ඔහු ගාලූ පළාතේ ප‍්‍රකට පෞද්ගලික ආයතනයක මාණ්ඩලික මට්ටමේ නිලධාරියෙකි. රාජ්‍ය ආයතනයක ප‍්‍රධාන ලිපිකාරිනිය වූ බිරිඳ සමග වැඩට ගියේ යතුරු පැදියෙනි.
පසුගිය දා රාජකාරී කටයුතු රැුසක් තිබුණත් දෙදෙනාම තම මෝටර් රථයෙන් ගමනට පිටත් වූහ.
ගමේ පාර දිගේ යද්දී රියැදුරු සැමියාගේ නෙත ගැටුණේ මොහොතකට පෙර පාර මැදට වැටී ඇති ලොකු පොල් ගෙඩියකි. වාහනයේ වේගය අඩුවූ විට මෙය දුටු බිරිඳ ‘‘එපා යං’’ කීවේ වට පිට බලමිනි. රුපියල් හැටක් කී ඔහු වාහනයෙන් බැස පොල් ගෙඩිය අසලට යත්ම ඉඩම් හිමිකරු වැටෙන් පැනගෙන අවේ ‘‘මහත්තයා ඕවට අයිතිකාරයෝ ඉන්නවා’’ කියාගෙනය. ඔහුට තරු පෙනිණ.
ආපසු හැරී විත් වාහනයට නැග බිරිඳ දෙස බැලූවෙමි. ‘‘අනේ මෙහෙම ආසාවක්’’ ‘‘අනේ මෙහෙම තන්හාවක්’’ බිරිඳ තාලයට කීවෙන් ඔහුගේ මුහුණ රතු වුණාලූ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් හිනා වුණා ගුණවර්දනගේ කතාවට. හොඳ බිරිදක් (නි)
හංසිකගේ වචන වලින් ඔයා කවුද කියලා හිතාගන්න එසැණ අපිට අපහසුවක් නැහැ (නි)
පාරේ තියන පොල් නම් ඇහින්දට කමක් නෑ නේද (දී)
අජිත් අයියා කියන විදිහට දෙන්නම රැකියා කරලා ජීවත් වෙන්න බැරි නිසා සුළුවෙන් රැකියාවක් ලෙසට හොරෙන් පොල් කඩමු කියලා යෝජනා කරනවා ... කවුරු හරි ස්ථීර කළා නම් හොඳයි (නි)
ඔන්න ඔය සංසිද්දිය නිසා තමයි මේ සමාජය පවතින්නේ (දී)
ලැජ්ජයි නේ (දී)
දෙන්නම රස්සාවල් කරලා පඩි අරන් ජීවත්වෙන්න අමාරුයි. එතකොට මිනිස්සු පොඩි දෙයක් හරි දැක්කම වාසිය ගැන පමණයි හිතන්නේ ඉතින් මේකට අපි කාටවත් දොස් කියලා වැඩක් නැහැ.(නදී)
පොල්ගෙඩිය කාගේ හරි ඔලු ගෙඩියකට වැටුන නම් ඒකට අයිතිකාරයෙක් නැහැ.(නදී)
මොකද කරන්නේ සංජිව? මම නම් මට්ටු වුණා. මගේ පාසල් ජීවිතය හරිම රසවත් අනෙක් අතට. මගේ පාසල් මිතුරු, මිතුරියන් නිතරම මතකයේ රැඳෙනවා. (නි)
ඒ දවස් වල මල්වතු ඔයේ ජලය අපිරිසිදු කරන කොල්ලෝ හොය හොයා පොලිසිය මෙහෙයුම් කළා. ඔය දැන් ඉන්නේ මෙතන වැරදිකාරයෝ ටික (නි)
ගුණවර්ධන මහත්තයෝ, මමත් ඔය වැඩේම මල්වතු ඔය ළඟ කරලා තියෙනවා, හැබැයි මම නම් අහු වුණේ නැහැ. (නි)
