ව පෝරුව මත ඇද වැටුණාය. මෙය අසුබ සිද්ධියක් යැයි දෙපාර්ශ්වයේම නෑදෑයෝ පැවසූහ. වහාම මනාලිය රෝහල වෙත රැගෙන යනු ලැබිණි. එයාට ඇති ලෙඩක් නැතැයි වෛද්‍යවරු පැවසූහ. ”දොස්තර මහත්තයට ලෙඬේ අහුවෙලා නෑ. මේක තරහකාරයෙක්ගෙ වැඩක්. කොඩිවිනයක් කරලා ”දිස්ටියක්” එවන්නැති. අපි තොවිලයක් කරමු,” යැයි කපුවා කීය. සියලූ දෙනාම කපුවාගේ කීමට එකඟ වූහ. දැන් තොවිලයට සියල්ල සූදානම්ය. ”හා.... එහෙනං ඔය ආතුරයා මෙහාට එක්කන් ආවනං,” යැයි යකැදුරා කීය. මුළු ගෙදරම උඩු යටිකුරු කරමින් ආතුරයා සෙවූහ. කට්ටියක් හුළු අතු දල්වාගෙන වත්ත පහළට ගියහ. ළිං පතුල්වල ද සෙවූහ. ආතුරයා පේන තෙක්මානයේ නැත. ”අනුමානයක් නෑ.... දිෂ්ටිය අඬගහගෙන යන්න ඇතැයි,” කපුවා කීය. මේ අතරතුර නිවෙසේ අයකුගේ ජංගම දුරකථනය නාද විය. ”ඔය මගුලට මං කැමැති නෑ. මං ආනන්ද එක්ක ගියා. අපි ගැන හොයන්න එපා,” යැයි පණිවුඩයෙන් කියවුණි. ”අයියෝ මගෙ කපුකමේ ගාස්තුවත් තට්ටු වුණායි,” කපුවාට ඉබේටම කියවුණාලූ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අංජනා ඔයාට එහෙම දෙයක් උනේ නැහැ නේද?(නු)
ශීලා, ඔයාට ඔච්චර ඉක්මණට අපේ අතීතය අමතක වුණාද? (නි)
අජන්තත් හරි වගේ....!!(නු)
ටික කලකින් දික්කසාද වෙනවට වැඩිය හොදයි එහෙම තීරණයක් ගත්ත එක. (නි)
මනමාලිට ගණදෙවි නුවණන තියෙනවා වගෙයි. (නි)
කොහොමද මොලේ..(ස)
බොලේ, අංජන දන්නවානේ යමක් කමක්. දෙයියන්ගෙම පිහිටයි! (නි)
දෙමව්පියන්ගේ උද්දචිචකම නිසා හොද වැඩෙ. මනමාලි කලින් මෙ දේවල් ගෙදරට කියන්න ඇතිනෙ. මනමාලි කළදේ ඇත්තටම හොදයි.මනමාලයා එක්ක ඉදිරියට ජීවත් වෙන්නෙ මනමාලි මිසක් ඇගේ ගෙදර අය නෙවෙයිනේ.(ස)
යන තැනක කලින්ම ගියනම් ඉවරයිනෙ.. දෙමව්පියන්ගේ සල්ලි වියදම් කරන්නෙ නැතිව.. පොරුවට නග්ගන්නෙ කසාද බැදලනේද? (නු)
තොවිල් කියන්නේ බොරු වැඩ..(නු)
කොහොමද ටිකිරි මොළේ? (නි)
නියමයි. මෙහෙම කතාවක් මම ඇහුවමයි. (නි)
අසරණයෙක් අමාරුවේ දැමෟමක්. ගෑණු මායමක්. (නි)
අඩුමගානේ කසාදෙදිවත් ළමයගේ කීමට ඉඩ නොදෙන දෙමාපියන්ට හොඳ පාඩමක් මේක...(ස)
නිලූ නංගියේ මොකෝ කරදරයක් උනාද? පෝරුවේ නගින්නත් වාසනාවක් තියෙන්නෙත් ඕනි .(ස)
කැලුම් , ඔයාල වගේ අය නිසා තමයි, ගැණු ළමයින්ට ඔක්කොම කරදර. අපි පෝරුවේ නගින්නේ නැතුව බඳිමු. (ස)
