කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත
විදුහල් ක්‍රීඩාංගණයේ තණකොළ කැපීමට පරිත්‍යාගයක් ලෙස ලැබූ අලුත්ම තණකොළ කැපීමේ යන්ත්‍රය දින කිහිපයකින්ම වැඩකට නැති පරණ යන්ත්‍රයක් වීමේ අපූරු පුවතක් දකුණු පළාතේ සංචාරක පාරාදීසයකට ප්‍රසිද්ධ නගරයක පාසලකින් අසන්නට ලැබේ.
හොඳ ක්‍රීඩා පිටියකට උරුමකම් කියන පාසලකි. එහෙයින් තණ කොළ කැපීමට අලුත් යන්ත්‍රයක අවශ්‍යතාව තිබුණේ කාලයක පටන්මය. විදුහල්පතිවරයා මේ සම්බන්ධයෙන් දානපතීන් සහ පරිත්‍යාගශීලීන්ද දැනුම්වත් කළේය.
එහි ප්‍රතිඵලයක් ලෙසට විදුහලට තණකොළ කපන යන්ත්‍රයක් ලැබුණේය. එය නවීන පන්නයේ අලුත්ම එකක් විය. විදුහල්පතිවරයා මේ නව යන්ත්‍රය කිහිපවරක්ම අතපත ගෑවේ බොහෝම ආශාවෙනි.
ගතවූයේ දින කිහිපයකි. විදුහල් ක්‍රීඩා පිටියේ තණ කොළ කැපීමට අවැසි විය. තණකොළ කපන සේවකයාට විදුහල්පති අණ ලැබුණේය. ඒ පිටියේ තණ කොළ කැපීමටය. තණකොළ කැපීමට පටන් ගත් ගමන්ම ඔහුට ලොකු වෙනසක් දැනිණි. එදා උත්සවයකින් අනතුරුව විදුහලට ලැබුණු අලුත්ම තණකොළ කපන යන්ත්‍රය මෙය නොවන බවට ඔහුට ඒත්තු ගියේ නිමේෂයකිනි. මේ කතාව කනින් කොනින් විදුහලේම ප්‍රචාරය විය.
මෙම යන්ත්‍රය විදුහල්පතිගේ නිවසේ තණකොළ කපන යන්ත්‍රය බව ඒ ගැන දන්නා අයට රහසක් නොවීය. ඒ සමගම අලුත් යන්ත්‍රය පරණ යන්ත්‍රයකට මාරුවූ පුවත පාසලේ පමණක් නොව ගමේ නගරයේද ප්‍රචාරය වූයේ අනේ මෙහෙමත් විදුහල්පතිවරු යැයි කියමිනි.
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පාසලේ අලුත් තණකොළ මැෂිම ප්‍රින්සිපල්ගේ ගෙදරට රිංගලා
leckmich Friday, 27 January 2023 11:39 PM
ඔයා තණකොළ කපනවට වැඩිය හොඳයි නේද මේ ප්‍රින්සිපල්ටම කිව්වා නම්?
pakeer Saturday, 28 January 2023 12:26 AM
ඔන්න ඕක තමයි ප්‍රශ්නේ... පොඩිඑකාගේ ඉඳන් ලොකු එකාට යනකම්ම.. තමතමන්ට හැකි පමණින් හොරකම් කරනවා... රට ඉබේම හැදෙනවා... තම තමන් හරියට හැදුණා නම්...