වත්තේ අයිතිකාරයාට හොඳ දෙකක් කියලා පොල් ගෙඩිය අරගෙන යන්න තිබුණෙ. මොකද තව ඩිංගක් පහු වුණා නම් වාහනේ උඩට නේ වැටෙන්නේ. අනුන් ගැන නොහිතන වතු අයිතිකාරයොන්ට කවුරුවත් පාඩමක් උගන්වන්නේ නැහැනේ. (ස)
හිතල කරපු දෙයක්යෑ? බැනලා වැඩක් තීයේද? "හත්වලාමේ වෙච්චදේට මක් කොරන්නද........"......... තණ්හාය ජායති ශෝකෝ. (නි)
ඔකේ අනිත් පැත්ත වෙන්න ඇති ඇත්තටම සිද්ධ උනේ (දී)
දම්ම නිකන් බන කියන්න එපා වැරදි කරන විට වරද පෙන්නලා දෙන එකේ වරදක් මම නම් දකින්නේ නැහැ.එතකොට පිරිමි කරන වැරදි කව්ද හරිගස්සන්නේ (දී)
පිරිමි කෙනාට හොඳටම ලැජ්ජා හිතෙන්න ඇති නේද? (නි)
ස්වාමියා සමච්චලයට ලක් කරන ගැහැණිය හොඳ බිරිඳක් නොවේ. (නි)
ගුණවර්ධන අයියාගේ කතාවට හිනා වගේම, අපේ පාසැල් කාලය මතක් වුණා. ස්තුතියි ඔබට. (නි)
පොල් විස්තරය දැක්කම මට වෙච්ච දෙයක් කියන්නට හිතුණා.පාසැල් යන කාලේ දවසක් ස්කුල් කට් කරලා තවත් යාලුවෝ දෙන්නෙක් එක්කර ගෙන ගියා කුරුම්බා කඩන්නට (අනුරාධපුරයේ මල්වතු ඔය අසල) මම ගහට නැග්ග නැග්ග විතරයි මම දැක්ක වත්තේ අයිතිකාරයා දුවගෙන එනවා. ඇවිත් මගේ යාළුවන්ට බැනගෙන, බැනගෙන ගියා. මම ගැහෙනවා. මට කිව්වා උඹ ගහෙනේ ඉන්නේ එක කුරුම්බයක් කඩන්න එපා. කඩපිය පොල් කියලා. ඉතින් මම පොල් ගෙඩි අටක්, දහයක් විතර කැඩුවා. දැන් බැහැපිය කිව්වා. මම බැස්සට පස්සේ අපිට කියනවා උඹලට තිබහත් ඇතිනේ මල්වතු ඔයෙන් වතුර ටිකක් බිලා පලයල්ලා කියලා. අපිව එලව ගත්තා. ඉතින් මොන කුරුම්බද ? පොල් ගස් දැක්කහම වෙච්ච දේ මතක් වෙනවා. (ස)
දවසක් අපිටත් ඔය වගේ දෙයක් වුණා. එදා නම් එකක් නෙමෙයි දෙකක්ම තිබුණා. ආවේ නැද්ද අයිතිකාරී හොඳ වචන දෙක තුනක් කිව්වා මහත්තයාගේ අතේ තිබ්බ ගෙඩි දෙක ඉබේම බිමට වැටුණා .එදයින් පස්සේ පොල්වතු පහුකර ගෙන යනකොට මහත්තයා හයියෙන් යනවා. (ස)
දැන් මේක පත්තරේට කිවුවේ ස්වාමියාද, බිරිඳද, නැත්නම් ඉඩම් හිමිකරුද? (නි)
ඕක කළේ ස්ත්‍රියද? පුරුෂයද ? (ස)
අයියෝ විලි ලැජ්ජාවේ බෑ..... (ස)
පාරේ වැටිලා තිබුණත් ඒක අනුන්ගේ දෙයක් කියා හිතන්නේ එහෙමත් කෙනෙක් විතරයි. ඔය වගේ වැටිලා තිබුණු පොල් ගෙඩියක් නිසා මගේ යාලුවෙක්ගේ තාත්තා කෙනෙක් ජීවිතෙත් නැති කර ගත්තා. (ස)