ඔහු මේ ළමයාව දිවි ඇති තුරා ආදරයෙන් බලා ගත්තොත් හොදයි. (නි)
මම බේරුණු එක ගැන මට සතුටුයි. (නි)
මොන 'මගුල්' කථාවක්ද මේක? කලින්ම ඕක කිවුවා නම් ඉවරයිනෙ. (නි)
හොඳ වැඩේ අන්න එහෙමයි කරන්න ඕනේ (ස)
වැඩක් නැති දෙයක්නේ...(ස)
ගෑණු මායම් තියෙන නිසා තමයි අද ඉන්න පිරිමින්ගෙන් ගෑණූ බේරිලා ඉන්නේ. (නි)
ආනන්ද, ඔයා නම් නියමයි. (නි)
ඉස්සර කාලේ නම් පෝරුව උඩ කලන්තේ දාල වැටුනොත්. ආයේ මගුල් හොයල බොරු. (අ)
කොහොමද ගෑනු මායම .(ස)
”ඔය මගුලට මං කැමැති නෑ. මං ආනන්ද එක්ක ගියා. අපි ගැන හොයන්න එපා,” ඔය මගුල කිවුවා නං ඉවරයි.තොවිලයක් කලින්ම කරයි..(ස)
ඒ ඉස්සර සරත් අයියා .දැන් එහෙම වෙනවනම් ලංකාවේ කෙල්ලන්ට මගුල් හොයලා බෙරු..පෝරුවේ චාරිත්‍රය අයින්කරන්න වෙනවා නැත්නම්....(ස)
නෑ. නෑ , ප්‍රශ්නයක් නැහැ ආනන්ද අයිය , ඒ ළමයව භාර අරගෙන තියෙනවනේ. අපිට තමයි ඉතින් ඒ කාලේ, කව්රුවත් හිටියේ නැත්තේ .(ස)
ප්‍රවීන් , ඕවට ඔයාලත් වග කියන්න ඕනි. මොකද ඕව ගැණු ළමයි තනියම කරගන්න දේවල් නෙවෙයිනේ. .(ස)
64 මායමෙන් එකක් ඔය .ඉතිරිය ඉදිරියට.....පරිස්සමින් ආනන්ද මල්ලී...(ස)
කපුවා කපෝති....(ස)
ගෑනු මායම් තමයි...(ස)
හොඳ තේරීමක්...(ස)
මාරයි නේ (අ)
හොර කපුවා කපෝති. (නි)
මාසයක් දෙකක් යනකොට ආනන්ද අයියගෙන් හිරිහැර වෙනකොට දාපු මායම් වල අගේ තේරෙයි. ආනන්ද අයියවත් දාල යන දවස වැඩි ඈතකත් නොවන බව කවුරැත් දන්නවා ඇති. කෙසේ වෙතත්, අළුත් ජෝඩුව සුභ පතමු..... සුභ අනාගතයක් වේවා... දෙමාපියන් දහදුක් විදලා හම්බ කරපු සල්ලි නාස්ති කරන්න කලින් පැනල යන්න දැනගත්තනම් කාට කාටත් හොදයි. මොකද අන්තිමට එන්නෙත් දෙමව්පියන් ලගට නිසා..... .(ස)
දැන් කාලේ දිස්ටි වලටත් කෝල් කරන්න පුලුවන්ද? අම්මෝ ඉවරයි! (නි)
කොහොම ගියත් එකම දේකටනේ...(ස)
ප්‍රාදේශීය සභාවේ කවුරුහරි මගුල්ගෙදර හිටියද දන්නෑ....(ස)
මේවා ඔක්කොම මනස්ගාත. (නි)
උම්බෑ කිය කියා මරණ බයේ.... (නි)
ප්‍රවීන් ඇවිත් දැන් පරණ දෙවල් මෙකට ද, දැන් ක්‍රමයක් තියෙනව අවුල්වෙන දේවල් හරි ගස්සන්න (අ)
ආනන්දට වැරදිලා.. ආවාට තිබුණත් නිසසල සද මත එය හරි ප්‍රියංකරයි... සිසහ නොමැතිව වැටෙන අයුරු දැක අනුකම්පාවකි ආනන්දගේ සිත වෙලා ගත්තේ...!!(නු)
ඒ කොහොමද?(නු)