IMG-LOGO

2025 අප්‍රේල් මස 15 වන අඟහරුවාදා


පොල් මිලට ඔච්ච්ම් කළාට මුදලාලිගෙන් පොල් අඩි

මාතරට නුදුරු උප නගරයක සති පොළකි. ගමේ පොල් හිඟයක් වූයෙන් පොල් ගෙඩි කීපයක් මිලදී ගැනීමට ඔහු පසුගියදා මේ පොළට  ආවේ උදේ පාන්දරය. එහිදී  ඔහු දුටුවේ එක් එක් ප‍්‍රමාණයට වර්ග කරන ලද පොල් ගොඩකි. ඔහු ඉන්  ලොකු මට්ටමේ පොල් ගෙඩියක මිල ඇසීය. ”ලොකු ඒවා පනහයි” වෙළෙන්දා කීවිට ඔහු මහ හඬින් ”පුහ්” කීවේය. ”පොඩිම ඒවා? ”ඔහු යළි ඇසීය. ”තිස් පහයි” වෙළෙන්දා කී විට ඔහු යළිත් ”පුහ්” කීවේය. අවට වුවෝ සිනාසුණහ. වෙළෙන්දා එක්වරම පොල් ගෙඩියක් ගෙන ඔහුට දමා ගැසුවේ කෝපයෙනි. එය වැලමිටෙහි වැදී ඔහු කෙඳිරි ගාගෙන ඉවතට දිව ගියේය. පසුව අසල වූ මුර  පොළෙන් පොලිස් නිලධාරියකු කැඳවාගෙන ඔහු ආ විට වෙළෙන්දා කීවේ ”මම දහ අතේ ඇවිදාල මේව ගෙනාවේ සර් මෙයාගේ විහිළුවට යකා වැහුණා” කියාය. ”තමුන් කට පරෙස්සම් කර ගන්නවා” පැමිණිලිකරුට කී පොලිස් නිලධාරියා තමුන් ආවේග පාලනය කර ගන්නවා” වෙළෙන්දාට කියමින් දෙදෙනාම සමාදාන  කොට ආපසු ගියාලූ.



අදහස් (0)

පොල් මිලට ඔච්ච්ම් කළාට මුදලාලිගෙන් පොල් අඩි

නජිත නිලන්ත Saturday, 27 October 2012 08:37 AM

හිහ්.. හිහ්..හී..!(නු)

:       0       0

දම්මි Tuesday, 30 October 2012 06:05 PM

එන්න එන්න. පොල් ලාභයි. (නි)

:       0       0

පහන් Friday, 26 October 2012 10:13 AM

ප්‍රසන්න හාස්‍ය රසය විදීමට බුද්ධියත් කලාව රසවිදීමට පෙර පින් කර තිබීමත් අවශ්‍යයි . (නු)

:       0       0

හේමන්ත Friday, 26 October 2012 10:04 AM

දැං ඉතිං දෙවියෝ කෝප වෙයි එයාට පොල් ගැහුවෙ නැහැනෙ..!(නු)

:       0       0

වරුණ Friday, 26 October 2012 10:46 AM

රාලහාමිත් බයවෙන්න ඇති පොල් ගෙඩි පාරක් කන්න වෙයි කියලා.(නදී)

:       0       0

ඩුරන් ෂෙරිෆ් Friday, 26 October 2012 11:25 AM

වෙලෙන්නදා දන්නෙ නැහැ ඔහුට වලිප්පුවක් තියෙනවා කියලා..!(නු)

:       0       0

චන්ද්‍රසිරි Friday, 26 October 2012 11:21 AM

නියම වැඩේ සමහර අය මිනිස්සු ඉදිරියෙ මේ වගේ විහිළු කරන්න ගිහිං ඉල්ලන් කනවා..!(නු)

:       0       0

මනුජ Friday, 26 October 2012 11:32 AM

....පොල් ගෙඩියකින් ගහන්නකො ....ගෙදර ගෙනියන්න.(නු)

:       0       0

හේමන්ත Friday, 26 October 2012 11:33 AM

”පුහ්” (නි)

:       0       0

Cooray Nawalage Jude Yohan Saturday, 27 October 2012 07:55 PM

ආයේ මොකුත් නෑ පොල් අඩිවලින්ම දෙන්න ඇති. (අ)

:       0       0

හර්ෂණ Saturday, 27 October 2012 11:51 AM

එයාට තිබුණෙ රුපියල් පනහෙ ගොඩෙන් හොද පොල් ගෙඩියක් තෝරාගෙන වෙළෙන්දගේ ඔළුවෙ ගහන්නයි.. එතකොට එයා ඒවා කරන්නෙ නැහැ.!(නු)

