පසුගිය දිනෙක පසවරුවේ කොළඹ කොටුව දුම්රියස්ථානයේදී මෙසේ ප‍්‍රචාරය කෙරිණි. ”පළමුවන වේදිකාවට දැන් පැමිණි දුම්රිය හලාවත බලා පිටත්වේ. එම දුම්රිය නවත්වන්නේ මරදාන, දෙමටගොඩ, කැලණිය, රාගම. රාගම සිට හලාවත දක්වා ඇති සෑම දුම්රිය ස්ථානයකම නවත්වනවා ඇත.” දුම්රියට බොහෝ පිරිසක් ගොඩවූ අතර ස්වල්ප වේලාවකින් දුම්රිය හලාවත බලා පිටත්විය. මරදානට ළඟාවූ එය පසුව දෙමටගොඩට පැමිණ වේගයෙන් ඉදිරියට ඇදෙන්නට විය.
දුම්රිය කැලණියට ළංවන විට අසුන්වලින් නැගිට ගත් කිහිප දෙනෙක් බැසීමට සූදානම්වී සිටියත් දුම්රිය කැලණියේ නොනවත්වමින් ඉදිරියටම ගමන් කරන්නට විය. මෙය දුටු දුම්රියෙන් බැසීමට සිටි මඟීන් සහ දුම්රියට ගොඩවීමට බලාපොරොත්තුවෙන් වේදිකාවේ සිටි මඟීන් කෑ ගසන්නට වූහ. දුම්රිය ඈතට ගොස් නවත්වන ලද අතර මඟීන් දුම්රියෙන් බැස ගත්තේ ඉතාමත් අසීරුවෙනි. සාරියකින් සැරසුණ තරබාරු කාන්තාවක් පිරිමියකු විසින් ඔසවා අපහසුවෙන් බිම තැබුවත් දෙදෙනාම බිම ඇද වැටුණි. කාන්තාව දුම්රිය රියදුරාගේ මව මතක් කරමින් බෙරිහන් දෙන්නට වූවාය. විනාඩි කිහිපයකින් දුම්රිය පසුපසට ධාවනය වී කැලණිය දුම්රිය ස්ථානයේ නැවැත්වු විට මඟීහු දෙස් දෙවොල් තබමින් එයට ගොඩවූහ. මඟීන් පුදුමයට පත්වූයේ සැමදාම නවත්වන දුම්රිය එදින නොනැවත්වීම පිළිබඳවය. පොලී කාරයෙක් ඩ‍්‍රයිවර් මහත්තයා එනකන් ස්ටේෂමේ ඉඳලා තියනවා කව්දෝ පවසනු ඇසිණි. දුම්රිය නැවතත් ධාවනය වන්නට විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොම බය තිබ්බොත් ඇති
එතන සිටි යම් පුද්ගලයෙක් කියනු ඇසුණු බවක් පුවතේ සඳහන්ව ඇති පමණින් එය සත්‍යක් ලෙස පිළිගෙන මෙසේ අදහස් දැක්වීම හාස්‍යජනකය.(නදී)
යකඩ මල්ලට ගුල්ලෝ ගහලා නම් .........හාල් මල්ල නොබලාම විසිකරන්න වෙනවා නේද? (නි)
වැ%
සමීර, ඔයා පොලීකාරයා සහ පොලිස්කාරයා පටලවාගෙන. අපේ කට්ටිය පටලවගන්න හරි රුසියෝ (නි)
පව් කියලත් හිතෙනවා
එතන සිටි යම් පුද්ගලයෙක් කියනු ඇසුණු බවක් පුවතේ සඳහන්ව ඇති පමණින් එය සත්‍යක් ලෙස පිළිගෙන මෙසේ අදහස් දැක්වීම හාස්‍යජනකය.(ස)
දෙයියො සාක්කි උඩ කතාවට නෙමෙයි, සමීරගේ කතාවට. ඇත්තටම මට එයාගේ කතාවට හිනා ගියා (නි)
අයියෝ සල්ලි
කව්දෝ එහෙම කීවත් ඇත්ත එකම නොවේනේ. නිකන් කට කතා හදලා නින්දේ ගිය රියදුරු මහතාට අපහස කරනවා.(නදී)
මේ තරම් බයක්
මටත් කොච්චියක් තිබ්බා නම්.(නදී)
බ්‍රේක් නෑ..... (ස)
ඉස්ටේෂමෙන් පිට නවතපු එක වැරදියි. (නි)
