ගමේ තරුණ පිරිසක් සමග ඡන්ද පෝස්ටර් අලවන්නට ගිය ප‍්‍රධාන පක්‍ෂයක ආධාරකරුවකු පෝස්ටර් මිටිය හිසට තබාගෙන කිතුල් ගසක් පාමුල මරනිින්දේ පසුවූ බව කියන පුවතක් වියලූවේ ගම්මානයකින් වාර්තාවේ.
සිද්ධිය මෙසේය.
මේ වන විට ඌව පළාත් සභා මැතිවරණය සඳහා දින නියම කොට ඇති අතර මැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින අපේක්‍ෂකයෝ ගම් නියම්ගම් පීරමින් මනාප සටනේ නිරතවී සිටිති.
ඇතැමෙක් සිය ආධාරකරුවන් ලවා තම ඡායාරූපය, අංකය හා පක්‍ෂ ලාංඡුනය රැුගත් පෝස්ටර් ගහක් ගලක් ගානේ අලවති. මෙවර ඌව පළාත් සභා මැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින ප‍්‍රධාන දේශපාලන පක්‍ෂයක එක්තරා අපේක්‍ෂකයකුගේ ආධාරකරුවෝ පිරිසක්ද පසුගියදා තම හිතවතාගේ ඡන්ද පෝස්ටර් ඇලවීම සඳහා ඉදිරිපත් වූයේ ඔහුට උදවු කිරීමෙන් අනාගතයේදී යම් සේවාවක් කර ගැනීමේ අටියෙනි. පාප්ප බාල්දියත් පෝස්ටර් මිටි කිහිපයකුත් රැගෙන මහ මග දිගේ යන තරුණ පිරිස දුටු ප‍්‍රදේශයේ වයස්ගත පුද්ගලයකුද මෙම තරුණ පිරිසට එක්වූයේ තමා කලෙක සිටම අදාළ පක්‍ෂයට මෙන්ම එම ඡුන්ද අපේක්‍ෂකයාට ද තමා තුළ ඇති ලෙන්ගතුකම ගැන තරුණ පිරිසට පවසමිනි.
තරුණයන්ගෙන් පෝස්ටර් මිටියක් උදුරාගත් ඔහුද තරුණ පිරිස හා කරට කර සිටිමින් ඔවුන්ට උදවු උපකාර කළේ අපේක්‍ෂකයාගේ ජයග‍්‍රහණයෙන් පසු තමාට ද උදව්වක් ලබා දෙන්නැයි තරුණ පිරිසගෙන් ඉල්ලීමක් ද කරමිනි.
ගතවූයේ සුළු මොහොතකි. පෝස්්ටර් මිටියක් රැුගෙන පිටුපසින් ආ මේ වැඩි මහල් පුද්ගලයා අතුරුදන්ව ඇති බව තරුණ පිරිසට දැක ගන්නට ලැබිණි. ඒ වන විටත් හතර වටින්ම අඳුර වැටෙමින් තිබූ නිසා ඔහු එනතුරු නොසිටි තරුණ පිරිස තවත් පැය කීපයක් සිය කටයුත්ත සඳහා වැයකොට එකිනෙකාගෙන් සමුගත්තේ නිවෙස්වලට යාමේ අටියෙනි.
මේ කණ්ඩායමේ එක් තරුණයකුගෙන් නිවෙසට යන මාර්ගය වැටී තිබුණේ දිය කඳුරක් ඔස්සේය. හුදෙකලාව යමින් සිටි ඔහුට එක්වරම සිහින් කෙඳිරිලි හඬක් ඇසිණි. විපරම් කර බලත්ම ඔහුට දැන ගන්නට ලැබුණේ පැය කීපයකට පෙර තමන් සමග එක්ව පෝස්ටර් ඇලවූ වැඩිහිටියා පෝස්ටර් මිටියත් හිසට තබා මර නින්දේ පසුවන ආකාරයයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඒ පුද්ගලයාට කියන්න නම් ගොඩක් හේතු ඇති (නි)
නුඹ ඇමතියෙක් වී ලැබගෙන මුල් පුටුව. සීහිනෙන් දුටුවාද ඉන්නා ගරු සරුව. පෝස්ටරය හිස යට කොට්ටය කෙරුවා. නුඹ නම් අගෙයි රටකරවන්නට මැලිවා (නදී)
ලොක්කට බත් පාර්සලයක් එක්ක බෝතලයක් ලැබුනාවද්ද? (නි)
ආයේ දෙකක් නැහැ, කිතුලකට නගින්න ඇති තණකොළ ටිකක් කපාගන්න. (නි)
තන කොළ ඩිංගක් කපන්න හිතුනා ගහ උඩට යන්න // තන කොළ නැහැ ගහ මුදුනේ // එ්කයි මෙතන ඇල උනේ (නදී)
නින්ද ගිය එකම හොදයි .., මොකද මම අකමැතිම මාතෘකාවක් තමයි ''ඡන්දය '' (ස)
පවු. නිදිමතක් එන්න ඇති (නි)
ඔය නින්ද හොදයි. දින්නට පස්සේ මුකුත්ම හබ්බෙවෙන්නේ නැහැනේ. (නදී)
දැන් අලුත්ම ලෙඩේ තමයි හොර කමේ ගියාම "ගස් යට නින්ද යෑම "මහා පරිමාණයෙන් හොර කම් කරන හොරුන්ටත් නින්ද යනවා නම්, පොලිසියට කොයි තරම් පහසුද. (නදී)
කිතුල් ගහ මුල නිදා ගත්තු මිනිසාටද කියන්න පිළිතුරක් ඇත (නදී)
ලොක්කා කොහෙන්හරි හොදට පදම්වෙන්න ඇති ඔච්චර මර නින්දක් යන්න තරම්.(අ)
දැන් මෙයාට නමක් එහෙම දාලත් ඇති නේද? මොකක්ද දන්නවා නම් කියන්න (නි)
දැන් මෙයාට නමක් එහෙම දාලත් ඇති නේද මොකක්ද දන්නවා නම් කියන්න (නදී)