දකුණු පළාතේ වියළි කලාපයේ පිහිටි ග‍්‍රාමීය සති පොළකි. පසුගිය සති අන්තයේ එහි පලා මිටි කීපයක් තබාගෙන සිටි තරුණයකුට ආවේ ජංගම දුරකථන ඇමතුමකි. ඊට ඕනෑ කමින් සවන්දුන් ඔහු කලබල වී ඒ අසලම වෙළඳාමේ නියුතු මැදිවියේ තැනැත්තකුට තම වෙළඳාම බාර දුන්නේ ”අයියේ මේකත් බලාගෙන මිටියක් රුපියල් දහය ගානේ විකුණන්න. මම තේ එකක් බීලා එනවා” කියමිනි. අසල්වැසි වෙළෙන්දා හිස සොලවා ඊට අනුමැතිය දුන්නේය. මිනිත්තු ගණනක් යාමටත් පෙර පොලිස් කණ්ඩායමක් එතැනට කඩා වැදී ”කෝ මේකා” කියමින් පලා මිටි එහා මෙහා විසි කරන්නට වූයෙන් අසල්වැසි වෙළෙන්දාට තරු පෙනිණ. ”මට බලාගන්න කියලා තේ බොන්න ගියා” ඔහු කීය. ”මොනව බලා ගන්නද? මූ විකුණන්නෙ පලා නෙමෙයි ගංජා” කීමෙන් මවිතයට පත් වූ අසල්වැසි වෙළෙන්දා තමා මේ කිසිවක් නොදන්නා බව පවසා ඉතා අමාරුවෙන් බේරුනාලූ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට හිනා... හිකිස් (නි)
අන්න ඒක තමයි අද කාලේ කවුරුත් කාටවත් උදවුවක් කරන්න කැමති නැත්තේ.
මිනිස්සු මුලා කරලා
කොහොමද වැඩේ
කෝල් එක ආවෙත් පොලිසියෙන්ද? (නි)
ඔන්න අද තමයි කියන්න තියෙන හොදම කතාව කිවුවේ. (නි)
මේකට නම් දෙයියොම තමයි සාක්කි . මොකද අනුන්ගේ කුණු ගොඩකටනේ අර මනුස්සයට කර ගහන්න වෙන්නේ. දවසක් නාදුනන කෙනෙක් බස් එකේ මගේ සීට් එක යටට පාර්සලයක් රින්ගවලා මහත්තය පොඩ්ඩක් බලාගන්න කියලා හදිසියේ බැහැලා කඩේකට දිව්වා. බස් එක පිටත් වෙද්දී එයා දුවගෙන ඇවිත් පිටිපස්සේ දොරේ එල්ලුනා. මගදී පොලිසියෙන් චෙක් කරා. මිනිහ බැහැල ගිහින්. කසිප්පු තිබිල අහුවුණා. මම බේරුනේ බොහොම අමාරුවෙන්. (නි)
ගංජා? පලා නෙමෙයිද? මමත් ගත්තානේ? (නි)
මේක නම් ඇත්ත වගේ. (නි)
මම දන්න කෙනෙකුත් කලින් මේක කළා (නි)
මොකද දන්නෙ නැහැ ඒ විදියට පණීවිඩය ආවේ? (නි)
මට මතක් වෙනවා ජොලි සීයාගේ සිංදුවක් (නි)
පේන විදියට නම් මෙතන තවත් දේවල් තිබෙනවා වගෙයි (නි)
මේ දවස් වල ගංජා ප්‍රවෘත්ති වැඩියි නේද? (නි)
ඇති ඔයින් ගියා... (නි)
ගංජා කොළත් පළා වර්ගයක් තමයි.(ස)
ඉතින් ආයුබොවන්ඩ! (නි)
අනුන්ගේ සීනි කිරන්න එපා කියන්නේ ඕකතමයි. (නි)