:       0       0

කුරේ නාවලගේ ජූඩ් යොහාන් Friday, 26 October 2012 12:59 PM

ඉතිං ප්‍රසන්න මේක හිනාවෙන්න නොවෙයි.. නිදාගන්නයි කියන්නෙ...?(නු)

:       0       0

සජී Friday, 26 October 2012 01:37 PM

අනේ ඉතිං ප්‍රසන්න මහත්තයෝ හදිසි වෙන්න එපා හිනා යන කෑල්ල හෙට කියයි..!(නු)

:       0       0

ලලිත් කටාර් Saturday, 27 October 2012 01:41 PM

පොල් මුදලාලි පොලිස් නිලධාරියාට එහෙම පොල් ගෙඩියෙන් ගහන්න ගියේ නැද්ද?(නු)

:       0       0

සේනානායක Saturday, 27 October 2012 11:18 PM

ගණන් ඇහුවම එලොව පොල් පෙනෙන්න ඇති එයාට (අ)

:       0       0

senanayake Saturday, 27 October 2012 11:30 PM

මහා සොනගෙ කඩෙන් ගෙනා පොල්ද දන්නේ නැහැ (අ)

:       0       0

සමන් Monday, 29 October 2012 10:48 PM

ප්‍රසන්න දකුණෙද? (නි)

:       0       0

ලීල් Sunday, 28 October 2012 04:47 PM

මට හිතෙන්නේ එයා හොදට පොරපොල් සෙල්ලම් කරපු කෙනෙක්. (නි)

:       0       0

විජේ Tuesday, 30 October 2012 04:06 PM

මුදලාලිට එලොව පොල් පෙනෙන්න ඇති. (නි)

:       0       0

ලාල් Wednesday, 31 October 2012 07:49 PM

බඩු මිළ ඇහුවහම කාට වුණත් කේන්ති යනවා. (නි)

:       0       0

බඩී Friday, 26 October 2012 04:03 PM

ලංකාවෙ මම දැකපු දුර්වල කම තමයි ගණුදෙනුකරුවන්ට සේවා සැපයීමේ දුර්වල කම..(නු)

:       0       0

සී. වීරසිංහ Wednesday, 31 October 2012 03:47 AM

නඩුභාණ්ඩය ලෙස ඉදිරිපත් කළ පොල් ගෙඩියට මොකද උනේ.? රාළහාමි පොල්ගෙඩිය රාජසන්තක කළාලු..!(නු)

:       0       0

ප්‍රසන්න Friday, 26 October 2012 09:42 AM

කෝ ඉතිං හිනා යන හරිය? (නි)

:       0       0

ප්‍රේම් Friday, 26 October 2012 09:37 AM

හිනා උන එක වැරදියි.. ඒත් පොල් මිල ටිකක් වැඩියි නේද?(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

භූතයා ස්මාර්ට් ෆෝන් ඉල්ලලා
2025 අප්‍රේල් මස 11 770 0

භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි


වඳුරු මූණෙන් අනූනවයෙන් බේරිලා
2025 අප්‍රේල් මස 10 749 0

වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි


අම්මාගේ ගැටේට දුවත් හොල්මන්
2025 අප්‍රේල් මස 09 2161 2

දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට ලැබේ.


ලෙඩා මාරු වී ජංජාලයක්
2025 අප්‍රේල් මස 08 759 1

අලු‍ත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක


අවංකකම පෙන්වන්න ගිහින් අම්බානට ගුටි කාලා
2025 අප්‍රේල් මස 07 976 2

විවාහ උත්සවයේදී අධික බීමතින් කියූ වචනයක් නිසා අම්බානක ගුටි කන්න වූ පුද්ගලයකු පිළිබඳව බස්නාහිර පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය.


ගිනි පෙට්ටියට ඩිස්කවුන්ට් ඉල්ලලා
2025 අප්‍රේල් මස 05 362 0

දකුණු ලක අග නගරයට සමීප ප්‍රධාන උප නගරයකි. හෙතෙම හොඳ හොඳ බොනපාට් කෙනෙකු සේම දුම්පානයට ද තදින්ම ඇබ්බැහි වූවෙකි. කෙසේ වෙතත් ජැන්ඩියට ඇඳ පැලඳ සිටින අපේ කතාන


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 120 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 270 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 881 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site