දියේ ගිලී මියගියත් පොලිස් අත්අඩංගුවට නම් පත්විය නොහැකියැයි පැවසූ තරුණයෙක් පිළිබඳ පුවතක් ගම්පහ දිස්ත‍්‍රික්කයේ ගම්මානයකින් වාර්තා වේ.
පොලිස් පිරිසක් මේ ගම්මානයට ගියේ මත්කුඩු උරන තරුණ පිරිසක් ඉන්නා බවට ලත් තොරතුරක් අනුවය.
සැකකරුවන් දෙතුන්දෙනකු අල්ලා ගත්තත් මේ කණ්ඩායමේ නායකයා අල්ලා ගැනීමට බැරිවිය. පිරිසේ නායක නිලධාරියා සැකකරුවන් සමග නිලධාරීන් පිටත් කර හැරියේ ඔවුන් ළඟ තබාගෙන සිටීම අපහසු නිසාය.
කණ්ඩායම බාර නිලධාරියා සගයකු සමග යද්දී තවත් සැකකරුවෙකු අල්ලා ගැනීමට හැකිවූ අතර පිරිසේ නායකයා වෙල් යායේ ඇනිකට් එක අසල කුඩු උරමින් ඉන්නා බව දැනගත් නිලධාරියා එහි ගියේය.
පොලිස් නිලධාරින් දෙන්නා දුටු ප‍්‍රධාන සැකකරු දිය ඇළට පැන්නේ පොලීසියෙන් ගැලවෙන්නටය. සිතුවාටත් වඩා ජල පහර සැර නිසා ඔහුට එහි රැුඳී සිටීම අපහසු විය. ඒ බව දුටු පොලිස් නිලධාරියා ජීවිතය බේරාගැනීමට නම් ගොඩට එන්නැයි ඔහුට කීවේය.
අනේ සර්, දියේ ගහගෙන ගිහින් මළත් ගොඩ නම් එන්න බැහැ. සර්ලා මට නඩු දානවනේ.
අනතුරුව පොලිස් නිලධාරියා ක‍්‍රියාත්මක විය. දියට පැන්නේය. සැකකරු අල්ලා ගොඩට ගෙන ආයේ ඔහුගේ දිවි බේරන අදහසිනි. ඔහු සිටි තැන තිබූ තහනම් මත්ද්‍රව්‍ය ආදියද බාරයට ගත්තේය. පොලිසියට ගෙනවිත් නඩුවක් පවරා අධිකරණයට ඉදිරිපත් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උරණ යයි බෙදන යයි විතරක් නෙමේ මේ රටට ඔය ජරාව ගෙන්වන අපරාද කාරයෝ නවත්තන්න.(නදී)
අපි මොනවා කී වත් කුඩු ගහන එකා තමයි එකේ රස දන්නේ. එහෙම නේද ආයුබෝවන්.(නදී)
කුඩු ව්‍යාපාරිකයන් ද අත්අඩංගුවට ගන්න. (ත)
කුඩු උරන අය අල්ලනවා. කුඩු ගෙන්වන අය අල්ලන්නේ නෑ. (ත)
කුඩු ගෙන්වන අයගෙන් වාසි තියෙන නිසාද දන්නේ නෑ අල්ලන්නේ නැත්තේ. (ත)
කුඩු ගෙන්වීමෙන් ඇතැම් දේශපාලනඥයන්ගේ මඩිය සරුවේ. කුඩු බොන වුන් අල්ලා දඩ ගැසීමෙන් රජයේ ආදායම සරුවේ. (ත)
කුඩු උරණ ඔය පොඩි අසරනයන්ව අල්ලන්නේ නැතුව,අල්ලන්නි ඕන ලංකාවට කුඩු තොග වශයෙන් පිටින් ගෙන්වන අයව. (අ)
කුඩු ගෙන්වන කෙනා පගාව දී ගොඩ යයි ලියුම් දෙන එකා නිදහසේ ගෙදර යයි . පොලිටික්කා කුඩු මුදලින් ඡන්දය දිනයි .කුඩු බොන එකා හිරගෙදරින් එලොවට යයි.(නදී)
ඔය වගේ අර කන්ටෙනේර් එක ගෙනාව අයවත් අල්ලන්නකෝ රාළහාමි.(නදී)
පොලිසියට අහුවෙනවාට වඩා ගගේ පනිනවා හොදයි කියලා හිතෙන්න ඇති (දී)
අනේ අපේ රටට වෙච්ච දෙයක් (දී)
මේ මිනිහට ගහල ඇඟේ ඈට කඩන්න තිබුනේ (දී)
ගුණරත්නගේ කියමනට මාත් එකඟයි. (ත)