කරන්දෙණිය - එම්.සුසිල් ප්‍රියන්ත
නගර මධ්‍යයේ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගනිද්දී සිය පෙම්වතියත් සමග හිමිහිට හිමිහිට හොරෙන් හොරෙන් ජංගම දුරකතනයෙන් කතා කළ තරුණයකුට නොසිතූ අබැද්දියකට මුහුණදීමට සිදුවූ පුවතක් අම්බලන්ගොඩ නගරයෙන් අසන්නට ලැබේ.
නගර මධ්‍යයේ වෙළෙඳසලක් මේ තරුණයාට තිබේ. ඔහු එදා සිටියේ සිය වෙළෙදසල තුළය. ඒ එක්කම පොලිස් විශේෂ කාර්යය බළකායේ නිලධාරීහු පිරිසක් යතුරු පැදියෙන් පැමිණි තරුණයන් දෙදෙනකු සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගැනීමට නගර මධ්‍යයේදී පියවර ගනිමින් සිටියහ. එතැන ඒ අවස්ථාවේදී එකම කලබැගෑනියකි. නගරවාසීහු ද එතැනට රොක්වීමට පටන් ගත්හ. මේ තරුණයා ද සිය වෙළෙඳසල ඉදිරිපිට මහා මාර්ගයට පැමිණියේ වෙන්නේ මොකදැයි සොයා බැලීමටය.
ඒ එක්කම ඔහුට දුරකතන ඇමතුමක් ආවේය. ඔහු එයට සම්බන්ධ විය. කොහේදෝ සිටි පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරියකු මේ තරුණයාට තඩි බා ජංගම දුරකතනද ගෙන ඔහු කුදලාගෙන ජීප් රථයට නංවා ගත්තේය. තමාට කතා කළේ පෙම්වතියයැයි කොතෙක් ගතු කීවත් මේ නිලධාරියා කීවේ මේ දුරකතන ඇමතුම අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ සැකකරුවන් හා සම්බන්ධ එකක් යැයි කියමින් පොලිස් ස්ථානයටද ගෙන ගියේය.
ඒ විතරක්ම නොව කවදාවත්ම චෝදනාවක් සම්බන්ධයෙන් පොලිසියට නොගිය මේ තරුණයාට පෙම්වතිය දුන් දුරකතන ඇමතුම නිසා පැය ගණනක් පොලිසියේ තපින්නට සිදුවිය.
පෙම්වතිය දුන් දුරකතන ඇමතුම පරීක්ෂා කර බලා ඔහු නිදහස් කරන විට ඔවුන්ගේ ද මව්පියන් ඇතුළු බොහෝ පිරිසක් පොලිසියට පැමිණ සිටියහ. නොකළ වරදකට සෙනග ඉදිරිපිට ගුටි කෑ මේ තරුණයා දැන් දිවි ගෙවන්නේ බොහොම කලකිරීමෙනි.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
අලුත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පොලිසිය ඉස්සරහ කෙල්ලට කෝල් කර පරිප්පුවක් කාලා
සමන් Tuesday, 23 January 2024 11:08 AM
මේ කටු කන නකුට වනන හැත්ත නිසා මේ රට උතුරු කොරියාවක් වෙන්නනේ යන්නේ. අනීතිකව අත්අඩංගුවට ගත්තා නම් කල කිරෙන්නේ නැතුව ගිහින් මානව හිමිකම් නඩුවක් දාන්න.
fairoos Tuesday, 23 January 2024 12:33 PM
ලංකාවේ දැන් තත්වේ එහෙම තමයි
Abeywardhana Tuesday, 23 January 2024 03:32 PM
තමන්ගේ වැඩේ කරගෙන ගෙදර යන්නේ නැතිව අනුන්ගේ දේවල් බලන්න ගියාම ඔහොම වෙන්න ඕනේ...!
NaleenWednesday, 24 January 2024 08:11 AM
තමුන් කට වහගෙන ඔලුව නවාගෙන තමන්ගේ වැඩේ බලාගෙන ඉන්න නිවට චරිතයක් බව පැහැදිලී.