ඌව පළාතේ එක්තරා ඡුන්ද අපේක්‍ෂකයකු සිය මැතිවරණ පෝස්ටර් ඇලවීමට අවශ්‍ය පාප්ප සාදා ගැනීම සඳහා දුන් පිටි මුලකින් රොටී පුළුස්සාගෙන කෑ බව කියන ආධාරකරුවන් පිරිසක් පිළිබඳ ලංකාදීපයට වාර්තාවේ.
සිද්ධිය මෙසේය.
ඔහු මෙවර පැවැත්වෙන ඌව පළාත් සභා මැතිවරණයේදී එක්තරා දේශපාලන පක්‍ෂයකින් තරග වදින අපේක්‍ෂයෙකි. ඔහු ඉතා අමාරුවෙන් මුද්‍රණය කරගත් පෝස්ටර් මිටිය තම ආධාරයට පැමිණි කීපදෙනකු අත තැබුවේ ඒ සියල්ල ගස් ගල් මත මෙන්ම තාප්පවලද අලවන ලෙස උපදෙස් දෙමිනි.
අවශ්‍ය පාප්ප හදාගන්නට පිටිමුලක් ද ඇඟ රත්කර ගන්නට බෝතලයක් ද ලැබිණි.
පිරිස පෝස්ටර් ඇලවීම ආරම්භ කරන්නට පෙර බෝතලය හිස් කළේ ඉතිරි කාර්යය සඳහා හොඳ ගැම්මක් අවශ්‍ය බව එකිනෙකාට පවසමිනි.
බෝතලයෙන් ඇරඹි සාදය දෙක තුන වූයේ ඊට තවත් කීප දෙනකුත් හවුල් වූ බැවිනි.
අවසානයේ එක් අයකුගෙන් ආවේ අපූරු යෝජනාවකි.
අපි මේ පිටිවලින් රොටි හදමු. යෝජනාවට විරෝධයක් නොවූ තැන පාප්ප හැදිල්ල පසෙක තැබූ පිරිස ඉන් රොටි හදාගෙන කන්නට වූයේ ඕකා දේශපාලනය කරන්නෙත් බං කන්න හොයා ගන්න මිසක් රට දියුණු කරන්න නොවෙයි නේ යැයි එකිනෙකාට කියා ගනිමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇන්ටන් රෝඩ්රිගුගේ ගීතයක් මතක් වුනා රොටී ගැන කියවෙන. (නදී)
ටිරෝන්, ඔබ හරියටම හරි. ඔය අපේ රටේ මාර්ග නීති අකුරටම ක්‍රියාත්මක කරන නිලධාරීන් පගා ගන්නේ සැපවත් ජීවිත ගතකරන්නද? නැහැ. ඒ වගේම තමයි ඔය දේශපාලකයන්ට කොඩිවැල් අදින හා පෝස්ටර් අලවන්න යන පාප්පයෝ. බඩ ගැන විතරයි හිතන්නේ. (නි)
ඇත්තටම ජනතාව නම් එච්චර මෝඩ නැහැ. පිනට කන්නයි බොන්නයි තමයි කෑදර. නිකන් ලැබෙන බත් පැකට් එකට පෙළපාලි යන මිනිස්සු කොච්චර ඉන්නවද අපේ රටේ.(නදී)
නියමයි නරක නැහැ වැඩේ (නදී)
රොටියක් උනත් නොමිලේ කන්න ලැබෙන්නේ ඡන්ද කාලෙටනේ. අපේ ජනතාව මෝඩමත් නැහැ (නදී)
දැක්කද ඌව පළාතේ ඉන්නේ දක්ෂ වැඩකාරයෝ! (නි)
චන්ද දායකයාගේ මූලික අවශ්‍යතාවය ගැන චන්දෙ ඉල්ලන අයට පහදලා දෙන්න මීට වඩා උදාහරණ ඕනෙද...? (නදී)
ඡන්ද අපේක්ෂකයාටත් අන්තිමට කන්න වෙන්නේ රොටි තමා (නදී)
රේමන් මත් පැන් වීසි කරන රටන් ලෝකේ කොහෙවත් අහල තිබෙනවද ? (නදී)