මේ අයට රජයෙන් පඩි දෙනවා නේද? පොලිකාරයට අහුවුනා නම් නවත්තපු ස්ටේෂන් වලවත් ආයේ නවත්තන්නේ නැතිවෙයි (නි)
පොලී කාරයෙක් නිසා රියදුරෙක් රැකියාව නැති කරගන් නෑ, අනික නියමිත පරිදි දුම්රිය නවත්තගන්න බැරි උනොත් ඒක දුම්රිය රියදුරන් දෙදෙනා සහ නියාමක වරුන් දෙදෙනාගේම වැරැද්දක් ලෙස සලකනවා(අ)
බලපුහාම මෙතන කියන්න තරම් දෙයක් වෙලා නෑ පත්තර කාරයොනෙ ගස්ලබු ඈට ගම්මිරිස් කරල දෙන්නෙ.(නදී)
මගේ දෙයියනේ. අපි මෙපමණ කලක් බැන්නේ දුම්රිය හරස් පාරේ යන වාහන හැප්පුනහම වාහන එලවන රියදුරන්ට. දැන් බලාගෙන ගියාම දුම්රිය රියදුරොත් මේ විදියට එල්ලපුවම ඒ රියදුරන්ගේත් වරදනේ පෙනෙන්නේ.මේවට ඉතින් උණ බම්බු නෙමෙයි යකඩ ගේට්ටු දැම්මත් වැඩක් නැහැ. (නි)
අද ලංකාවේ ජිවත්වන හැමකෙනාම වාගෙ පොලි මුදලාලිගේ පිහිට පතනවාමයි. හැබැයි මැති ඇමතිවරු ඇරෙන්න..... (නි)
තව හොද කථා අපිට බලන්න පුළුවන් වෙයි ඉස්සරහට. (නි)
මෙච්චාර ලොකු වැටුපක් ගන්න දුම්රිය රියදුරන්ටත් පොලියට සල්ලි අරන් ජීවත්වෙන්න වෙලා තියෙන එකේ, අනිත් මිනිස්සු ගැන මොන කතාද? (නි)
හොද කථාවක්. (නි)
අපොයි ඔහොම සැරෙන් කතා කරන්න එපා රියදුරු මහත්තයා ගැන. වර්ජනයක් ඕනැ වෙලාද? (නි)
පොලී කාරයෙක්ද? පොලිටිකල් කාරයෙක්ද? කියන්න අම්මා කියන්න... (නි)
කෝච්චියේ රියදුරු මහතාගේ බිරිද අලුත් විදුලිබිල පැමිණි බව දුරකතනයෙන් දන්වා ඇත .එවිට ඔහුට උන් හිටි තැන් අමතකවී ඇත .කැළණි යනවා කියන්නේ යාල කොටි නරබනවා වගේනේ.(ස)
අනිවාර්යයෙන්ම එතන ඉන්න ඇත්තේ පොලීකාරයෙක් තමයි. දැන් අපේ අළුත් පොලිස් ලොකු මහත්තයා නිසා කප්පම්කාරයෝ කැළණියෙන් ගිහිල්ලලු නේද? ඒක එහෙමද? (නි)
සල්මියාට වැඩ පැටලිලා වගෙයි. මේක පොලීකාරෙයක් ගෙ කථාවක්. මේක අපට ආදර්ශයක් ගන්න පුලුවන් එකක්. මීට පස්සෙ දුම්රිය නවත්තන්න අපිට අත්දිගු කරලා අවශ්‍ය විදියට නවත්තගන්න. (නි)
සමීර සල්මිය සිංහල කියවන්න දන්නේ නැද්ද මල්ලි (නි)
හසිත, ඔව් ඒක හරි. (නි)
පොලිස් කාරයෙක් හිටියොත් කොඩිය වගේ මොණර කොලයක් වැනුවා නම් වැඩේ ෂේප්නේ. එමෙන්ම දුම්රිය ස්ථානවල ඉවත දමන අපද්‍රව්‍ය වලින් පොලිස්කාරයෙක් අඹා පින්තාරු කලොත් කුණු ප්‍රශ්නයට විසදුමක් ලැබෙනවා (මෙම උපහාසය නීති ගරුක උතුම් නිලදාරින්ට අපහාසයක් නොවේ.) (නි).
අනේ ඇත්තම නේද මේ? (නි)
අපි කකුලට රෝද දමා ගෙන පීලි දිගේ යමු. (නි)
හලාවත කොහොමත් කැලණියේ නවත්වන්නේ නැහැ. දෙමටගොඩින් පස්සේ නවත්වන්නේ රාගම. (නි)