ආයතනයක නිලධාරීහු පිරිසක් විනෝද චාරිකාවකට සහභාගි වූහ. පිරිමින් සඳහා පිටරට නිෂ්පාදිත සැරබීමද කාන්තාවන් සඳහා වයින්ද රැගෙන යන ලදී. චාරිකාව නිමා වී නිලධාරීන් කිහිපදෙනෙක් ආයතනයට පැමිණ ඉතිරිව තිබූ මත්පැන් ගබඩාවට දමා හිස් බෝතල් අයිනක තැබූහ. එක් නිලධාරියෙක් කොළයක ඔතන ලද බෝතලයක් ආරක්‍ෂක නිලධාරියකුට භාර දී ‘‘මේ වයින් බෝතලේ අරන් තියන්න. මම ගමේ ගිහින් ඇවිත් ගන්නම්’’ යැයි පැවසීය. පසුදින නිවාඩු දිනයකි. එදින පැමිණි ස්ථාන භාර නිලධාරියා වයින් බෝතලය දැක එය කාගේදැයි ඇසීය. ‘‘සර් ටි‍්‍රප් එක ගිය මහත්තයෙක් තියලා ගියා.’’ කනිෂ්ඨ ආරක්‍ෂක නිලධාරියා කීය. මත්පැන් රුසියෙක් වූ ස්ථාන භාර නිලධාරියා සට කපට පුද්ගලයකු විය. ‘‘කෝ මෙහාට ගනින් බන් ඔය බෝතලේ’’ කියමින් බෝතලය අතට ගෙන එහි ඇසුරුම පරෙස්සමින් ඉවත් කළ විට දක්නට ලැබුණේ ඉස්තරම්ම වයින් බෝතලයකි. හිස් බෝතල් ඇසිරූ පෙට්ටියෙන් එම වර්ගයේම හිස් බෝතලයක් ඉවතට ගත් ඔහු, වයින් බෝතලය ඔතන ලද කොලයෙන් හිස් බෝතලය ඔතා, ‘‘දැන් අපි වයින් බෝතලේ බොනවා. වෙරි වෙන්නෙත් නැහැනේ. පස්සේ ඔතපු බෝතලේ මේසේ උඩ තියල, බිමට වට්ටනවා. බොසා ආපු දවසට මම උත්තර දෙන්නම්’’ යැයි සිනාසෙමින් කීය. පසුගිය දිනක වයින් බෝතලය රැගෙන යෑමට පැමිණි නිලධාරියා දුටු ස්ථානභාර නිලධාරියා ‘‘හරි වැඩේනේ උනේ සර්. මේසේ උඩ තිබ්බ වයින් බෝතලේ පූසෙක් පැනලා බිම වැටුණා. කුඬේ කුඩු, දුකේ බැහැ සර්’’ ඔහු බිඳුණු බෝතලය පෙන්වමින් පැවසීය ‘‘අපරාදේ මට ඕක ඔයාලට බොන්න කියන්නයි තිබුණේ’’ නිලධාරියා බිඳුණු හඬකින් පිළිතුරු දුන්නේය. මෙය කොළඹ අවටින් වාර්තා විය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තිතට මත.. අපේ අයට බෝතලයක් දැක්කම ඉන්න හිටින තැනුත් අමතක වෙනවා..!!(නු)
එයා මේක දැක්කොත් කට්ටියටම දෙයියන්ගෙම පිහිටයි....(ස)
විස්කි කාගෙවත්ගාව පරිස්සමට තියන්න අමාරුයි...(ස)
ඔය කපටිකම් යහපත් දෙයකට යෙදුවානම් මොනතරම් හොදද?(නු)
බලන්න අර මහත්තයාගේ හිත හොද කම...!!(නු)
කොහොමද ටිකිරි මොලේ...(නු)
නරින්ට කුකුල්ලු බාර දුන්නා වගේනේ. (නි)
ෂික් විතරක්. අරක්කු ටිකට පෙරේත කට්ටිය. මරු ආරක්ෂක නිලධාරින්නේ. (නි)
මෙයින් අර ගමේ ගිය නිලධාරයාගේ උතුම් "මනුස්සකමත්", අර කපටිකමින් මත්පැන් බිව් පුද්ගලයාගේ "අමනුස්සකමත්" පෙන්නුම් කෙරේ..! නමුත් පුදුම වීමට දෙයක් නොමැත, ඒ මේ...ශ්‍රී ලංකාව නිසාය. (ස)
අයියෝ අපේ කට්ටියට මත්පැන්, විස්කි, වයින් කියන ජාති පෙන්වන්න ඕනෑ. වයින් කියන්නේ මත්පැන් නෙමෙයි. හොඳ වයින් බෝතලයක වටිනාකම විස්කි බෝතල් 10ක විතර ගානක් වෙනවා. මිදී යුෂ වයින් බොන්නේ සුද්දෝ ලස්සන වෙන්නලුනේ. (නි)
කමක් නැහැ වයින්නේ (දී)
වයින් කියන්නේ මත් වෙන ජාතියක් නෙමෙයි. වයින් වලයි, විස්කි වලයි ගණන දැන ගත්ත ඔය එක්කෙනා වැස්සකටවත් ඉස්කෝලෙකට ගියේ නැද්ද?(නි)