කොබෙයිගනේ ප‍්‍රධාන මාර්ගයේ කුඩාඔය පාලම යට මහා ජල කඳක් සමග අලි පැටවෙකු සිරවී හොඬය සොලවමින් සිටින්නේ යැයි ප්ලාස්ටික් පැණිබීම හිස් බෝතලයකට රැවටුණු ප‍්‍රදේශවාසීන් කළ මහත් කලබලයෙන් වනජීවී නිලධාරීහු සහ පොලිසියද මහත් අපහසුතාවකට පත්වූහ.
ඉකුත්දා (4) ප‍්‍රදේශයට ඇද හැළුණු මහා වැස්සත් සමග කොබෙයිගනේ, යකඩපත, කුඩාඔය ජල මට්ටමද ශීඝ‍්‍රයෙන් ඉහළ ගොස් තිබුණි. කුඩාඔය හරහා ප‍්‍රධාන මාර්ගයේ ඇති කුඩා පාලම යට ජලකඳ සමග අපද්‍රව්‍යද සිරවිණි.
ගම්මුන් පාලම යට බැලූ අවස්ථාවේ සිරවී ඇති කොල රොඩු අතර අලි පැටවකු සොඬක් සොලවන අයුරුද දුටුවේය. වහා ක‍්‍රියාත්මක වූ ප‍්‍රදේශවාසීන් වනජීවී නිලධාරීන්ටද පොලිසියටද දැනුම් දුන්නේ වහා අලි පැටවාගේ ජීවිතය බේරා ගැනීමටය. සිද්ධිය කටින් කට පණිවිඩ ඔස්සේ ප‍්‍රදේශය පුරා පැතිර ගියේය. සුළු වේලාවකදී මහා සෙනඟක් ස්ථානයට රැස්විය. නිකවැරටිය, වනජීවී කාර්යාලයේ නිලධාරින්ද වහා ස්ථානයට පැමිණියේ සිද්ධිය පරීක්ෂා කිරීම සඳහාය. ඔවුහු සිද්ධිය නිරීක්ෂණය කළහ.
පාලම යට කොළරොඩු සමග සිරවී ඇත්තේ විශාල ප‍්‍රමාණයේ පැණිබීම හිස් ප්ලාස්ටික් ගුරු පැහැති බෝතලයක් බවත් එය ජල පහරට සෙලවීම නිසා පෙනෙන දර්ශනයක් බවත් රැස්ව සිටි ජනතාවට පැවසීමෙන් පසුව ඔවුහු විසිර ගියහ. අලි පැටියා බේරාගැනීමට විශාල ජනතාවක් එතැනට රැුස්ව සිටි බව වනජීවී නිලධාරීහු පැවැසූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපොයි රූපවතීලගේ ගෙවල් පැත්තේ වලස්සුත් ඉන්නවලු. මට නම් ඇහුවත් බයයි. (නි)
සමිත්,මගේ නම සඳහන් කරමින් අනෙකුත් අය පීඩාවට පත්වන අයුරෙන් අදහස් පල නොකරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි.අපි අපේ අදහස් පමණක් දැම්මොත් වඩා හොඳයි නේද.?(රේ)
රූපවතීට මම කියපු දෙය තේරිලා නැති පාටයි. බස් එකක ගැබිණි මාතාවක් හිටගෙන යනකොට ගැහැණු කෙනෙක් නැගිටලා සීට් එකක් දෙන්නේ නැහැ. දුන්නොත් ඉතින් පිරිමි කෙනෙක්ම තමයි. දල්පදාදුටවත් තේරිච්ච එක ලොකු දෙයක්. (නි)
සමහරුන්ගේ ගතිසිරිත් හරි පුදුමයි. ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ කිවුවලු (නි)
ඒ කියන්නේ සමිත්... පිටබැද්දර ජයා අයිය වගේ ..කෙනෙක් එහෙමද ? ඇයි දැන් මම නදීකටත් පැනල තැන්ක්ස් කරලා තියෙන්නේ...? (අ)
තමන්ගේ ගම ගැන ඉනෝකා නැතුව වෙනින් කෙනෙක් කීවා නම් මේ වෙලාවට රුපවතී පැනලා දීලා.(ම)
ස්තූතියි නදීක ..! (නි)
මේ මිනිසුන්ගේ සිත් කරුණා ගුණයෙන් පොහොසත් (නි)
දිසා සොයුර, රඹුක්කන තිබෙන්නේ කෑගල්ල ප්‍රදේශයේ. මේ අපේ පළාතේ තියෙන්නේ රඹුකන. (නි)
