කාර්යබහුල රජයේ සේවකයකු වූ ඔහු අක්කර තුනක කුඹුරක් මේ කන්නයේ වගාකළ අතර ඉන් පසුගියදා ලැබුණේ ඉහළ අස්වැන්නකි. කුඹුරේදී පාගා රැුස්කරගත් බැත සහිත පාවර එහිම තිබියදී රාත‍්‍රී එය ආරක්ෂා කිරීමට ගමේ වැඩිහිටියකුට පැවරුවේ ඒ සඳහා කුලිය ලෙස රුපියල් තුන්සියයක් හා රාත‍්‍රී කෑම පාර්සලයක් ද දෙමිනි.
කුඹුරේ කුඩා පැලක් හදාගත් මුරකරු වැඬේ බාරගත් අතර රාත‍්‍රියේ මේ ගැන සෙවීමට ගිය කුඹුරේ හිමිකරු දුටුවේ පැලේ කිසිවකු නැති බවත් තම විදුලි එළියට බියෙන් එහි සිටි බල්ලකු පැනගිය බවත්ය.
පසුදා මුරකරුගෙන් මේ ගැන විමසූ විට ‘‘රෑ කෑම කද්දි බල්ලෙක් බුරාගෙන මාව හපාකන්න ආවා. මම බල්ලාට කෑම එක දීලා පණ බේරාගෙන ආවා’’ කීමෙන් කුඹුරු හිමිකරුට තරු පෙනිණි.
‘‘තමුසෙ ඔය ටික කලින් කිව්ව නම් ඔච්චර සල්ලි නොදී මට මස්කටු දෙකකින් මුර වැඬේ කරගන්න තිබුණා.’’ කුඹුරු හිමියා සිනාසෙමින් කීවාලූ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර පැල් රැක්කේ කුඹුරේ වැඩ කරනකෙනා. සීපද කියමින්.ආදරවන්තිය හෝ බිරිඳ ගෙදර සිට පැල්කවි අහගෙන ඉන්නවා. දැන්කාලේ ගෙදරත් මුරකරන්න එපායැ (නි)
සමන්ති බැඳලද නැද්ද කියන එක තරිඳුට ප්‍රශ්නයක් වන්නේ ඇයි? (නි)
පහන්ගේ කතා එකතුව ඕනෙද? (ස)
මම කුඹුරු වැඩ කළ කාලය මතක් උනා. කොයි තරම් රසවද්ද. මිහිරිද, අද ඒ හැම දෙයක්ම අතීත මතකයන් විතරයි. මම කියන්නේ 90 දශකයට පෙර. (ස)
කුඹුර අයිතිකාරයට තමන්ගේ පවුල ගැන පොඩි සැකයක් ඇති. ඒක නිසා කුලීකාරයෙක් අරින්න ඇති (නි)
කුමාරි, බල්ලෝ බළල්ලු අඳුරන්නේ නැද්ද? (නි)
අපරාදෙනේ! මුරකරුවෙක් දැම්මේ. බල්ලව දැම්මා නම් මස් කටු දෙක තුනයි දෙන්න ඕනෑ (නි)
පහන් මල්ලිට මේ දවස්වල ටිකක් වැඩ වැඩි ඇති. එයා ඉක්මනට අපිට රසවත් කතාවක් ලියයි කියලා හිතනවා. ඉස්සර මෙතන ගොඩක් සතුටු වුණ තැනක් (නි)
තරිඳු ළමය කෙනෙක් හොයනවා වගේ පැල් කවි කියන්න (නදී)
සමන්ති ඔයා කසාද බැඳලද? නැත්නම් කෙනෙක්ව හොවනවද? (නදී)
කුමාරිට ටිකක් අප්සෙට් ද? පත්තරේ දුර දක්නෙකින් හරි, අන්වීක්ෂයකින් හරි බලන්න. (නදී)
මමත් අලුතෙන් හිටෝපු පොල් පැල ඌරන්ගෙන් පරෙස්සම් කරන්න මාසෙකට පහළොස් දාහක වැටුපකට වයසක මුරකරුවෙක් පත්කලා. එ්ත් පොල් පැල ඌරො කනවා. දවසක් මම රාත්‍රියේ බලන්න ගියා ඒ මනුස්සය කසිප්පු බීල හොඳටම නිදි. (නදී)
ඉස්සර හිටියා මෙවැනි තැන් වලදී බොහෝ රසවත් කතා ගොතා කියන පහන් කියලා කෙනෙක්. දැන් එයා කොහේ ගිහින්ද මන්දා? (නි)
දැන් මුරකාරයෙක් වෙනුවට සිකුරිටි මහත්තයෙක් ගත්තානම් හරි. (නි)
කුමාරිගේ වයර් මාරු වෙලාද බළලා ගැන කියන්නේ!!! (අ)
බළලා කුඹුරු හිමිකරුගේ හිතවතෙක් වෙන්න ඇති. (නදී)
කියන්න බැහැ, රෑ ජාමේ මහසෝනාවත් ආවද කවුද දන්නේ ? (නි)
අපේ මිනිස්සු හැම තැනම් කරන්නේ බොරුව එකනේ අපිට මෙහෙම උනේ වැඩේ බැරි නම් බැහැ කියන්න ඕනේ බාරගන්නවා කියන්නේ නැහැ (දී)
කරන වියදම් දිහා බලනකොට කුඹුරු වලින් ආදායමක් නැහැ.අපරාදේ රු:300/= සහ කෑම පාර්සලය. දිනපතා අඩු මුදලට සුදුවා බාගයක් දුන්නා නම්, කෑම කන්නෙත් නැතුව ගොරව ,ගොරවා පැලේම නීදාගනී. (නි)
ඉස්සර අපේ කොටුව මුර කරන්න බණ්ඩා කියල මනුස්සයෙක් ආවා. මිනිහ රැට අපේ ගෙදරට බ්ලැන්කට් එකක් පොරවන් ඇවිත් හොදට කාල කොටුව මුර කරන්න යනවා. ගිහින් උදේ පාන්දරම මුර කරලා එන ගමන් උදේ තේ එකක් බිලා උදේටත් කාල යනවා. දවසක් මහා වැස්සක් ඇවිත් කොටුවේ පොඩි පැත්තක් හෝදන් ගිහින්, අපි එ්ක අහපුවම මිනිහ කියනවා ඔව් අර අනිත් පැත්ත හෝදන් ගිහින් කියලා. (නදී) බැලින්නම් මිනිහා රැට කෑම කාල ගෙදර ගිහින් නිදාගෙන! උදේ තේ එක බොන්නත් අපේ ගෙදර ඇවිත්
අපරාදේ නියම මුරකාරයෙක් සිටිද්දිනේ මේ වියදම් කරලා තියෙන්නේ. (නි)