(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
ආරක්ෂක හිස් වැසුමක් පැළඳගෙන තවත් පුද්ගලයකු සමග පන්සලේ දාන ශාලාවට හදිසියේ ඇතුළු වූ තරුණයකු දානය වළඳමින් සිටි භික්ෂුන් වහන්සේලාට දන් බෙදූ පුවතක් සියනෑවේ ගම්මානයකින් වාර්තාවිය.
කොළඹ - නුවර පාරට ආසන්න ගම්මානයක විහාරස්ථානයකි. වේලාව මධ්‍යහ්නට ආසන්නය. විහාරාධිපති හිමියෝ ගෝල හිමිවරුන් කැටිව දාන ශාලාවට ගියේ ඉර අවරට යනු පෙර දන් වැළඳීම සඳහාය.
සංඝරත්නය දන් වළඳමින් සිටිය දී පෑල දොරින් තරුණයන් දෙදෙනකු ඇතුළුවූයේ හති දමමිනි. ඔවුන් යතුරුපැදියකින් ආ බවට පැහැදිලි වූයේ එක් අයකු ආරක්ෂිත හිස් වැසුමක් පැළඳ සිටි නිසාය. දෙදෙනා භික්ෂුන් වහන්සේ දානය ප්‍රමාණවත් බවට සංඥා කරද්දීත් දානය බෙදීම මහත් කරදයක් සේ පෙනුණි. එහෙත් මහ සඟරුවන ඒ බව නොපවසා කරදරය ඉවසාගෙන දන් වැළඳීමේ යෙදී සිටියහ.
නිල ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් දෙන්නකු මේ අවස්ථාවේ දන් ශාලාවට පිටුපස දොරටුව අසලට පැමිණි මේ සියල්ල බලා සිටිනවා නායක හිමියන්ට පෙනුණි. ගමේ තරුණයන් දෙන්නා කිසියම් වැරැද්දක් නිසා පොලිසිය මගහැරීමට මෙසේ දන් බෙදන්නට වූ බව තේරුම් ගත්තේය. පොලිස් අණ නොතකා ගිය දෙන්නා ගමන්ගත් යතුරුපැදිය පන්සල් බිමේ නවතා තිබෙනු දැකීම නිසා ඔවුන් සොයා මෙසේ පන්සලට පැමිණ තිබිණ. දානය වළඳා අවසන් වූ නායක හිමියෝ මහත්තයලාත් එන්න බත් කටක් කන්නැයි පොලිස් නිලධාරීන්ට පවසා ළමයිනේ මේ මහත්තයලාට හොඳින් සංග්‍රහ කරපල්ලයි තරුණයන් දෙන්නාට කියා ආවාස ගෙය දෙසට පිය මැන්නේය.
ඔවුන් ද නායක හිමියන්ගේ උපදෙස් පරිදි පොලිස් නිලධාරීන් දෙන්නාට සංග්‍රහ කරනු ලැබ ඇත්තේ බියෙන් පසුවෙමින්ය. ආහාරගත් පොලිස් නිලධාරීන් මීට පස්සේවත් හෙල්මට් දාගෙන පලයල්ලා නවත්වන්න කිව්වාම නවත්වන්නත් දැනගනිල්ලා. අදට නායක හාමුදුරුවෝ හින්දා බේරුණා’යි පවසා පිටව යද්දී තරුණයන් දෙන්නා සැනසුම් සුසුමක් හෙලුවත් සියල්ල අසා සිටි නායක හිමියන් පැමිණ පැවැත්වූ දෝස් මුරය අසා සිටියේ වෙව්ළමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ඔය වැඩේට තමයි මා කැමති නැත්තේ. මේ තරුණයින් දෙන්නා නිදහස් කර හැරිය එක වැරදියි. පොලිස් නිලධාරීන් කෑම කා අවසන් කර හෝ නීතිය ක්‍රියාත්මක කරන්න තිබුනා. මෙන්න මේ වැඩ නිසා තමයි අපේ මිනිසුන් නීතියෙන් රිංගන්න උප්පරවැට්ටි දාන්නේ. (අ)
නැහැ .. නායක හාමුදුරුවෝ කල වැඩේ ඉතාම හොඳයි . ඉතා බුද්ධිමත් නායක හාමුදුරු නමක් බව හිතාගන්න පුළුවන් .හෙල්මට් නැතුව හදිසියකට බයිසිකලයක් පදින එක මහා ලොකු වරදක් නෙමෙයි . හාමුදුරුවෝ අවවාද කල එක ඉතාම වටිනවා . (හේ)
දඩ ගහල නිතිය හමුවට පමුනුවට වඩා බරපතලයි මේ දඬුවම , ජිවිත කාලෙටම මේ වරද මේ දෙන්න කරන එකක් නැහැ (බ)
ඇත්තටම පිට බද්දර ජයා කිව්වදේ නම් සහතික ඇත්ත. (ර)
දඩ කොලයකට වඩා මෙම දඩුවම හොදා. (ර)
මෙහි එන තරුනයන් යම් කිසි සුලු වරදක් කර ඇතත් මෙම කථාන්තරය තුල මා නම් දකින්නේ අපූරු සුන්දරත්වයක්. පරිනත වූ නායක හාමුදුරුවන්ගේ බුද්ධිමත් ක්‍රියාකලාපය සියල්ල ඉතා හොදින් විසදනු ලබනවා. දානය බෙදීමෙන් තරුනයනුත් පන්සලෙන් බත් කටක් කෑමෙන් පොලිස් නිලධාරීනුත් සොම්නස් සහගත සිතින් කුසලයක් අත්පත් කරගන්නට අත. (ර)
මම හිතන්නේ දෙන්න ඕන හොඳම දඬුවම තමයි මේ නායක හාමුදුරුවෝ දීලා තියෙන්නේ කියලා. (ර)
පව් නේද? පොඩි කොල්ලෝ දෙන්නෙක් නිසා අත්හැර දාපු එක හොඳයි. (නි)
ඔව් ටානියා, මටත් හිතෙනවා මේ දෙන්නා ඒ වෙලාවේ හරි බයෙන් ඉන්න ඇත්තේ කියලා. මටත් පව් කියලා හිතුනා ඔයා කියනවා වගේම. (නි)
කොහොමින් හරි පොලිස් නිලධාරීන්ගේ ඒ සුන්දර බලාපොරොත්තුව හිතුවටත් වැඩිය හොඳින් ඉෂ්ඨ උනා. පේනවනේ,ඒ ටිකිරි මොළ වල තරම? (අ)
කොහමද පොලිසිය ගැන විස්වාස කරන්නේ? පේනවනේ ඇබිලිපිටියේ මරණය ගැන තීන්දු තීරණ වල හැටි.(අ)