සොයානොබලා කටයුතු කිරීම නිසා කී දෙනෙක් රස්තියාදු වුණාද? (නි)
මගේ ගම්පියස ගැන ලියවිලා තිබෙනවිට හිතට සතුටුයි (නි)
නිමල්, අපේ රටේ කිසිවෙක් කෑම ටිකකට එතරම් පෙරේත මිනිසුන් නොවන වග මම හොඳටම දන්නවා. ඒවගේම මම කමින් සිටි කෑමපත අනන්තවත් අසරණයෙකුට දී තිබෙනවා. (නි)
මේ ගමත් තුම්පනේ වගේ වෙලාද මන්දා. (බ)
අපි තාම ගමේ, සරලව ජීවත්වෙනවා. ලොකු සංවර්ධනයක් වෙලත් නැහැ. රූපවති අක්කා කිව්වා වගේ සතා සීපාවත් එක්ක අපේ ජීවිත බැඳිලා. උදේට කුරුලු හඩින් තමයි අපි අවදි වෙන්නෙත්. එතන ඉඳලා හවස ගෙදරට එනතෙක්, වගා කටයුතු කරමින් තමයි මේ ගම්වල බොහෝ දෙනෙක් ජීවත්වෙන්නේ. සරලව ඉන්න නිසා ප්‍රශ්න හරි අඩුයි. ඔලුව නිදහස්. (නි)
රූපවතීලාගේ ගෙදරට ආ අයට තේ කෝප්පයක්වත් දීලා නැති පාටයි. (නි)
අගය කළයුත්තේ ප්‍රදේශවාසීන්ගේ මනුෂ්‍යත්වයයි. (නි)
අලියට පිං සිද්ධ වෙන්න කාලෙකට පස්සේ රුපවතියට අපිවත් මතක් වෙලා නේද ? (ර)
කිත්සිරි, සිදාදියේ මිනිසුන් ලගනැති උතුම් මිනිස් ගති ගුණ තියෙනවා ඒ පලාත්වල මිනිසුන්ගේ. ගති සිරිත් ගොඩාක් උසස්. (ර)
අලියා බීම බෝතල්ද මන්දා................(ම)
ගෙවල් වල වැඩ නැති නිසා එන්න ඇති ඉතින්...මෝඩ මිනිස්සු..ඔය ගම පැති වල මිනිස්සු ඔහොමම තමයි.. (ම)
දිසානායක කියන්නේ මොන වැව ගැනද? (නි)
අනේ දිසානායක, ඔයා කී ගම් දනව් ටික සියල්ල පීරාගෙන වතේගෙදර පුබ්බිලිය හරහා ඇත්තේ කැලේනේ. අලි නොවේ වලස්සුත් ඉන්නවා. අනේ මම ජීවත්වුණු ලස්සන ගම් පියස! ඒ පළාත තවමත් කැලේ. ඔය කියනා කුඩා ඔය පටන්ගන්නේ පාදෙනියෙන්. (නි)
කොබෙයිගනේ කියලා කතාව කියවාගෙන යනකොට මට එකපාරටම මතක්වුණේ රූපවතීව. රූවතීගේ ගම නේද කොබෙයිගනේ කියන්නේ? මාතෘකාවට අදාළ නැහැ කියලා මට බනින්න එපා යහළුවනේ.....! (නි)
ඔය ජල පහර ගලාගෙන එන්නේ පාදෙණිය, රඹුක්කන, බැද්දේගම පැත්තෙන්. එහෙ කොහෙද අනේ අලි ඉන්න කැලෑ තියෙන්නේ? නමුත් ඔය පාලමට ඉහළින් විශාල පරණ වැවක් තිබෙනවා. නමුත් දැන් ඉස්මත්ත ජනාවාස වෙලා තිබෙන්නේ. ජනප්‍රවාද බොහොමයක් තිබෙනවා ඔය වැව ගැන (නි)
සත්ත්ව කරුණාව හදවතේ දරාගෙන උතුම් චේතනාවෙන් කළ වැඩක් (නි)
අවට පරිසරය ගැන සෝදිසියෙන් සිටීම ගැන බොහොමත්ම ස්තුතියි. මට ප්‍රශ්නෙකට තියෙන්නේ යහපාලනයේ අලි පටියෙක්ද කියලි. (අ)
උනන්දු වුණ අයගේ ක්‍රියාව ඉතා වටිනවා. ඒත් මේ ගොඩක් අය වටවෙන්නේ, රැස්වෙන්නේ නරඹන්නයි, පින්තූර ගන්නයි මිස උදව්වට නෙමෙයි. (නි)
මනුෂ්‍යත්වයෙන් පිරුණු මිනිසුනේ, ඔබට මල් මිටක්! අගය කළයුතු සිදුවීමක්. (නි)
නමුත් ඒ මිනිසුන්ගේ අරමුණ උතුම් (නි)