නිවාඩු දිනක ආයතනයට පැමිණි නිලධාරිනියක් ආරක්ෂක නිලධාරියාට පූසෙක් බාරදී ‘‘හෙට හවස මම එනකන් මෙයාව බලාගන්න. මේ කිරිපිටි පැකට් එක මෙයාට රටින්මයි ගෙනාවේ. මේවා හදලා දෙන්න” යැයි කීවාය.
පැකට්ටුවේ පූසකුගේ මුහුණ යොදා කැට් මිල්ක් පවුඩර් යනුවෙන් සඳහන් විය. රාත‍්‍රියේ වෙනත් ස්ථාන භාර නිලධාරියෙක් පැමිණ ‘‘මේ ලස්සන පූසා කාගේදැයි” විමසීය. ‘‘ඔෆිස් එකේ මිස් කෙනෙක්ගේ” ආරක්ෂක නිලධාරියා කීය.
රාත‍්‍රියේදී තේ සාදන විට ස්ථාන භාර නිලධාරි ‘‘කිරිපිටි නැද්දැයි” විමසීය. ‘‘අපි හැමදාම බොන්නේ ප්ලේන් ටී” ආරක්ෂක නිලධාරියා පැවසීය. පූසාට ගෙනා කිරිපිටි පැකට්ටුව දුටු නිලධාරියා, ‘‘ ඕකෙන් හැඳි දෙකක් තේ එකට දාන්න” යැයි පැවසූවිට ‘‘ ඕවා පූසන්ටම හදපු කිරි වර්ගයක්. මිනිස්සුන්ට හොඳ නැතිව ඇති” ආරක්ෂක නිලධාරියා කීය. කෙසේ හෝ ඔහුගේ පෙරැුත්තයට පිටි හැඳි දෙකක් තේ එකට දැමීමට ආරක්ෂක නිලධාරියාට සිදුවිය.
‘‘මෙයා නම් පෙරේතයෙක්. හොඳ වැඩක් කරන්නම්” තමාටම කියාගත් ආරක්ෂක නිලධාරියා ‘‘සර් පොඩි හාන්සියක් දාන්න. මම ඉන්නවානේ” යැයි කීය. පුටුවේ හාන්සි වූ නිලධාරියා මොහොතකින් ගොරවන්නට විය. පැයකින් ඔහුව අවදි කළ ආරක්ෂක නිලධාරියා. ‘‘සර් සර් මොකද ඤාව් ගාන්නේ” යැයි විමසීය. මොන පිස්සු ද වෙන්න බැහැ. ඔහු එසේ පැවසුවත් හිතට චකිතයක් දැනිණි.
‘‘මේවා පූසියන්ගෙන් දොවාගත් කිරි ද දන්නැහැ”යි සිතමින් නැවත නිදාගත්තත් ආරක්ෂක නිලධාරියා විටින්විට ඔහුව අවදි කළේ ‘‘ඔන්න සර් ආයෙත් ඤාව් ගෑවා” යි කියමිනි. එළිය වැටෙද්දී නිලධාරියා රෝහලේ පෝලිමේ දකින්නට ලැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආරක්ෂක නිලධාරියාට නියම මොළයක් තියෙන්නේ. හිනා යනවා. (නි)
ඔන්න මොළේ ඇති මිනිස්සු... (නි)
කිරි පිටි හොයපු එක හොදයි.වෙන මත්වෙන ජාති හොයන්නේ නැතුව.(ම)
අනේ හැබෑට මෙහෙමත් මිනිස්සු (නි)
කලකට පස්සේ ඇත්තටම හිනාවුණා (බ)
පුදුමයි ලස්සනයි පුසාව හොරෙන් ගෙදර අරන් ගියේ නැති එක ! (ම)
ලංකාවේ මාලදිවයින් ජනපති කෙනෙක් බත්තරමුල්ල පැත්තේ ගෙයක් කුලියට අරන් හිටියා. ගෙදරට හොරුපැනලා පූසන්ගේ අහාර ටින් උයාගෙන කාලා ගිහින් තිබ්බා (බ)
පූසාගේ ආහාරය මිනිස්සු උදුරා ගන්න එක පව් වැඩක්. (ම)
මට නම් පවු කියල හිතෙනවා (ම)
පස්සේ නම ප්‍රසිද්ධ වෙන්න ඇති "ඤාව්" කියලා. ඇත්තටම හිනා ගියා (නි)
හාහ් ... හාහ්....හා......නියමයි (බ)
දැන් හැමෝටම රූපවතී , චන්දි එහෙම අමතක වෙලාම ගිහින් නේද? පවු, ලියනතුරුම අපිව හිනැස්සුවා. නැවත ලියන්න එන්න අප සමඟ සුහදව (නි)
නියම වැඩක් (නි)
නියමයි හොද වැඩක් (ම)
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)