කොල්ලෙකු සමඟ පැන යතැයි සැකයෙන් එකම ඇඳේ තුරුල්ලේ නිදි කරවාගෙන සිටි මිනිබිරිය මිත්තනිය ගොරදිදී නින්දට වැටුණු අවස්ථාවේදී තම පෙම්වතා සමඟ පැනගොස් ඇතැයි කියන සිද්ධියක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි.
වාර්තාවන අන්දමට සිද්ධිය මෙසේය.
කෑගල්ල නගරයට ආසන්න ගමක 71 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවක් තනිවම පදිංචිව සිටියාය. මෙම කාන්තාවගේ ස්වාමිපුරුෂයා මීට වසර 11 ට ඉහතදී මිය ගියේය. ඇයට දරුවන් දෙදෙනෙකි. වැඩි මහල් පිරිමි දරුවා විවාහවී දරු මල්ලන් සමඟ විදේශ රටක වසර ගණනාවක සිට පදිංචිව සිටියි. දියණිය මහනුවර හතරලියද්ද ප්‍රදේශයේ පදිංචිව සිටින්නීය.
තම මවට අවස්ථා කිහිපයකදීම නිවසේ තනිවම නොසිට නිවස වසා දමා තමන් ළගට පැමිණෙන ලෙස දියණිය ඉල්ලීම් කළාය. පිරිමි දරුවා කවදාහරි දවසක ලංකාවට පැමිණෙනතුරු නිවස භාර දීමට එය ආරක්ෂා කරදීම මවකගේ වගකීමක් බව වයෝවෘද්ධ කාන්තාව හැමවිටම තම දියණියට කියන්නීය.
පසුව දියණිය තම වයෝවෘද්ධ මව මහගෙදර තනිවම උයාපිහාගෙන ජීවත්වීම සම්බන්ධයෙන් දුකට පත්ව ගිය වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටි 19 හැවිරිදි දෙවැනි දියණිය මීට මාස හතරකට පමණ ඉහතදී මව ළග නතර කළාය. මිත්තනියගේ ගේදොර වැඩවලට ද උදව් උපකාර කරමින් ජීවත් වෙමින් සිටි 19 හැවිරිදි තරුණිය ඉකුත් පෙබරවාරි මස දිනක පිටරට පදිංචි පිරිමි දරුවා මිත්තනියට මුදල් එවා තිබුණි. ඒවා ලබා ගැනීමට කෑගල්ල නගරයේ බැංකුවකට තරුණිය ගිය අවස්ථාවකදී පොල්ගහවෙල ප්‍රදේශයේ තරුණයෙක් දුන් දුරකථන අංකය ඔස්සේ ඔහු සමඟ සම්බන්ධතාවක් මිත්තනියට හොරෙන් තරුණිය මාස දෙකක පමණ කාලයක් තිස්සේ පවත්වාගෙන ගියාය.
දිනක් රාත්‍රි තරුණිය නින්දට ගිය අවස්ථාවේදී දුරකථනයෙන් පෙම්බස් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් පසු දා ආච්චි අම්මා මිණිපිරියගෙන් කවුරුන්දැයි විමසීමක් කළාය.
එහිදී ඇය මිත්තනියට කියා ඇත්තේ තමාගේ මිතුරකු බවය.
මේ පිළිබද සැක සිතුණු අත්තම්මා මිණිපිරිය පිළිබද හතරලියද්දේ පදිංචි දියණියට දුරකථනයෙන් පැවසුවාය. එලෙස යම් සම්බන්ධයක් පවත්වාගෙන යන්නේ නම් අධ්‍යාපන කටයුතුවලින් පසුව සිදු කර දෙන බවත් එතෙක් අධ්‍යාපන කටයුතු කර ගත යුතු බවට දියණියට තරයේ අවවාද ද කළාය.