අපේ ගමේ පෝස්ටර් අලවපු කෙනෙක් ගේ දුවට සා පෙළ ගණිතය සාමාර්ථයක් වත් නැහැ. එ්ත් රජයේ ලිපිකාරිණියක්. පෝස්ටර් අලවන අයගේ ළමයෙකුට රැකියාවක් වරදින්නේ කලාතුරකින්. ඒ නිසා තමන්ගේ ළමයාට රැකියාවක් සොයන දෙමව්පියන් ඔක්කොම මේ වැඩේට බස්සා නම් හරි. (නදී)
ධම්මි, එහෙම කියන්න එපා. එදා පොස්ටේර් අලවපු අය, අද ප්‍රාදේශීය සභාවල මන්ත්‍රීවරු වෙලා ඉන්නවා. පෝස්ටර් අලවන්නා පක්ෂයේ ඇප්‍රන්ටිස් තනතුරයි. (නදී)
ලෝකේ සංවර්ධිතම රටේ මිනිස්සු බයිට් එකට හොරෙන් රොටි පුච්චගෙන කන්නේ දේශපාලකයින්ට විහිලුවට වගේ පාඩමක් උගන්වන්න වෙන්න ඇති නේද? (නදී)
එල කිරි වැඩක්. හැම ඡන්දදායකයෙක්ම තේරුම්ගන්න. මේ අය දින්නම අත දුන්න අය ලගට ආවත් ගනන් ගන්නේ නැහැ. එයාලගේ හත්මුතු පරම්පරාවම ගොඩ.(නදී)
මොළය ඇති මිනිස්සු ප්‍රයෝජනයක් ඇති වැඩකට පිටි යොදවලා (නි)
පෝස්ටර් ඈලෙව්වත් ටික වෙලාවකින් වෙනත් පක්ෂ උඩින් අලවනවා. පොලීසියෙන් ගලවනවා ,රොටියක්,කොත්ත රොටියක් ,හදාගෙන කෑම නිවැරැදියි (නදී)
හොද වැඩේ (නදී)
අනේ මන්දා රූපවති, අහක තිබෙන රොටියකට කොහේටහරි වෙලා ඉඳගෙන කෙළ හලනවට වැඩිය වෙනත් අදහසක් ඔයාගේ ඔලුවට ආවේම නැද්ද? මට නම් මේ පුවත දැකලා හිතුනේ මේ විදිහට ගියොත් එහෙම, ඉදිරියේදී බඩගින්න නිවාගන්න මිනිසුන් රොටි නෙමෙයි පාප්පත් කයි කියලයි. ඒ තරමටම බඩු මිල වැඩියි. අපි කන හැටි ළිපා දනියි . (නි)
නියම කට්ටියක්නේ. (නි)
දැන් අපේ රටේ අය බුද්දිමත්. (නදී)
නියම වැඩේ කරලා තියෙන්නේ කමෝන්. (නදී)
රොටී කියන කොට මගෙත් කටට කෙල ඉනුවා. හොද පොල් රොටියක් දෙහි ඇඹුල් සමග ලුනු මිරිසකුයි..! ෂාහ් ..දෙපාරක්ම කෙල ගිලුනා (නදී)
කතාව ඇත්ත. ඡන්ද ව්‍යාපාරය කියන්නේ එ්කටයි. ව්‍යාපාර කරන්නේ ලාබ ලැබීමට මිසක් පින් අනුමෝදන් කරන්න නෙවයිනේ. (නදී)
මෙය සියලු දෙනාට හොඳ පණිවිඩයකි. සියලු දෙනා කළ යුතතේ මෙයයි. මත්පැන් විසිකලා නම් වඩාත් හොදයි. (නදී)
පෝස්ටර් අලවන කට්ටියට පක්ෂයක් නැහැ. ඔවුන් ඕනෑම පක්ෂයකට වැඩ කරනවා බෝතලෙයි බත් මුලයි ලැබෙනවා නම්. මෙතන බෝතලේ ලැබුනට බත් මුල ලැබිලා නැහැනේ එ්කයි පිටි ටිකෙන් රොටී කාලා තියෙන්නේ. (නදී)
තමන්ගේ විරුද්ධ අපේක්ෂකයෙකුගේ තරහකාරයින්ට වැඩේ බාරදුන්නා නම් අවංකව වැඩේ කරගන්න තිබුනනේ. (නි)
පෝස්ටර් ටිකත් බෝතල් පත්තර ගන්න කඩේකට දුන්නා නම් කටගැස්මේ ගාණත් හොයාගන්න තිබුනා. (නි)
තාප්පවල ගානවට වඩා කනවා නම් නරක නැහැ. (නදී)