ගම්පහ ප‍්‍රදේශයට අයත් ගමෙක තරුණයන් පිරිසක් එක්ව පසුගිය දිනෙක විනෝද ගමනක් ගියහ. කඳුකර පෙදෙසක කැලෑබද ස්ථානයක් බලා රථය මොහොතකට නතර කෙරිණි.
එයින් බැසගත් එක්තරා තරුණයන් දෙදෙනක් අසල තිබූ නිවෙසක් දෙසට හොරෙන් හොරෙන් ඇදුනේ ඒ නිවෙස ඉදිරියේ මිදුල අමදිමින් සිටි තරුණියක් නෙත ගැටුණු බැවිනි.
නිවෙස කිට්ටුවටම ඇදුණු මේ දෙදෙනාට ඇය හා වචනයක් දෙකක් කතා කිරීමට දැඩි ආශාවක් ඇති වූයේය. එහෙයින් වටපිට හොඳින් බැලූ එකෙක් ”මේ නංගි... අපි මේ නුවර පොලිසියෙන්... පොඩි රාජකාරියකට යන ගමන්.. බැරිද වතුර ටිකක් බොන්ඩ...” කියමින් ලොකු බොරුවක් ගොතා කීවේය.
තරුණිය වැඩි කලබලයකට පත් වූ බවක් පෙනෙන්නට තිබුණේ නැත. මඳ සිනාවක් පෑ ඇය ”ආ...පෝ.... පුළුවන්” කියමින් ඇය ගෙය දෙසට දිව ගියාය. ඒ යන ගමන් ඇය ”අයියේ... ඉක්මනට එන්නකෝ... මෙන්න ඔයාලගේ පොලිසියේ මහත්තුරු දෙන්නෙක් ඇවිත්. ඉක්මනට ඇවිත් යන්ඩකෝ...” කියා කෑ ගැසුවාය.
ඇය එසේ කෑගැසුවේ නුවර පොලිසියේ වැඩකරන, නිවාඩු ගෙන නිවෙසට පැමිණ සිටි තම සොහොයුරෙකුට විය යුතුය. නුවර පොලිසියේ අය තබා ඒ පොලිසිය ඇත්තේ කොහේදවත් නොදන්නා මේ දෙදෙනා වැඬේ වැරදී ගිය තැන වටපිට බලා පණ එපා කියමින් ආපසු වාහනය දෙසට දිව ආවේ එය ඉක්මනින් පණගන්වා ගෙන එතැනින් මාරුවෙන්නටය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද නම් දෙයියෝ සාක්කිය නියමටම දාල තියෙනවා (අ)
මෙය දැන් හැදෙන අක්කල නංගිලා කාටත් ඉගෙන ගන්න හොද පාඩමක්. (ස)
ශා නියම කතාව.(නදී)
වතුර බීලම යන්න තිබුන නේ අපරාදේ.(නදී)
ෂා හොඳ නිර්මාණයක් හිනා යනවා.. (ස)
කොල්ලන්ගේ අවශ්‍යතා සපුරාගන්න නීතියෙන් ඉඩ දුන්නානම් කොල්ලො අහිංසක කෙල්ලන්ට කරදර කරන්නෙ නැහැනෙ (නි)
අයියා ගෙදර නොහිටින්න නංගිට මොනවා වෙයිද? (නි)
අයියෝ! (නි)
කොල්ලොනේ.... (නි)
අපිටත් හදිස්සියකට බොන්න වතුර නැති කරන වැඩක් (නි)
ගවුමක් දැක්කම වතුර තිබහ හැදෙන අයට මේක හොද පාඩමක්.(නදී)
අපරාදෙ හිමීට ගිහින් අයියට කිව්වා නම් බොරු පොලිස් කාරයො අල්ල ගන්නත් තිබුනනෙ. (නි)
ඕවට තමයි කියන්නේ නිකන් බොරු පොලිස් පාට් දාන්න එපා කියලා.(නදී)
හොදයි
ඔව් (අ)
කෙල්ලන්ව කතාවට අල්ලගන්න කරන වැඩ? අනේ හැබැටම? (නි)
වයසේ වැරැද්ද
ඕවා කොලුකමට හැදෙන ආසාවල්. කෙල්ලව දැක්කම කතාකරන්න හිතෙන්න ඇති.(නදී)
වතුර නැති වුනත් කාරි නැහැ ඇගිලි පහ බේරගෙන ආව එක මදැයි.(නදී)
තැනට සුදුසු නුවණ.(නදී)
කොච්චර කියුවත් මිනිස්සුන්ව රවට්ටන්න එපා කියලා වැඩක් නැහැ (දී)
ගෑණුන්ගේ මොළෞ හැදි මිටේ කිවුවට ඉදල් මිටෙත් තිබිලා තියෙනවනේ. (නි)
බීමට ජලයත් කෑමට ඉදල් කොසු පහරකුත් ලැබුණා නම් බඩකට පිරෙයි. (නි)
ඉල්ලගෙන කනවා කියන්නේ මෙහෙම දේවල් වලට තමයි. (නි)
මම හිතන්නේ කෙල්ලගේ මොළේ තමයි මොළේ. ගෙදර කවුරුවත්ම නොඉන්න ඇති. (නි)
මේක බොරුවක් නෙමෙයි සම්යප්‍රයෝගයක්. මේ දිහා උපේක්ෂාවෙන් බලන්න. කොල්ලෝ ඔහොම තමයි. (නි)
බොරුකාරයන්ට ඕවා හොද පාඩම්.(නදී)
බොරුකාරයන්ට ඔවා හොද පාඩම්.(නදී)
අයියා ආවානම් වතුර බීලම යන්න තිබුනා.(නදී)
කෙල්ලන්ව මුලා කරගන්න කරන මෙහෙමත් වැඩ? (නි)