සිය මිණිපිරිය තරුණයකු සමඟ පවත්වාගෙන යන සම්බන්ධයෙන් පසුව මිත්තනිය ඇය සෑම දිනකම රාත්‍රියට තමාගේ ඇඳට ගෙන්වාගෙන තියාගෙන නින්දට ගියේ මිනිබිරිය තරුණයා සමඟ පැන යතැයි යන සැකයට බවත් ඇය වැඩිදුරටත් ආරක්ෂා කර ගැනීමේ අරමුණින් බවත් වාර්තා වෙයි. තරුණිය සිය මිත්තනිය සමඟ ඇදේ නිදා ගන්නා දවසේ සිට දුරකථනයෙන් කතාව නවතා දමා කෙටි පණිවුඩවලින් තොරතුරු හුවමාරු කර ගත්තාය.
පෙම්වතාගේ බලවත් ඉල්ලීම මත තරුණිය ’ඔහු සමග පැනයාමට තීරණය කළාය. පසුගිය සඳුදා දහවල් තරුණිය තරුණයාට ප්‍රකාශ කර ඇත්තේ කිරි අම්මා ත්‍රීරෝද රථයකින් නිවසට අවශ්‍ය දේවල් රැගෙන ඒමට කෑගල්ල නගරයට ගිය බවත් ඒ අතරේ තමන් ඇඳුම් පැළඳුම් ටික සූදානම් කර ගත් බවත්ය. පසුව තරුණයා පොල්ගහවෙල සිට එදින රාත්‍රි 8 ට පෙර කෑගල්ලේ පෙම්වතියගේ නිවස ආසන්නයට පැමිණ ත්‍රීරෝද රථය පසෙක නතර කර දමා එහි රැඳී සිටියේය.
මිනිබිරියත් ආච්චි අම්මාත් රාත්‍රි කෑම කා සුපුරුදු පරිදි දෙදෙනාම එකම ඇඳේ රාත්‍රී 9.30ට පමණ නින්දට වැටුණාහ. ටික වේලාවකින් ආච්චි අම්මා නින්දේ තදකමට ගොරවන්නට වූවාය. ගොරවා ගොරවා නින්දේ පසුවන මිත්තනිය අසලින් නැගිට ගත් තරුණිය ඇඳුම් බෑගය ද රැගෙන නිවසේ පිටුපස දොරෙන් රාත්‍රි 11 ට පමණ පැන ගත්තාය. රාත්‍රි ඇඳිරි නීතිය හේතුවෙන් අලුයම පහ වනතුරු එම ස්ථානයේ රැය පහන් කළ තරුණයත් තරුණියත් පසුව එම ස්ථානයෙන් පොල්ගහවෙල තරුණයාගේ නිවස බලා පැමිණි බව ද වාර්තා වෙයි.
පාන්දර අවදි වූ ආච්චි අම්මා තමන් සමඟ ඇඳේ සිටි මිණිපිරියගේ දුරකථන අංකයට ඇමතුමක් ගත්තයා. එය වසා දමලාය. පසුව හතරලියද්දේ පදිංචි සිය දියණියට මේ පිළිබඳ කීවාය. එහෙත් තොරතුරක් දැන ගන්නට නොලැබුණි.
පසුව පෙරවරු 9 ට පමණ තරුණිය සිය මිත්තනියට හා මවට දුරකථනයෙන් කතාකොට පවසා ඇත්තේ තමන් කරදරයක් නොමැතිව පෙම්වතා සමඟ සිටින බවත් තව සති දෙක තුනකින් පෙම්වතා සමඟ පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින බවත්ය.
(කෑගල්ල අධිකරණ - චමින්ද වැවතැන්න)
මවගේ අවමගුලේදී ලොක්කා කළ කතාවෙන් පොඩ්ඩාට අවමඟුලක් උදාවූ අපූරු කතාවක් දකුණේ ගමකින් අසන්නට ලැබේ.
ඔහු දකුණු පළාතේ පාසලක තරුණ විදුහල්පතිවරයෙකි. විදුහලේ සියලුම දෙනා සමගම ඉතා සුහදව කටයුතු කරයි.
සිය මෝටර් රථයේ රියැදුරු අසුන මත තිබූ ගැරඬි හැවකට සර්පයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු බිරියටද මහ හයියෙන් කෑ ගසමින්ම සර්පයා මරාදැමීමට පොල්ලක් සොයමි
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පරිස්සමට ආච්චි හංගාගත් මිනිබ්රිය ඈලියාවට ගිහින්