අනුරාධපුර පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පාලිත නිශ්ශංක මහතා රාජකාරි අවශ්‍යතාවක් සඳහා ගුවන් විදුලි පණිවිඩ හුවමාරු රථයෙන් අනුරාධපුර ඇල්ල හරහා කුරුණෑගල පාරේ ශ‍්‍රාවස්තිපුර පහේ ඇළ ප‍්‍රදේශයට පසුගියදා (28) සවස ගියේය. රථය පාර අයිනේ නවතා තිබිය දී අනුරාධපුර දෙස සිට පොලිස් නිලධාරීහු දෙදෙනෙක් තලාව දෙසට යතුරුපැදියකින් යමින් සිටියහ. ස්ථානාධිපති ඒ දෙස බලා සිටි අවස්ථාවේම තවත් යතුරුපැදියක් ඊට පිටුපසින් ආවේය. ඒ යතුරුපැදියේ ද දෙදෙනෙක් ගමන් කළහ. පිටුපස වාඩිවී සිටි තැනැත්තාට හෙල්මට් තිබුණේ නැත. යතුරුපැදිය පැදිකරුට හෙල්මටයක් තිබිණි. ඔහු එය ගලවා පසෙක තිබූ බහාලනයකට දැම්මේය. ඒ සමග යතුරුපැදියේ වේගය වැඩි කර ඉදිරියෙන් ගිය පොලිස් නිලධාරීන්ගේ යතුරුපැදිය ද පසු කර යන්නට විය. පොලිස් ස්ථානාධිපති රථවාහන මාර්ග පරීක්ෂාවේ යොදවා සිටි පොලිස් යතුරුපැදියක නිලධාරීනට ගුවන් විදුලි සංඥා පණිවිඩයක් දී මෙම යතුරුපැදිය නවත්වා ගත්තේය. යතුරුපැදිය පොලිසිය බාරයට ගත් ස්ථානාධිපතිවරයා එය පැදවූ තැනැත්තාගේ රියදුරු බලපත‍්‍රය හා අනෙකුත් ලියකියවිලි පිරික්සුවේය. ඒවා නිසි ලෙස තිබුණත් යතුරුපැදිකරු බීමත්ව සිටි බව ස්ථානාධිපතිවරයාට සැකයක් ඇති විය. මේ නිසා ඔහු අත්අඩංගුවට ගෙන පොලිස් රථයට නංවා ගත්තේය. පොලිස් නිලධාරියා සමග වාද කරමින් රථයට ගොඩවී සිටි යතුරුපැදිකරු එක් වරම රථයේ අනෙක් පැත්තේ දොර ඇර එළියට පැන අසල වෙල් යාය හරහා දුවන්නට විය. පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ද සැණෙකින් ඔහු පසුපස ලූහුබැඳ ගියහ. යතුරුපැදිකරු නිලධාරීන්ගෙන් බේරී යාමට උත්සාහ ගත්තේය. ඒ අතරතුර දී ඔහු ඇඳ සිටි සරම ගැලවී බිම වැටිණි. යට ඇඳුමක් නොමැතිවම උපන් ඇඳුමෙන් ඔහු දිවුවේය. ඒත් ඔහුගේ වේගයට වඩා පොලිසියේ දෙන්නාගේ වේගය වැඩි වූයෙන් ඔහු අල්ලා ගත හැකි විය. අවට සිටි බොහෝ පිරිසක් මෙම සිද්ධිය චිත‍්‍රපට දර්ශනයක් සේ දැක බලා ගත්හ. සැකකරුට පොලිස් ඇප නියම කර මුදා හැරි අතර අද (30) දිනයේ අනුරාධපුර මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට නියමිතය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක නම් ඇත්තක් වගෙයි නේද? (නි)
"අනුරාධපුරයේ කාන්තාවන්ට හොද දර්ශනයක් බලාගන්න පුලුවන් වෙන්න ඇති." වරුණ, බදාගෙන කන්න ඕනෑ නැහැ. බෙදාගෙන කන්නත් එක්ක ඔන්න ඔහේ ඡායාරූප ටික අසැබි වෙබ් අඩවියක එකක දාන්න. මූණත් එක්ක දාන්න මතක ඇතුව හොදේ.! (නි)
ඇදුම් නැතුව දුවන්නත් දැන් අවසරපත් ගන්න ඕනැද? (නි)
මේවගේ දේවල් තමයි අපේ පොලිසියට කරන්න පුළුවං.. අපරාධකරුවන් පොලිසියට ගල්වලිනුත් ගහනවා.. අනේ කාලේ වනේ වාසේ...!!(නු)
අවුගාණේ අමුඩය වත් තිබුණා නම් මේ අකිලලාට, සජීලට ලැජ්ජා හිතෙන්නේ නෑනේ. (නි)
ඔහොම තමයි පොලිසියෙ කෙරුවාවල්.. (නු)
මට නම් ලැජ්ජාවේ බෑ අප්පා ....
තුසිතටයි, කැතීටයි ඕනෑ නම් මගේ ඡායාරූපයක් එවන්නම්. (නි)
සංජු , ඔයා දැන් ඔහොම කිව්වට , ෆොටෝ පෙන්නුවොත් ?(වි)
සරා ගොයියා හරි මිනිහා...(ස)
ඔය නිශ්ශන්කටත් පිස්සු (දී)
මටනම් ලැජ්ජාවේ බෑ අප්පා ....(ස)
චී........ අනේ ඔයාලට ලැජ්ජා නැද්ද? (නි)
චිත්‍රපටියක් වගේ තියෙන්න ඇති නේද? ඡායාරූප නැද්ද අපිට බලන්න. (නි)
ඔක්කොම වෙන්නේ දුප්පතුන්ට...(ස)
මට නම් මේ මනුස්සයා එක්ක පුදුම තරහක් එන්නේ. ඇයි එයාට පොලිසියට වැඩිය වේගයෙන් දුවන්න බැරි වුණේ? (නි)
ආ.......... මේ තියෙන්නේ නිදිමත නැති ප්‍රවෘත්තියක්. (නි)
සරා ගොයියා ආයෙත් ඉපදිලාද දන්නේ නෑ....(ස)
අන්න ඒක නම් නියම පුවතක් (දී)
මේ සිද්දියේ ඡායාරූප නැද්ද ? (දී)
අනුරාධපුරේ ඉන්න කාන්තාවන් භය වෙලා බලන් හිටියලු. (නි)
සමහර අය ඇදුම් ඇදගෙනත් නිරුවත් වැඩ කරද්දී මේකේ ඇති ප්‍රශ්නයක් නැහැ. (නි)