නිවසක සිදුවූ සොරකම් වැලක් පොල්කටු සෙල්ලමකින් අනාවරණය කර ගැනීමේ අපූරු සිදුවීමක් පසුගියදා බස්නාහිර පළාතේ ප්‍රධාන නගරයකට සම්බන්ධ පොලිස් ස්ථානයකින් වාර්තා විය. මේ නිවසේ අලුතෙන් සේවයට ආ තරුණිය ගෙදරට ඉතා හිතවත් වුවාය.
එහෙත් වසරකට පමණ පසු නිවසේ වූ භාණ්ඩ එක දෙක අතුරු දන් විය. හැඳි ගෑරුප්පු වලින් පටන්ගත් මේ සොරකම පසුව ජංගම දුරකථන දක්වා පුළුල් වීම නිසා ගෙහිමියාගේ සැකය මේ සේවිකාව කෙරේ යොමු විය. එහෙත් ගෙයින් පිටට යාමට කිසිදු ඉඩක් නැති ඇය මෙබඳු දේකට සම්බන්ධ වන්නේ කෙසේ දැයි දැඩි විමසිල්ලෙන් පසුවූ ඔහුට දිනක් දක්නට ලැබුණේ ගෙදර හැමෝම ගෙයින් පිටවූ පසු ගේ පිටුපස වූ තාප්පය මත තිබූ පොල්කටුවක් උඩ අතට හරවා ඇය ඒදෙස බලා සිටි බවකි. ඒ මොහොතේම අල්ලපු ගෙදරින් අතක් මතුවිය.
වටිනා වීදුරු දෙකක් ඒ පැත්තට ගිය අතර ඒ පැත්තෙන් මුදලක් ඇගේ පැත්තට වැටිණ. ගෙදර අය සිටින විට පොල්කටුව යට පැත්තටත් ඔවුන් නැතිවූ වහාම පොල් කටුව උඩ පැත්තටත් හැරවෙන බව හා ගනුදෙනුව සිදුවන ආකාරය පොලිස් ස්ථානයේදී සේවිකාව අතින් කියවුණේ ඇගේ කඳුළු බේරෙන දෑසින්ලු.
(තිහගොඩ උපසේන ලියනගම)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජ කාලේ දඩුවම් දෙන්න ඕනි මේ හොරුන්ට. කන පතේ පහරන මිනිස්සු. අනාගතයක් තියේවිද මේ අමන මිනිසුන්ට? අත පය හතර තිබිලත් කොයි වෙලෙත් බලන් ඉන්නේ කාගේ හරි දෙයක් හොරෙන් ගන්න. දුක් මහන්සිවෙලා හම්බ කරලා ගන්න පොඩි දෙයකින් ලැබෙන සතුට මේ මිනිස්සු ගෙවල් දාහක් බිදලවත් ගන්න බැහැ. පව්කාර මිනිස්සු. (අ)
කිසිසේත්ම විශ්වාසයක් නොතැබිය යුතු අය. අසල්වැසියට ප්‍රේම කරන්න කියලා තිබුන නිසා වෙන්න ඇති ඔය. අසල්වැසියන්ගේ ක්‍රියාවලිය ගැනත් විමසිලිමත් වියයුතුයි. මේ දේවල් හුඟ දෙනෙකුට වෙලා ඇති. (නි)
හැබයි නැතිවෙලා තිබෙන්නේ පොල්කටුවකින් වහන්න පුළුවන් දේවල් පමණි (බ)
එහෙනම් බැංකුවේ රස්සාවකට සුදුසුයි. (ර)