යතුරුපැදිකරුවකු තම යතුරුපැදියේ පිටුපස ආසනයේ හිස් වැසුම් පැළඳ නොසිටි පුද්ගලයකු වාඩි කර ගෙන ගොස් දඩ කෑ පුවතක් බේරුවල ප්‍රදේශයෙන් අසන්නට ලැබිණි.
යතුරුපැදිකරුවකු කිසියම් අවශ්‍යතාවයක් සඳහා බේරුවල පොලිසියට ගොස් ඇත. ඔහු සමග යතුරුපැදියේ තවත් අයකු ගමන් කර ඇති අතර ඔහු සමග යතුරුපැදියේ පිටුපස ආසනයේ ගිය පුද්ගලයා හිස් වැසුමක් පැළඳ සිටියේ නැත.
එය දුටු පොලිස් නිලධාරීන් ඒ මොහොතේම හිස් වැසුමක් පැළඳ නොසිටීමේ වරදට දඩ පත්‍රිකාවක් නිකුත් කර දැඩි ලෙස අවවාද කර තිබේ.
පසුව වරද පිළිගත් යතුරුපැදිකරු සහ පිටුපසින් පැමිණි පුද්ගලයා වරදට සමාව අයැද පැමිණි කාරණය පසෙකලා දඩ ගෙවීමට තැපැල් කාර්යාලය වෙත ගොස් ඇත.
(අලුත්ගම විශේෂ - තුසිත කුමාර ද සිල්වා)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩේ නම් අන්තිමයි. ඉතින් පොලිසිය ගැන කොහොමද ප්‍රසාදයක් මිනිස්සුන්ගේ හිත්වල ඇතිවන්නේ. (බ)
මේකේ කිසි වැරැද්දක් පේන්න නැහැ. නිතිය හරියට ක්‍රියාත්මක කරලා. ලංකාවේ මිනිස්සු නිතිය සෙල්ලමකට අරගෙන නිසා මේකේ වැරැද්දක් පෙන්නන හදනවා (බ)
මම ළඟදී ලංකාවේ සති දෙකක් ඉඳලා වාහන පදවා අාවේ. ඉතින් ලංකාවේ පොලිස් රාළහාමිලා ගැන නම් කියලා වැඩක් නැහැ. හරි හොඳයි (නි)
ඔය ඔක්කොම නීති සිංහල මිනිසුන්ට විතරයි..අම්පාරේ , මඩකලපුවේ පැත්තේ එකෙක් වත් හෙල්මට් දන්නෑ.(අ)
මම මේසැරේ නිවාඩුවට ගිය වෙලාවේ වුවමනාවකට පැලියගොඩ පොලිසියට ගියා. ගේට්ටුවේ හිටිය රාලහාමි කෙනෙක් මගේ කැප් තොප්පිය ගලවලා ඇතුල් වෙන්න කිව්වා. මල හත්තිලව්වයි මට හිතුනා මොකක්ද මේ වුනේ මට වැරදිලා පන්සලට වත් ආවද කියලා. පස්සේ මම ඇහුවා සපත්තු ගෙන ගියාට කමක් නැද්ද කියලා. අන්තිමට රාලහාමිට තරහ ගියා, මම කිව්වේ තමුසෙට තොප්පිය ගලවන්න කියලා ළඟටත් ආවා. ගුටි කන පොටක් පාදීගෙන එන බව තේරුනා නිසා මම හිනා වෙලා ඇහුවා තොප්පිය ගලවලා ඇතුල් වෙන්නේ පන්සලකට නේ එකයි ඇහුවේ. මේ තමුසෙට ඇතුලට යන්න ඕන නම් ඕක ගලවනවා. කිව්වා .(බ)
සමන්තුරේ පැත්තේ කියල වෙන්න ඇති හිතාගෙන යන්න ඇත්තේ .අර හෙල්මෙට් දාන්න ඕනේ නැති ජීවීන් ඉන්නේ .(බ)
මෙහෙම ඉතින්, පාට කන්නාඩි ගලවල බැලුවොත් නම් හරියට පෙනෙයි කාට කාටත්.(රේ)
නරක වෙලාව තමයි (නි)