ගාලූ දිස්ත‍්‍රික්කයේ එක්තරා ගමක පවත්වන ලද අලූත් අවුරුදු උත්සවයකි. තරගාවලියේ ප‍්‍රධානතම අංගය වූයේ අවුරුදු කුමාරිය තේරීමේ තරගයයි. රූමත් තරුණියන් දහ දොළොස් දෙනෙක් චීත්ත රෙදි හා හැට්ට හැඳගෙන සිය රූ සපුව වඩ වඩාත් ඔප මට්ටම් කරගෙන වේදිකාව මත පෙනී සිටියහ. විනිශ්චය මණ්ඩලය බරපතළ අභියෝගයකට මුහුණපා අවසන තම අපක්ෂපාතී තීරණය නිවේදකයා හට ලිඛිතව දුන්හ. නිවේදකයා බොහෝසේ හැඩ වැඩ දමා අවසන් ප‍්‍රතිඵලය ප‍්‍රකාශයට පත් කළේ සුවහසක් නරඹන්නන්ගේ වේගවත් අත්පොළසන් හඬ මධ්‍යයේය. එහිදී කිසිම කෙනකු නොසිතූ අපූරු සිදුවීමක් විය. තරගකාරියන් අතර සිටි එක් කටකාර යුවතියක් ඉදිරියට පැන නිවේදකයා අත තිබූ මයික‍්‍රපෝනය උදුරා ගත්තාය. ඇය උත්සව සභාව අමතන්නට වූවාය. මේ විනිශ්චය මණ්ඩලය හරිම අසාධරණ විධියටයි කටයුතු කළේ. බලන්න මේ තුන් දෙනා ඇත්තටම ලස්සන ද කියලා. මට කිසිම ප්ලේස් එකක් නෑ. ඔයාලා කියන්න මම ලස්සන නැද්ද? ඕ මහ හඬින් හැඬුම්බර ස්වරයෙන් ඇසුවාය. සුවහසක් නරඹන්නන් වෙතින් මුළු පළාතම ගිගුම් දෙන අයුරින් මහා හූ හඬක් නැගුණි. යුවතිය මහ හඬින් හඬමින් වේදිකාවෙන් බැසගියාය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කටකාර ළමය අපේ ගමේ කෙනක් මම හිටුව ඔය ටික කරගනී කියල..අය්යෝ ගමේ නම්බුවත් ඉවරයි..
අනේ පව්....
සරත් ෆොන්සේකාත් මේ වැඩේම තමා කරේ , වැරදි ආදර්ශයක් SF දීල තියෙන්නේ පරාජය බාරගන්න බැරි මිනිස්සු
එල නංගී එල
පවු කෙල්ලට දුක හිතෙන්න ඇති.ඕකට හිනා නොවී එයාට තරගයේ ස්වභාවය කියා දුන්න නම් හොදයි නේද?
ඔයා දුක් වෙන්න එපා චූටි මැණිකේ.ලබන බක් මහේදී මම ඔයාට ප්ලේස් එක්ක අරන් දෙන්නම්
පරාජය පිළිගැනීමට නොහැකි නම් තරග වලට සහභාගි නොවීම ඔබට යහපත්
මේ ළමයා කවදා හරි ලොකු අමාරුවක වැටෙනවා
කාට නැතත් එයා මට හොදයි
මෙයින් පෙනෙන්නේ ඇගේ මානසිකත්වයයි..අපි බලාපොරොත්තු වන හැමදේම අපිට ලබන්න බෑ...
අපේ ටයිනිත් මම දන්නවානම් ගේනවා ශුවර් ඌ එක වෙනවා
ඔයා ලස්සනයි. ඒත් ඔයාව 01 ට තේවානම් මට තමයි ගැටලුව. ඊට පස්සේ ගමේ කොල්ලො ඔයාගේ පස්සෙන් ඒවී. ඒක නිසා මම කිවිවා ඔයා සිලෙක්ට් කරන්න එපා කියලා. තරහා ගන්න එපා.
කාට නැතත් මට ඔයාව ලස්සනයි නංගියේ...
ලස්සන තියෙන්නේ බලන්න තමයි.....
ගෙදරට වෙලා හිටියනම් ඉවරයි.
අයියෝ අක්කේ ...පිස්සු නේ...
කවුරුත් හිතන්නේ තමන් ලස්සනයි කියල තමයි... මේක තමයි තරඟඟක ස්වාභාවය..
කාලා හමාරයි.