අයිස්ක‍්‍රීම් වෑන් රථය අසල කුඩා ළමයින් පමණක් නොව වැඩිහිටියෝ ද පිරී සිටියහ. අයිස්ක‍්‍රීම් අලෙවි කළේ පුද්ගලයින් දෙදෙනෙකි. අයකු කෝන්ස් වලට අයිස්ක‍්‍රීම් පුරවමින් සිටි අතර, අනෙකා මුදල් අයකර ඒවා නිකුත් කළේය. සමහරු අයිස්ක‍්‍රීම් හතඅට ඉල්ලූ විට තවත් සමහරු ‘‘අපටත් ඉක්මනට දෙන්නැයි’’ පැවසුවේ අලෙවිකරුට හුස්ම ගන්නවත් ඉඩක් නොතබමිනි.
ඒ අසලට පැමිණි තරුණයින් දෙදෙනෙකි. අයකු ‘‘මට අයිස්ක‍්‍රීම් හතරක් දෙන්නැයි’‘ පැවසුවත්, වටේම ගැණුම්කරුවන් පිරී සිටි නිසා මුලින් ආවේ කවුදැයි අලෙවිකරුට හිතාගත නොහැකි විය. අයිස්ක‍්‍රීම් හතරක් මිල දී ගත් තරුණයා රුපියල් පන්සීයක් දුන්විට රුපියල් තුන්සිය අසූවක් ඉතිරි මුදල් වශයෙන් ලැබිණි. වහාම ඒ මුදලට රුපියල් සීයක් සමගින් සිල්ලර කාසි රුපියල් විස්සක් එකතු කළ තරුණයා ‘‘මට දාහේ කොලයක්ම දෙන්නැයි’’ පැවැසීය.
වටේ කරච්චලය මැද අන්දුන් කුන්දුන් වූ අයිස්ක‍්‍රීම් අලෙවිකරු දෙගිඩියාවෙන් දහසේ නෝට්ටුවක් තරුණයා අත තැබුවේ තවත් අයෙකුට අයිස්ක‍්‍රීම් නිකුත් කරන අතර තුරය. අයිස්ක‍්‍රීම් අලෙවි කරුගේ අවධානය වෙනතකට යොමුවීම නිසා ඔහුට රුපියල් පන්සීයක් අහිමි විය.
මෙම ලියුම්කරු ද අයිස්ක‍්‍රීමයක් මිලදී ගෙන තරුණයින් පසුපස ගියේ වංචාවක් සිදු වී ඇතැයි සැකයක් මතු වූ හෙයිනි. තරුණයෝ දෙදෙනා තවත් දෙදෙනකු සමග අයිස්ක‍්‍රීම් බෙදා ගත්හ. මුදල් ගෙවූ තරුණයා අන් අය අමතා ‘‘තව ටිකකින් සෙනඟ ඉන්න තවත් අයිස්ක‍්‍රීම් වෑන් එකක් ගාවට යමු’’යැයි පැවැසීය.
පොසොන් පෝය දා අනුරාධපුර පූජනීය පෙදෙසේ දී මෙය සිදුවිය.
ක‍්‍රිස්ටෝපර් සීපියන්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවු අහිංසක වෙළෙන්දා! (නි)
මේ වගේ දේවල් එච්චර ගණන් ගන්න එපා. කොලුකමට කරන දේවල් (නි)
උපාලිලා කොලුකමට කරලා තියෙන්නේ හොරකම් වංචා වගෙයි. ඒකයි ඕවට ආවඩන්නේ (නි)
රුවනි, ඔයා අහිංසක වෙළෙන්දෝ දැකලා තියෙනවද? මේ අය පාරිභෝගිකයෝ සූරාගෙන කනවා (නි)
ඉස්සර කතරගම යන කොට අපිට ඉදිරියෙන් තිබුන බසයක වඩේ විකුණන වයසක කෙනෙකුයි පොඩි ලමයෙකුයි වඩේ වික්කා. සමහරු ඒ අයට නොදැනෙන්න බස් එකෙන් එලියට ඇත දම දමා හොරෙන් වඩේ ගත්තා. අපි ලගට ආවේ අපිටත් වඩේ විකුනන්න. අනේ ඒ කුඩේ එකම එක වදයක්වත් තිබුනේ නැහැ. තාත්තයි පුතයි මහා හයියෙන් අඩන්න ගත්ත? අනේ අපි මේවායේ සල්ලි හවසට බේරන්න ඕනේ. තව දවස් තුන හතරකටවත් අපේ පොඩි එවුන්ට පාන් කැල්ලක් වත් අරගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ කියල. උපාලි ඔයාගේ කොලු කමත් අන්න ඒ වගේ . ඒ වගේ තත්වෙක හිටියනම් හොදට දැනේවි. අහිංසකද නැද්ද කියලා. (ර)
මේක එහෙම පිටින්ම වංචාවක් පුරුද්දට කරන සැලසුම් සහගත වැඩක් වගෙයි බලු බැල්මට පෙනෙන්නේ , කුසට දාගන්න දේටනම් හොර බොරු කරනවට වඩා හොඳයි පොළොවේ පස් කන එක, දුක් මහන්සියෙන් උපයා සපයා ගන්න මනුස්සයට එදා දවසටම ලොකු පාඩුවක් වෙලා තියෙන්නේ... (ර)
මේවා කරන්නේ කොලුකමට නොවෙයි, ‘බලුකමට‘. (නි)
මේකත් කොලුකමට කියලා අමතක කරනවා නම්, ඉස්සර දේශපාලයනයට පැමිණි ප්‍රසිද්ධ බලවත් පුතෙක් ඔයවගේම ජනතාවගේ මුදල් හොරකම් කළ එකත් අමතක කරලා දාන එක තමයි හරි. (නි)